චතුරිකා Media Gang වහලා පනී?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    චතුරිකා Media Gang වහලා පනී?

    චතුරිකා සිරිසේනට අයත් කුප්‍රකට මීඩියා ගැන්ග් නමැති ප්‍රචාරක ආයතනයද වසා දැමීමට ඇය හනි හනිකේ සූදානම් වේ. එහි සේවය කළ අයට වෙන රැකියා ස්ථානයක් සොයා ගන්නා ලෙස පවසා ඇති චතුරිකා මීඩියා ගැන්ග් ආයතනය ද වසා මුදල් ටික යටි මඩි ගසා ගැනීමට සූදානම් වේ.

    ඒ කෙසේද යත් මීඩියා ගැන්ග් ආයතනය සිරිසේනගේ සම්බන්ධතා නිසා ලබා ගත් කොන්ත්‍රාත් තම ආයතනයට ඉටුකිරීමට ශක්තියක් නොතිබූ නිසා ඒවා වෙනත් දැන්වීම් ආයතන වෙත උප කොන්ත්‍රාත්තු ලෙස බාර දී තිබේ. වසර 3 හමාරක් ගත වුවද බොහෝ උප කොන්ත්‍රාත් කරුවන්ට ලැබිය යුතු ගෙවීම් ඇය ලබා දී නැත. මේ අනුව “පියා නිසා මට රට යන්න සිදුවුනා” යි පවසා උප කොන්ත්‍රාත්කරුවන්ට පොල්ල තියා මීඩියා ගැන්ග් ආයතනය වසා දමා රට පැනීමේ සූදානමක් පවතී. මේ බව ඉව වැටී ඇති බොහෝ උප කොන්ත්‍රාත්කරුවෝ තම මුදල් ඉල්ලා මීඩියා ගැන්ග් ආයතනය වෙත දිනපතා පැමිණෙමින් සිටිති

    පල්ලෙවත්ත ගමරාළගේ විනාශය අත ලඟ බව පෙනී ඇති කපටි ඩීල් බෑණා වූ තිලිණ සුරංජිත් වේවැල්පනාව පසුගිය වසර 3 තුලදී තමා අයුතු ලෙස උපයා ගත් දේපොල අඩු මුදලකට හෝ ඉක්මනින් විකුණා දමා මුදලුත් රැගෙන විදෙස් රටකට චුත වීමට සැලසුම් කර තිබේ.

    විකිණීමට දමා ඇති එකී දේපොල අතර තිළිණ සුරංජිත්ට අයත් නාවල කොස්වත්තේ ඇති තට්ටු 4 කින් යුත් නිවස ද, ට්‍රිලේනියම් සිටි සුපිරි නිවාස සංකිර්ණයේ පිහිටි නිවස ද, කොළඹ කොල්ලුපිටියේ (කොල්ලුපිටිය ටවුන් හෝල් අතර) පිහිටි සුපිරි නිවස ද වේ.

    තිළින සුරංජිත් ට අයත් දේපොළ බොහොමයක අයිතිකරුවා ලෙස සඳහන් වන්නේ ශෂිමාල් දිසානායක නමැත්තා ය. නැතිනම් ඔහු හවුල් කරුවා ලෙස සඳහන් ය. ශෂිමාල් දිසානායක යනු කැබිනට් අනුමැතියක් ලබා දීම සඳහා ඉන්දියානු ජාතිකයෙකුගෙන් කෝටි 54 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10 කට අඩු කර ඉන් කෝටි 2 ක් අත්තිකාරම් ලෙස අල්ලස් ගැනීමේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය මහානාම සමග අතේ මාට්ටු වූ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක නමැත්තා ගේ පුත්‍රයා ය. තිළින සුරංජිත් මෑතකදී මිලදී ගත් නුවරඑළියේ හෝටලයේ අයිතිකරුවා ලෙස සඳහන් වන්නේ ද ඉහත කී ශෂිමාල් දිසානායක ය.
     

    Similar threads