චතුර අල්විස්

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    http://www.mawbima.lk/54-57295-news-detail.html

    ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණය අංක 2
    0 May 4, 2014 2:00 am Hits(133)

    මාව මැරුවට කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා"

    මේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ව ඝාතනය කිරීමට පෙර පැවැති අවසන් රැලියේදී කියපු කතාවය. ප්‍රේමදාස මෙහෙම කිව්වේ නිකම් නොව තමන් ඉතා අසීරුවෙන් ගොඩනඟාගත් චරිතය විනාශ කර මරා දැමීමට ඒ වෙද්දී රට ඇතුළේ විශාල කුමන්ත්‍රණයක් දියත් වෙමින් පැවතීම නිසාය. මේ කුමන්ත්‍රණයට එදා උඩගෙඩි දුන්නේ ව්‍යාපාරිකයන් ඇතුළු මාධ්‍ය කණ්ඩායමකි. ඉන් ඉදිරියෙන්ම සිටියේ වෙන කවුරුවත් නොව කැසිනෝ ජෝසිම්ය. මොකද මේ රටේ කැසිනෝ නවත්වලා ජෝසිම්ව රටින් පිටුවහල් කිරීමට ප්‍රේමදාස කටයුතු කළ නිසා ප්‍රේමදාස කෙරෙහි ජෝසිම්ට තිබුණේ නයි වෛරයකි. ඒ නිසා ජෝසිම් කළේ පිටරට ඉඳන් ප්‍රේමදාසව දේශපාලන වශයෙන් ඝාතනය කිරීම සඳහා ලංකාවේ මාධ්‍ය ආයතනවලට සල්ලි පොම්ප කිරීමය. ඒ වෙලාවේ ප්‍රේමදාසට එරෙහිව විකල්ප පත්තර තිස් ගණනක් රටේ නැති දේවල් කියමින් මඩ ගහන්න පටන් ගත්තේ මේ කැසිනෝ ජෝසිම්ගේ සල්ලිවල හයිය ඇඟට අරන්ය. අන්තිමේදී මේ මාධ්‍ය ආයතන එකතු වෙලා ප්‍රේමදාසව දේශපාලන වශයෙන් මරා දැමුවාට පසු එල්ටීටීඊය ඒකේ වාසිය අරගෙන 93 මැයි පළමුවැනි දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ප්‍රේමදාසව ඝාතනය කළේය. එසේ එල්ටීටීඊය ප්‍රේමදාසව ඝාතනය කොට අදට හරියටම අවුරුදු 21කි.

    දැන් හරියටම අවුරුදු 21කට පස්සේ ප්‍රේමදාසගේ පුතා වෙච්ච සජිත් ප්‍රේමදාසවත් දේශපාලන වශයෙන් ඝාතනය කරන්නට රට ඇතුළේ විශාල කුමන්ත්‍රණයන් දියත් වෙමින් තිබේ. එදා ප්‍රේමදාසව විනාශ කරන්නට විකල්ප පුවත්පත් කටයුතු කළා සේ අද සජිත්ව විනාශ කරන්නට රට ඇතුළේ කටයුතු කරන්නේ වෙන කවුරුවත් නොව වෙබ් අඩවි මාෆියාවය.
    එදා ප්‍රේමදාසගේ චරිතය විනාශ කරන්න කැසිනෝ රජු වෙච්ච ජෝසිම්ලා මූලික වුණා වගේම අද සජිත්ගේ දේශපාලන චරිතය ඝාතනය කරන්නට මූලික වී ඇත්තේ මුළු රටම දන්නා කියන සූදු අන්තුවෙකි. කොටින්ම කියනවා නම් සූදු අන්තුවකු වෙච්ච මන්ත්‍රිවරයෙකි.

    බංකොලොත් මාධ්‍ය ආයතනයක්ද පවත්වාගෙන යන මේ සූදු අන්තු මන්ත්‍රි අද ඒ බංකොලොත් මාධ්‍ය ආයතනය සම්පූර්ණයෙන්ම යොදවා ඇත්තේ සජිත්ගේ දේශපාලන ජීවිතය විනාශ කරන්නටය. දැඩි ගුප්ත චරිතයක් ලෙස දේශපාලන ලෝකයේ හැඳින්වෙන මේ සූදු අන්තු මන්ත්‍රි පළමුව 94 බලයට පත් වෙච්ච චන්ද්‍රිකාගේ ළඟම හිතෛෂීවන්තයකු ලෙස කටයුතු කළේය. පසුව එල්ටීටීඊය චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගෙදර යැවීමට තීන්දු කරපු අවස්ථාවේ එල්ටීටීඊයේ බළල් අතක් විදියට ආණ්ඩුව ඇතුළේ ඉඳන් පාවිච්චි වුණේ මේ කියන සූදු අන්තු මන්ත්‍රිය. ඒ වෙලාවේ මේ සූදු අන්තු මන්ත්‍රි චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටන්න ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට කෝටි ගණන් සල්ලි දී ආණ්ඩුවෙන් එළියට අරන් එජාපයට හේත්තු කොට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැට්ටවීමට කටයුතු කළේය.
    ඒ විදියට චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැට්ටූ මේ සූදු අන්තු මන්ත්‍රි නිකම් සිටියේ නැත. රනිල්ගේ ආණ්ඩුව එල්ටීටීඊයත් එක්ක සටන් විරාම ගිවිසුම අස්සන් කළාට පසු රනිල්ට හේත්තු වුණු ඔහු වන්නියට ගිහින් එල්ටීටීඊ දේශපාලන අංශ නායක තමිල් සෙල්වන්ව මුණගැසීමට කටයුතු කළේය. තමිල් සෙල්වන්ව හමුවුණු මේ සූදු අන්තුවා කොටි තරුණයන්ට ක්‍රිකට් ගහන්න වන්නියේ ක්‍රීඩා පිටියක් හදන්නට ඔහුත් සමඟ සාකච්ඡා කළේය. ඒ සඳහා බිලියන ගණනක් වැය කරන්නට සූදානම් බවට තමිල් සෙල්වන්ට පොරොන්දුවක් දුන්නේය. හැබැයි මේ සූදු අන්තුවා හා තමිල් සෙල්වම් අතර වෙච්ච සාකච්ඡා හා ගනුදෙනු අදටත් තියෙන්නේ අබිරහසක්වය.

    කොහොම හරි කාලයක් යනවිට රනිල් සටන් විරාම ගිවිසුම උඩට දමා ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා ආරක්ෂිත දැලක් හදාගෙන තමන්ව කොටු කරන්න එන බව එල්ටීටීඊයට වැටහිණි. ඒ අනුව රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න එල්ටීටීඊය තීන්දු කොට ඒ අනුව වැඩ කරද්දී මේ සූදු අන්තුවාද රනිල් ළඟ ඉඳගෙනම හීන් සීරුවේ චන්ද්‍රිකා සමඟ එක්වී රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න වැඩකටයුතු කළේය.
    ඒ විදියට එල්ටීටීඊයේ වුවමනාවට අනුව රනිල්ගේ ආණ්ඩුව 2004දී වැට්ටුවත් 2005 ජනාධිපතිවරණය වන විට මේ සූදු අන්තුවා නැවතත් රනිල්ගේ කකුල් දෙක ළඟට ආවේය. එජාපයේ ආසනයක් ඉල්ලාගෙන ඒ ආවේත් වෙන මොකවත් නිසා නොව දැන් රනිල් ළඟට ගිහින් වැඩ පටන්ගන්නා ලෙස එල්ටීටීඊයෙන් මේ සූදු අන්තුවාට ලැබුණු උපදෙස්වලට අනුවය.

    හැබැයි එල්ටීටීඊය පරාද වෙලා යුද්ධය අවසන් වූවාට පසු මේ සූදු අන්තුවා කළේ හීන් සීරුවේම මහින්දගේ ආණ්ඩුවට පැනීමය. මේ සූදු අන්තුවා එතෙක් එල්ටීටීඊයේ රූකඩයක් ලෙස නැටවෙමින් ඔවුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් සිටියද 2009 වන විට එල්ටීටීඊය කියා දෙයක් නොතිබණෙත් මහින්දගේ කකුල් දෙක ළඟට යන්නට ඔහුට එතරම් අමාරු වූයේ නැත.
    හැබැයි දැන් ආයෙමත් මේ සූදු අන්තුවා එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කරන්නට පටන් අරන් තිබේ. එල්ටීටීඊ ඩයස්පෝරාවෙන් මේ සූදු අන්තුවාට සල්ලි ගලා එන්නට පටන් අරන් තිබේ. ඒ අනුව එල්ටීටීඊ ඩයස්පෝරාවට සෘජුවම සම්බන්ධකම් කියන මේ රටේ වෙබ් මාෆියාව එක්ක යළිත් හවුලේ වැඩ පටන්ගන්නට මේ සූදු අන්තුවා කටයුතු කර තිබේ.

    අද එල්ටීටීඊ ඩයස්පෝරාවේ අංක එකේ න්‍යාය පත්‍රය බවට පත්ව තිබෙන්නේ එල්ටීටීඊය විනාශ කරපු මහින්දගේ ආණ්ඩුව විනාශ කර ඒ පළිය ගැනීමත්, යුද්ධයට සහාය දුන්නු සියලු දෙනා විනාශ කර ඒ පළිය ගැනීමත්ය. ඩයස්පෝරාව සජිත්ට ගහන්නට ලංකාවේ වෙබ් මාෆියාවත්, මේ කියන සූදු අන්තුවාට අයත් මාධ්‍යයත් උපයෝගී කරගත්තේ ඒ අනුවය. මොකද එදා රනිල් ඇතුළු එජාපය යුද්ධය එපා යැයි කියමින් මහින්දගේ කකුලෙන් අදිද්දී සජිත් ඒ මල් වට්ටියට අතගහන්න ගියේ නැත. සජිත් ප්‍රසිද්ධියේම කීවේ එල්ටීටීඊ සංවිධානය විනාශ කළ යුතු යැයි කියාය. ඉතින් අද එල්ටීටීඊ ඩයස්පෝරාවේ අංක එකේ සතුරකු බවට සජිත් පත්ව සිටින්නේ මේ නිසාය. සජිත්ට යූඑන්පීයේ නායකත්වයට එන්න නොදී සජිත් දේශපාලන වශයෙන් විනාශ කිරීමටත්, සජිත්ට ඊළඟ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ඉඩ නොතබා ඔහුගේ චරිතය ඝාතනය කිරීමටත් එල්ටීටීඊ ඩයස්පෝරාවත් ඊට නෑකම් කියන මේ සූදු අන්තුවා හා ඔහුට සම්බන්ධ වෙබ් මාෆියාව හා මාධ්‍යයත් කටයුතු කරන්නේ ඒ නිසාය.

    කෙසේ වෙතත් මේ මෙහෙයුමට එල්ටීටීඊ ඩයස්පෝරාව, සූදු අන්තුවා හා ඔහුගේ වෙබ් මාෆියාව පමණක් නොව දැන් අලුතෙන්ම ඒකට එජාපයේ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා වෙච්ච කරු ජයසූරියවත් පටලවාගෙන තිබේ. හිටිහැටියේම කරු සජිත්ගේ ලොකුම හතුරා බවට පත්ව සිටින්නේ ඒකය. හැබැයි කරුව එල්ටීටීඊ ඩයස්පෝරාවට වුවමනා විදියට, වුවමනා තැනට ගෙනාවේ වෙන කවුරුවත් නොව ලන්ඩනයේ සිට හිටිහැටියේම කරු ළඟට එන ක්‍රිෂාන්ත කුරේ නමැති අබිරහස් පුද්ගලයාය.
    මේ ක්‍රිෂාන්ත කුරේ නමැති පුද්ගලයා ලන්ඩන්වල සිට ලංකාවට පැමිණ මාධ්‍ය ආයතනයක් පටන් අරගෙන පළමුව කරන්නේ මේ රටේ යුද වීරයකු මෙන්ම යුද්ධය දිනන්න කැපවුණු ප්‍රධාන සෙන්පතියාද වූ සරත් ෆොන්සේකාගේ චරිතය විනාශ කිරීමට කටයුතු කිරීමය. ඒ සඳහා මේ කියන ක්‍රිෂාන්ත කුරේ ඉතා පහත් ආකාරයට ෆොන්සේකාගේ පෞද්ගලික ජීවිතය පවා උලුප්පා දක්වමින් දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් සිය පුවත්පත ඇතුළෙන් කරගෙන ගියේය. ඒ වෙලාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්ව ෆොන්සේකා එල්ටීටීඊ බලමුළු විනාශ කරමින් ඉදිරියට යමින් සිටියද ක්‍රිෂාන්ත කුරේ ඒවා තඹයකට මායිම් කළේ නැත.

    ක්‍රිෂාන්ත කුරේට වුවමනා වී තිබුණේ කෙසේ හෝ ෆොන්සේකාගේ මානසික තත්ත්වය කඩා බිඳ දමා එල්ටීටීඊයට වාසි වන විදියේ පසුබිමක් හදන්නටය. කොටින්ම කියනවා නම් යුද්ධය දිනන්න ඔන්න මෙන්න කියා කරුව යූඑන්පී එකට නැවත ගැනීමට තිරය පිටුපස කුමන්ත්‍රණ මෙහෙයුම දියත් කළේද වෙන කවුරුවත් නොව මේ කියන ක්‍රිෂාන්ත කුරේය. මොකද ක්‍රිෂාන්ත කුරේගේ ඔළුවේ තිබ්බේම මහින්ද යුද්ධය පරාද වෙයි කියලාය. එල්ටීටීඊය කොයි වෙලාවේ හෝ ඔළුව උස්සා ආණ්ඩුව ගෙදර යවයි කියලාය.
    හැබැයි මහින්ද යුද්දෙ දින්න ගමන් මෙහේ ඉන්න බැරි බව දැනගත් ක්‍රිෂාන්ත කුරේ නැවතත් රට පැන්නේය. ඒ පැන්න ක්‍රිෂාන්ත කුරේ කෙළින්ම නතරවුණේ වෙන කොහේවත් නොව එල්ටීටීඊ ඩයස්පෝරාව ශක්තිමත් ලන්ඩනයේය. ඉන්පසු දිගු කලකට ලංකාවට නොපැමිණි ක්‍රිෂාන්ත කුරේ ලන්ඩනයේ සිටින ගමන් චැනල් ෆෝ නාළිකාව සමඟත් සමීප සම්බන්ධයක් ඇති කරගත්තේය. ඉන්පසු නැවතත් ලංකාවට පැමිණි ක්‍රිෂාන්ත කෙළින්ම නැවතුණේ කරු ළඟය. එහෙමත් නැත්නම් කරු හරහා යූඑන්පීය ළඟය. ඒ හරහා අද කරුව එල්ටීටීඊ ඩයස්පෝරාවේ බළල් අතක් විදියට පාවිච්චි කිරීමට ක්‍රිෂාන්ත කුරේට හැකියාව ලැබී තිබේ. යූඑන්පීය එල්ටීටීඊ ඩයස්පෝරාවේ ගුබ්බෑයමක් බවට පත් කිරීමට ක්‍රිෂාන්ත කුරේට හැකියාව ලැබී තිබේ. මොකද පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙලාවේ ලංකාවට ආපු චැනල් ෆෝ මාධ්‍ය නඩය හොර පාරෙන් යූඑන්පී මහගෙදර වූ සිරිකොත ඇතුළට එක්කරගෙන ගියේද මේ කියන ක්‍රිෂාන්ත කුරේය. අනෙක් අතට එදා දේශප්‍රේමයයි, ජාතිකාභිමානයයි ගැන කතා කරපු කරු අද යුද අපරාධ ගැන කතා කිරීම දක්වා වෙනස් කිරීම පිටුපස ඉන්නේද මේ කියන ක්‍රිෂාන්ත කුරේ මිස වෙන කවුරුවත් නොවේ.

    හැබැයි කරුමේ කියන්නේ අද සජිත්ට මේ විදියට මඩ ගහන කරුලාත්, ක්‍රිෂාන්ත කුරේලාත් එදා සජිත්ගේ තාත්තා වෙච්ච ප්‍රේමදාස විසින් දේශපාලනයට අරගෙන ආපු අය වීමය. ප්‍රේමදාස මුලින්ම කරුව දේශපාලනයට ගෙනාවේ පෞද්ගලික කරපු රාජ්‍ය ආයතනවල සභාපතිවරයකු ලෙස චරිතයක් කරලාය. ඉන්පසු ප්‍රේමදාස කරුව තානාපතිවරයකු ලෙස පත් කිරීමටද කටයුතු කළේය. කොටින්ම කියනවා නම් දේශපාලන චරිතයක් ලෙස කරු හැදුණේ වැඩුණේ ප්‍රේමදාසට පින් සිද්ධ වෙන්නටය.
    මේ කියන අබිරහස් ක්‍රිෂාන්ත කුරේලාගේ අතීතයත් එසේමය. මොකද ක්‍රිෂාන්ත කුරේගේ බාප්පා වෙච්ච එවන්ස් කුරේ ප්‍රේමදාස ළඟ ප්‍රවෘත්ති ලේකම් විදියට වැඩ කළේය. යන එන මං නැතිව ආතක් පාතක් නැතිව නන්නත්තාරව සිටි එවන්ස් කුරේ චරිතයක් වුණේත් ප්‍රේමදාසට පින් සිද්ධ වෙන්නටය. හැබැයි මේ කියන අබිරහස් ක්‍රිෂාන්ත කුරේ වගේම ඔහුගේ බාප්පා වෙච්ච එවන්ස් කුරේත් ප්‍රේමදාස ඝාතනය සිද්ධ වෙච්ච වෙලාවේ හරි අපූරු කතාවක් කීවේය. එවන්ස් කීවේ ප්‍රේමදාස ඝාතනය සිද්ධ වීමට මොහොතකට පෙර තමන්ට කෝල් එකක් පැමිණි බවත් ඒ කෝල් එක ගැනීමට යෑම හේතුවෙන් තමන්ගේ ජීවිතය බේරුණු බවත්ය. හරියටම ප්‍රේමදාස මැරිච්ච වෙලාවේ එවන්ස්ගේ ජීවිතය බේරන්නට ආ ඒ අබිරහස් කෝල් එක ඇත්තටම අදටත් අබිරහසකි.

    ඒ කෙසේ වෙතත් එල්ටීටීඊ ඩයස්පෝරාව මේ සියලු දෙනා එකතු කරගෙන අද සජිත්ව වට කරගෙන ගහන්නේ වෙන මොකක්වත් නිසා නොව කවදා හරි සජිත් යූඑන්පී එකේ නායකයා වුණොත් කිසිදා යුද අපරාධ පරීක්ෂණවලට අත උස්සන්නේ නැති බව ඔවුන් දන්නා නිසාය. ඒ වගේම යූඑන්පී නායකයා වෙලා රටේ ජනාධිපති වුණොත් කවදාවත් හමුදාවේ කිසිම රණවිරුවෙක්ව යුද අපරාධ චෝදනාවලට පාවලා දෙන්නේ නෑ කියන එකද ඩයස්පෝරාව දනී. දැන්ම තියා සජිත්ට ඒ තැන්වලට එන්න ඉඩ නොදී මේ එල්ටීටීඊ ඩයස්පෝරාව සජිත්ට මඩ ගසන්නට මාධ්‍යවේදීන්ට සල්ලි විසි කරන්නේත් වෙබ් අඩවිවලට සල්ලි පොම්ප කරන්නේත් මේ කියන දිගුකාලීන සැලැස්ම ඔළුවේ තබාගෙනය.
    ඉතින් එල්ටීටීඊ ඩයස්පෝරාවේ සල්ලිවලට කෙළ හල හලා ඉන්න වෙබ් මාෆියාවයි, තුට්ටු දෙකේ මාධ්‍යවේදියොයි සජිත් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යටයි, ඒ මාධ්‍යවේදීන්ටයි "මහින්ද" ලේබලය අලවන්නේ ඩයස්පෝරාවෙන් එන උපදෙස්වලට අනුවය.
    ඒ විදියට එල්ටීටීඊ ඩයස්පෝරාවේ සල්ලිවලට වහ වැටී සජිත්වයි, සජිත්ව ආරක්ෂා කරන මාධ්‍යටයි පහර දෙන ලංකාවේ ඒජන්තයෝ කිහිපදෙනෙක්ද සිටිති. එහි ප්‍රධාන ඒජන්තයා වන්නේ වෙබ් මාෆියාවේ ගෝඩ්ෆාදර් ලෙස හැඳින්වෙන ෆර්ඩිය. මේ කියන වෙබ් මාෆියාවේ ගෝඩ්ෆාදර් ෆර්ඩිට එල්ටීටීඊ ඩයස්පෝරාවෙන් පමණක් නොව වංචා, දූෂණ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් වෙනත් රටවල සැඟව සිටින කෝටිපති හොර ව්‍යාපාරිකයන්ගෙන්ද සල්ලි කඳු පිටින් ලැබේ. එසේ සල්ලි ලබා දෙන හොර ව්‍යාපාරිකයකු වන්නේ මහා වැට් බදු වංචාවේ අංක එකේ මොළකරු ලෙස සැලකෙන කුතුබ්ඩීන්ය.

    මේ කියන වෙබ් මාෆියාවේ ගෝඩ්ෆාදර් ලෙස හැඳින්වෙන ෆර්ඩි ව්‍යාපාරිකයන් හා මිනිසුන් බියවද්දා කප්පම් ගන්නා ක්‍රමවේදය මනාව ප්‍රගුණ කර ඇත්තෙකි. ඒ සඳහා ඔහු පළමුව කරන්නේ මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් හෝ ප්‍රභූ පුද්ගලයන් පිළිබඳ හෝ ඔවුන්ගේ බිරියන් පිළිබඳ හෝ මඩ පුවතක් පළමුව තම වෙබ් අඩවිවල පළ කිරීමය. එසේ කිරීමෙන් අනතුරුව මේ මාෆියාකරුවන් කරන්නේ මඩ ගැසීම නැවැත්වීමට නම් එම පුද්ගලයන්ට කතා කොට ලන්ඩනයේ ඇති තම ගිණුම්වලට කෝටි ගණන් මුදල් තැන්පත් කරන ලෙසට තර්ජන කිරීමය. එසේ නොකළහොත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීම මේ ගෝඩ්ෆාදර්ගේ සම්ප්‍රදායය.
    පසුගිය කාලයේ ප්‍රකට මාධ්‍ය ආයතනයක හිමිකරුවකු සම්බන්ධ පුවතක් පළ කළ මේ වෙබ් මාෆියාකරුවෝ පසුව ඔහුට කතා කොට ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමට නම් කෝටි ගණනක මුදලක් ලබාදිය යුතු බවට තර්ජනය කළහ. මීට අමතරව විපක්ෂයේ ප්‍රබල නායකයකුගේ බිරියක පිළිබඳ අසත්‍ය මඩ පුවත් පළකොට පසුව ඇයට කතා කොට තමන්ගේ ලන්ඩන් ගිණුමට කෝටි ගණනක මුදලක් තැන්පත් නොකරන්නේ නම් දිගටම ඇයට පහර දෙන බවට තර්ජනය කළහ.
    මේ කප්පම් ගැනීම හරියට එදා එල්ටීටීඊය උතුරේ මෙන්ම දකුණේ ව්‍යාපාරිකයන් බියවද්දා කප්පම් ගැරූ ආකාරයට තිතටම සමානය. එල්ටීටීඊය නොමැති තත්ත්වයක් යටතේ ඒ අඩුව මකාලන්නේ මේ වෙබ් මාෆියාකරුවන්ය.

    කප්පම් ගැනීම පමණක් නොව කුඩු ව්‍යාපාරයටත්, ගණිකා ව්‍යාපාරයටත් මේ වෙබ් මාෆියාකරුවන් සම්බන්ධ බව දැන් ලැබෙන අලුත්ම ආරංචියය.
    ඒකේ ඉදිරියෙන්ම ඉන්නේ ලන්ඩනයේ සිට ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන වෙබ් මාෆියාවේ සිටින තවත් ප්‍රබලයෙකි. මේ වෙබ් මාෆියා ප්‍රබලයා ලංකාවේ ගණිකා මඩම් පවත්වාගෙන යන්නේ තමන්ගේ මෑණියන් සහ සහෝදරියන් ලවා බව මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ. තායිලන්තයෙන් මෙරටට ගණිකාවන් ගෙන්වීමේ ව්‍යාපාරයේ ඉහළින්ම සිටින කෙනකු ලෙසද, ගණිකා මඩම් සිද්ධියක් නිසා ව්‍යාපාරිකයකුගේ බිරියක විසින් මොහුගේ සහෝදරියක මරා දමනු ලැබ ඇති බවද ආරංචිය.

    ඊළඟට මේ වෙබ් මාෆියාවේ කප්පම් කල්ලියේ අලුත්ම ගොදුර වී ඇති බවට සැක පහළ වී ඇත්තේ දෙරණ ටීවී නාළිකාවේ වැඩසටහන් මෙහෙයවන චතුර අල්විස් නමැත්තා පිළිබඳවය. සාමාන්‍යයෙන් මඩ වෙබ් අඩවිවල පළවන කිසිදු පුවතක් කිසිදු රූපවාහිනි නාළිකාවකින් හෝ ගුවන්විදුලි නාළිකාවකින් විකාශය නොකරන නමුත් මේ චතුර අල්විස් නමැත්තා මෙම මඩ වෙබ් අඩවිවල පවතින මඩ හා අසත්‍ය පුවත් සිය වැඩසටහන්වල උපුටා දැක්වීම හේතු කොටගෙන ඔහුද මෙම වෙබ් අඩවි මාෆියාවේ කප්පම් කල්ලියට හේත්තු වී ඇති බවට මේ වන විට සැක මතුවී තිබේ. මේ හේතුවෙන් මඩ වෙබ් අඩවි කප්පම්කරුවන් හා මෙම මාධ්‍යවේදියා අතර මුදල් එහා මෙහා වූවාද යන්න පිළිබඳ මේ වන විට ක්ෂේත්‍රයේ සැක පහළ වී තිබේ.

    ඊළඟට මේ එල්ටීටීඊ ඩයස්පෝරා කල්ලියේ වුවමනාවන් අනුව සූදු අන්තුවන්ගේ මැරවරයන් සමඟ එක්වී සජිත් විනාශ කරන සටනට උඩගෙඩි දෙමින් සූදු අන්තුවාගේ පුවත්පතට ලියන තවත් මාධ්‍යවේදියකුද සිටී. මොහු සජිත්ට පහර දෙන්නට කටයුතු කරන්නේ සජිත් සමඟ තියෙන තරහකට නොව සජිත්ගේ තාත්තා වෙච්ච ප්‍රේමදාස එක්ක තියෙන තරහකටය. ඒ තරහ ඇතිවූයේ මෙම මාධ්‍යවේදියා ජාතික නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන කාලයේදීය. ඒ කාලයේදී මේ තැනැත්තා සිමෙන්ති වංචාවක් සම්බන්ධයෙන් වැරැදිකරු වී සේවයෙන් ඉවත් කළ විට ප්‍රේමදාස ඔහු වෙනුවෙන් පෙනී සිට රැකියාව යළ��
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ‘පීචං’ වූ නිවේදන කලාව...

    යාන්තම් දැනුම් තේරුම් වන අවදියේ පටන් රේඩියෝ නිවේදක නිවේදිකාවෝ අපගේ සවන් හා හදවත්වලට සමීප වී සිටියහ. කරුණාරත්න, අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීර, ලලිත් එස්. මෛත්‍රීපාල, ආරියදාස පීරිස්, රංජිත් පීරිස්, අසෝක තිලකරත්න, ඩී.එස්. දයාරත්න, අමරබන්දු රූපසිංහ, සිරිල් රාජපක්ෂ, ප්‍රේමකීර්ති ද අල්විස්, පාලිත පෙරේරා, කේ.ඩී.කේ. ධර්මවර්ධන, බර්ටි ගලහිටියාව, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ආරියසිරි විතානගේ, හේමජිත් ප්‍රනාන්දු, ජයන්ත පීරිස්, චන්ද්‍රා වයමන්, දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, කුසුම් පීරිස්, ශ්‍රීමා අධිකාරි, සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, සුජාතා ගුණවර්ධන වැනි නිවේදක නිවේදිකාවන් ගැන මේ මොහොතේ මෙනෙහි වේ. එකිනෙකාට වෙනස් හඬවල් හා අනන්‍යතා සහිත වූ ඔවුහු අපට ආස්වාදය මෙන්ම දැනුමද ගෙන ආහ. රූපවාහිනිය නොතිබූ ඒ යුගයේ ඔවුහු අපේ ජීවිතවලට කොටසක් ලෙස ළංවී සිටියහ. අප බොහෝ දෙනා සතුව තිබූ නිර්මාණ හැකියාවන් එළි දුටුවේද ඔවුන් ඉදිරිපත් කළ විවිධ වැඩසටහන් තුළිනි.

    “සවස හයයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්...” යනුවෙන් ගාම්භීර හ¾ඩින් ඇසෙද්දී ‘ඇඟේ මවිල් කෙළින් වෙයි‘. ලලිත් එස්. මෛත්‍රීපාල මෝහනීය හ¾ඩින් කවියක් කියා අසන්නන් අමතන විට සිත් සුවපත් වෙයි. ‘ශනිදා සාදයෙන්’ හෝ ‘කනිටු සරසවියෙන්’ අසෝක තිලකරත්නයන් අප අමතන විට මිතුරු පෙමක් දැනේ. හේමජිත් ප්‍රනාන්දු ‘සේවක සංග්‍රහයෙන්’ හෝ ‘පිළිසඳරෙන්’, ‘සැඳෑ මිහිරෙන්’ හමුවන විටද එසේමය. ප්‍රේමකීර්ති සවන්
    තුළින් සිතට රිංගයි. ඒ මිහිරි මතක සිහිපත් කිරීමද සුවයකි.
    රූපවාහිනිය පැමිණීම හා පුද්ගලික ගුවන්විදුලි විකාශන ඇරඹීම සමග මේ තත්ත්වයන් හා වෙනස් වී ගියේය. අතීත නිවේදක නිවේදිකාවන් ශ්‍රාවකයාට මිහිරක් ගෙන ආවේ. කිසියම් ප්‍රමිතියකින් යුතුව වුවත් ‘සිරස’ ආ පසුව ඒ ප්‍රමිතිය නැතිව ගියේය. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යයට දැවැන්තම අපරාධය කරමින් නිමල් ලක්ෂපතිආරච්චි විසින් ‘දොඩමලු වන’ (මේ වචනයේ තේරුම අනවශ්‍ය කතාබහ යන බව හෝ නොදැන) ගිරා‍පෝතක පරම්පරාවක් පෙරට ගෙන එන ලදී. අද ඔහුද නැත. ඔහු ඇරඹූ තැනින් ඈතට ගොස් මේ වන විට නිවේදක නිවේදිකාවන් දොඩමලු වෙමින් නොකරන්නේ සංසර්ගය පමණි. ඉදිරියේදී එයද කරනු ඇත.
    එදාද මැතිවරණ තිබුණි. ඒවායේ ප්‍රතිඵල ප්‍රචාරයන්ද තිබුණි. රෑ නිදි වරා පිරිස් එක් ගෙයකට රැස්වී ඡන්ද ප්‍රතිඵල ඇසීම එකල සුලබ දසුනකි. නිවෙස්වල සිටම සමහර විට රතිඤ්ඤා පත්තු කරති. ප්‍රතිඵල ගුවන් විදුලියෙන් කියන අතර ගීත වාදනය වේ. එක්සත් ජාතික පක්ෂයට වාසි වන ලෙස ප්‍රතිඵල නිකුත් වන්නේ නම් ජෝති, බෙග්, මිල්ටන් පෙරේරා, එම්.එස්. වැනි ගාකයන්ගේ ගීත වාදනය කෙරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක තත්ත්වයක් ඇත්නම් ‘රැජින මමයි අපේ රාජ්ජේ’ වැනි ගීත ප්‍රචාරය කෙරේ. 77දී එජාපය දිගින් දිගටම දිනාගෙන එන විට ජෝතිගේ ‘රජකම් කෙරුවත් කළකම් පළ දේ’ ගීතය ප්‍රචාරය කෙරෙනු මට අද මෙන් මතකය. එහෙත් වැදගත්ම දෙය නම් එසේ ගීත ප්‍රචාරය කළත් ප්‍රතිඵල කියවන නිවේදක නිවේදිකාවන් පාක්ෂික නැඹුරුවක් නොපෙන්වා එය කියවීමයි. ඇතැමුන් ඒ ඒ පක්ෂවලට නැඹුරු බවට අපට ඉවක් දැනුනත් ඔවුන් එය හඟවන්නේ නැත. 77 මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරයේ අග හරියේ සිට ගුවන්විදුලියේ ආධිපත්‍යය ගොඩනගාගත් හඩ්සන් සමරසිංහ සහ සරත් විමලවීර යටතේ ප්‍රේමදාස අගමැතිගේ ප්‍රතිරූපය නැංවීමට ‘අග්‍රාමාත්‍ය ඒකකය පිහිටුවීම සමග ප්‍රමිතීන් බිඳ වැටී පූර්ණ දේශපාලනීකරණයක් ඇතිවිය. පසුව විමලවීරද කපා හඩ්සන්ම සියල්ල අල්ලා ගත්තේය. අද ඔහු මේ රජයට හේත්තු වී උදේ පාන්දර දේශපාලන හතුරන්ට මඩ ගසන තුච්ඡ නින්දිත නීච වදන් තේවිස් ගුරුගේ, රිජ්වේ තිලකරත්න වැනි එහා ලොවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ පරිපාලකයන්ට ඇසුණොත් කලින් මියයාම ගැන ඔවුන් සතුටු වනු ඇත. ලක්ෂපතිආරච්චිගේ ගිරා පැටවුන්ට බනින්නට පවා අද නොහැකි වී ඇත්තේ ජාතික ගුවන් විදුලි සභාපතිගේ ක්‍රියාකලාපය නිසාය. අප මුලින් කී නිවේදක පරපුරේ බාලයා හඩ්සන්ය. ඒ වයස හා ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අනුවය. එහෙත් ඔහු අදටත් බාලයාමය. එනම් අඥාණයාමය. ‘අසේවනාච බාලානං.’ කියා බුදු හිමියන් දෙසුවේ මෙවැන්නන් ගැනය. හඩ්සන් සමරසිංහ උදේට ගුවන් විදුලියේ අසූචි පහකරන හැටි අසා ඔහුව ගුවන් විදුලියට හඳුන්වා දීමට මූලික වූවෙකු වන
    ‍‍‍ජ්‍යෙෂ්ඨ නිවේදක පාලිත පෙරේරා තවම සියදිවි නසා නොගැනීම මවිතයට කරුණකි. හඩ්සන්ලා මෙසේ මාධ්‍යයේ පහරද්දී අද කිංස්ලි රත්නායකලා නිවැරදි මාධ්‍ය භාවිතාවක යෙදෙන්නට උත්සාහ ගැනීම යම් අන්දමකින් අගය කළ හැක්කකි.
    අතීත නිවේදක නිවේදිකාවන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයේදී වැදගත් ලෙස ප්‍රමිතියකින් යුතුව අපක්ෂපාතීව එය කළත් හඩ්සන් යුගයේ ඔහු ආදර්ශයට ගැනීම නිසාදේ දෙරණේ චතුර අල්විස් නම් නිවේදකයා අගතිගාමී මාධ්‍ය භාවිතාවක යෙදෙනු ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල විකාශයේදී දැකිය හැකි විය. දෙරණේ උදේ පුවත්පත් කියවද්දීද මීට පෙර ඔහුගේ පක්ෂපාතී මාධ්‍ය භාවිතාව විවේචනයට පාත්‍ර විය. මෙවරද එසේමය. උදාහරණයක් ලෙස මැද කොළඹ ආසනය විශාල වැඩි ඡන්ද ගණනකින් එජාපය දිනද්දී ඔහු ඒ ගණන හංගා ගිය වරට වඩා අඩු වූ සුළු ගණන මතුකර කතා කළේය. එමෙන්ම එජාපය ගියවරට වඩා ඡන්ද වැඩි කරගත් තැන්වල එය ගණනකට නොගත් ලෙස කතා කළ චතුර සන්ධානය සුළු ගණනක් වැඩිපුර ගත් තැන්වල දැඩි වර්ණනා කළේය. සන්ධානයට ඡන්ද අඩුවූ විට එය බේරන්නට බොහෝදේ කීය. එය මැදහත්ව බලන්නෙකුට ජුගුප්සාව දනවන්නකි. ඉකුත් ප්‍රතිඵල හා සසඳමින් දෙරණ මෙවර ප්‍රතිඵල ගෙන ඒම නිසා බොහෝ දෙනා එය බැලුවත් චතුර අල්විස් ඔවුන්ගේ ‍ලේ කෝප කරවීය. රනිල් වික්‍රමසිංහ රහත් වුවත් ඔහුට පහර දීම සිය ආගම කරගත් ‘සිරස’ ක්‍රියාකලාපය නිසා අප ඉන් ඈත්ව සිටියත් අහම්බෙන් දුටුවේ සුරංග සේනානායක නමැති මුග්ධ නිවේදකයාගේ මඩගැසීමකි. මේ බකපණ්ඩිතයා කීවේ රනිල්ගේ මැද කොළඹ අසුනෙන් ඡන්ද පන්දාහක් අඩුවීම මහා දුබලකමක් බවය. එහි සන්ධානයේ ඡන්ද විශාල ගණනකින් අඩුවීම හෝ විසිතුන් දහසකට වැඩි ගණනකින් සන්ධානය පරාජය වීම ඔහුට ගැටලුවක් නොවීය. සජිත් හම්බන්තොටින් එක් අසුනක් වැඩිකර ගත් බව වර්ණනා කළේ මේ වතාවේ හම්බන්තොටට ආසන දෙකක් වැඩි කළ නිසා එය ලද බව නොදැනද? නැත එය සඟවමිනි. ඒත් හම්බන්තොට සන්ධානයේ ආසන එකක් හෝ අඩු කළද කියා යමෙකු ඇසුවා නම් සුරංග නමැත්තාට හෝ එම වැඩසටහනේදීම රනිල්ට අපහාස කළ ජේ.ශ්‍රී. රංගාටද කටඋත්තර නැතිවනු ඇත.
    සැබැවින්ම රනිල් එජාප ඡන්ද ගියවරට වඩා වැඩි කරගෙන (ආසන දෙකක් පමණක් අහිමිව) තිබියදී පුද්ගලික මට්ටමෙන් මඩගැසීම නින්දිතය. දෙලක්ෂ තිස්හත් දහසක් පමණ ඡන්ද හා ආසන රාශියක් අහිමි කරගත් සන්ධානය ඔවුන්ට නොපෙනේ. අදා්මැයි ජඩ මාධ්‍ය කලාවක හැටි එසේය. ෆේස්බුක් හා විවිධ වබේ අඩවි මෙයින් මොවුන්ගේ නීච මාධ්‍ය භාවිතාව ගැන බොහෝඅදහස් පළ විය.
    සිරිල් රාජපක්ෂලා, අසෝක තිලකරත්නලා එදා ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කළේ සාධාරණ හා අපක්ෂපාති (ඔවුන්ටද දේශපාලනයක් තිබුණත්) ලෙසය. ප්‍රතිඵල ප්‍රචාරය අතර විශ්‍ලේෂණය කරනවා කියා තම තමන්ගේ රුචිය අනුව පක්ෂපාතී අදහස් ඔවුන් ප්‍රචාරය කළේ නැත. සිරිල්ලාගේ, අසෝකලාගේ එම වැදගත් මාධ්‍ය කලාව (නිවේදක කලාව) සුරංග සේනානායක, ශ්‍රී රංගා, චතුර අල්විස් වැන්නන්ට කස පහරදී කියා දුන්නත් පලක් නොවනු ඇත්තේ ‘මඩෙන් ඉපදුණු මඩකරියන්ට සාධාරණය හෝ ප්‍රමිතිය යනු විහිළුවක් බැවිනි.’
    - ආනන්ද පද්මසිරි


    http://www.lankanews.org/2014/04/blog-post_9186.html
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලංකාවේ ඉස්සර අදීන මාද්‍යවෙදින් හිටිය. ඒගොල්ලොන්ගේ කතා අහන්නත් ආසයි. දැන් ඉන්නේ wholesale ආණ්ඩුවට කඩේ යන එවුනුයි, ව්පක්ෂේට කඩේයන එවුනුයි.....
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    චතුරගේ කතාව නම් අවුල්.ඔහේ කියවනවා කොයි වෙලේක හරි හොඳට නාගන්නවා.කතාව මධ්‍යස්ථ නැහැ .ඇත්ත නැත්ත මොකද්ද කියලා හරියට දන්නේ නැති දේවල් වුනත් මිනිහට හිතෙන දේ හරි කියලා තමයි කතාව කරන්නේ .අපේ සමාජේ මොකෙකුට හරි නෝන්ඩි දානවනම් නෝන්ඩි දාන එකා නේ ඩයල් එක විදියට ගනන් ගන්නේ .චතුරත් ඒ තියරියම ලස්සනට කරනවා. අපේ අය අඳිනවා.:)
    (මම මේ කීවේ මම උදේට දෙරණ බලනකොට පේන දේ .නැතුව උඩ දාපු වීඩියෝව ගැන එහෙම නෙවෙයි .)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දත් තර්ස්ටන්......... චතුරත් තර්ස්ටන්.......... අපේ එස්කොලේ එකෙක් ලෝකෙටම ලොක්ක උනත් වූ වැරදි නම් අපි එක වැරදි කියනවා..........

    මහින්ද ඇහුවොත් තුර්ස්ටන් කියල තමයි කියන්න. එත් මචං ඖරුදු2යි අපේ එස්කොලේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දත් තර්ස්ටන්......... චතුරත් තර්ස්ටන්.......... අපේ එස්කොලේ එකෙක් ලෝකෙටම ලොක්ක උනත් වූ වැරදි නම් අපි එක වැරදි කියනවා..........

    මහින්ද ඇහුවොත් තුර්ස්ටන් කියල තමයි කියන්න. එත් මචං ඖරුදු2යි අපේ එස්කොලේ.

    ඕකත් මහලොකු ඉස්කොලයක්ද බොල.....ලොල් :lol::lol::lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට නම් දිරවන්නේ නැති එකෙක් තමා ඔය චතුරයා.ඌ කියන්න ඕනෙ එක කෙලින් කියනවා ඇති.හැබැයි ඌ කියන්න ඕනෙ එක හරියට දන්නේ නෑ.මගේ මතය නම තවම පොරට අත්දැකීම් මදි. විශෙශෙයන් ප්‍රවුර්ති විස්තර කියනකොට ලොකු දැනුමක් තියෙන්න ඕනෙ.තවම ඒක මදි.අනික මූ විශ්වවිද්යාල ප්‍රශ්න ගැන කිසිම දැනුමක් නෑ ඒක නිසයි මම මෙයාට අත්දැකීම් මදි කියන්නේ. විශවවිද්යාලය උද්ගොශනයක් වාර්තාකරන කැත බලන්න ඕනේ. ටිකක් කල් යනකොට හරියයි කියල හිතෙනවා.(හැබැයි ගුටිකන මූනක් ඌට තියෙන්නේ ඒක නිසා මටනම් දිරවන්නේ නැතෝ )
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරැ කොහොම කිවුවත් චතුර කියන්නේ පරිපුර්ණ වෙමින් පැවතුන චරිතයක්....තවත් පරිනටහ වෙනකොට ඕවා හරි යයි