චතුර ඔයා වෙනස් වෙලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මේකේ අවුල මොකක්ද බන්? උන් ඒ කාලේ තිබ්බ රජයේ වැඩ වලට විරුද්ද වෙලා ගෝටව ගේන්න වැඩ කලා..දැන් ගෝටගෙ වැරදිත් උන් විවේචනය කරනවා..එහෙම තමයි නියම මාදය්වේදියෝ..උබ චතුරට බැන්නට කමක් නෑ ඌ තාමත් ගොටට කඩේ යනවනම්..ඒත් ඌ දැන් කරන්න ඕනේ දේ කරනවම්..එහෙම බැලුවම උන්ට බයින උබලා තමා නියම වහල්ලූ
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    ඊයේ ජනාධිපතිට ජාතික අපරාධයක් කරමින් ගෝඨාභය හුංගෙක් කළේ කව්ද?​


    ලංකා ඊ නිව්ස් -2021.මැයි.26, ප.ව.3.50) ගෝඨාභය ජනාධිපති ගේ, ජාතිය ඇමතීමේ ජෝගිය ගත වී පැය 12 ක් යන්නටත් මත්තෙන් එය, මුලු රටේත් ජාත්‍යන්තරයේ වෙසෙන ශ්‍රීලාංකිකයන් අතරත් විකාර රූපී පුවතක් වී හමාරය. ප්‍රසිඩන්ට්ට මෙහෙම වුනේ ඇයි ? රිලව් අතරේ හිඳ, අමු බොරු දත්ත ඇද බාමින් රාජිත කරපුවා තමන් කළා සේ සැවොම දන්නා දේ ගැන බොරු කියමින් ප්‍රසිඩන්ට් විහිළු කාරයෙක් වුනේ ඇයි..? හැමෝම අහන්නේ මෙයයි. උත්තරය තියෙන්නේ ජනාධිපති මාධ්‍යය අංශයේ ය.

    ඇත්තටම මෙහෙම වුනේ ඇයි..?​

    ජනපති ගේ මාධ්‍ය කණ්ඩායමේ විවිධ අයට විවිධ අරමුණු තිබේ. ඊයේ සිදු වූ නාඩගම මේ අරමුනු සාක්ශාත් කරගැනීමට යාමේ ප්‍රතිඵලයකි.

    ඊයේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් සැලසුම් කළේ හා මෙහෙය වූයේ භාතිය-සන්තුෂ්ලාගේ, භාතිය ජයකොඩිය. ජනාධිපති ගේ එකී මෙකී සියලුම වැඩ වලින් මුදල් හම්බකර ගැනීමේ ප්‍රධාන ම අරමුණ ඇති අය අතර භාතිය ඉදිරියෙන්ම සිටී.

    එයට ද දිගු ඉතිහාසයක් ඇත.​

    ජැක්සන් ඇන්තනී හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයෙන් කෝටි ගණනක් හම්බකිරීමෙන් අනතුරුව ඒ වැඩේ රසටම කළේ භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් ය. බෙල්ලන්විල ව්‍යායාම උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ සිට භාතිය ගේ කල්ල මරේ ය.

    අනුරාධපුරයේ පටිගත කිරීමේ කාර්යය සඳහා සහභාගි වූයේ භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ගේ ප්‍රඩක්ෂන් ටීම් එකය. සුදේව ඉදිරියට දමාගෙන භාතිය ජයකොඩි සියල්ල මෙහෙයවී ය. නමුත් ඡායාරූපවලට බෙල්ල දුන්නේ රතු ෂර්ට් එකක් හැඳගත් සුදේවය. භාතියලාගේ ඩබල් ගේම් වැඩවලින් සුදේවට ඉගෙන ගන්න බොහෝ දේ ඇත.

    වැඩේ සැලසුම් කළේ භාතිය - සුදේව සහ සන්තුෂ් යන තිදෙනාය. ඉදිරියට ඇවිත් බෙල්ල දුන්නේ රතු කමිසකාර සුදේව පමණිය.

    පටිගත කිරීම්වලින් පසු සම්පූර්ණ post production වැඩේ කළේ භාතිය ගේ ස්ටුඩියෝවේ ය. ලංකාවේ යූටියුබ් කරන පොඩි එවුන්ගේ වැඩ තරම්වත් කොලිටියක් නැති ඒ අජූව වැඩේ තනිකරම භාතිය හා සුදේව ගේ නිෂ්පාදනයකි.

    ගෝඨා යනු දැන් ගොඩ දාන්න අමාරු කැරැක්ටර් එකක් වුනත්​

    හරියට Sound Balance කරගන්න හෝ Color Correction කර ගන්න හෝ භාතියලාට බැරි වුනේ ඇයි?

    ගෝඨා යනු දැන් ගොඩ දාන්න අමාරු කැරැක්ටර් එකක් වුනත්, ගෝඨා ගේ වැඩේ ඇන්න වීම තුල භාතියගේ ඊළඟ ඉලක්කට ඔහුට යා හැකිවේ. ඒ ජනාධිපති ගේ සියලුම රුපවාහිනී නිෂ්පාදන වෙනුවෙන් මැදිරියක් සහ බාහිර නිෂ්පාදන රථයක් (OB BUS) සකස් කිරීමේ භාතිය ගේ අරමුනයි. ඉන් ලැබෙන ගාන ගැන සිතමින් උන්නා මිස සුදේව ට ද ඊයේ වැඩේ ගොඩ දාගන්නට කිසිදු උවමනාවක් හෝ සිහියක් නොතිබිනි.

    ලංකාවේ රූපවාහිනී නාලිකා තවමත් ජනාධිපති ගේ වැඩ සටහන් නිෂ්පාදනයට සැදී පැහැදී සිටී. ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ මිනිසුන් කිසිදා ජනාධිපති කෙනෙක් මෙසේ අමාරුවේ දා නැත. වෘත්තීය මට්ටමෙන් ඉහා ඉහල නිෂ්පාදනයක් මෙන්ම ඉතා සංයමයෙන් යුතුව (නිෂ්පාදන කන්ඩායම පවා ඉතා මැනවින් සූදානම්ව හික්මීමකින් යුතුව, ගැලපෙන ඇඳුමින් පවා සැරසී) සහාය ලබා දී ඇත.

    ඒත් ඊයේ භාතිය හා සුදේව ගේ කණ්ඩායම වොඩ්කා ටී ෂර්ට් පසුබිමක ජනාධිපති හින්දුවා රටම හිනැස්සුවා පමනක් නොව ජාතියම සමච්චලයට ලක් කළේ ය.

    කිංස්ලි රත්නායක..​

    සියල්ල මෙසේ වෙද්දී මිනිස්සු බනින්නේ, ප්‍රශ්න කරන්නේ පැත්තකට වී පුටුවක වාඩි වී සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින් සිටින කිංස්ලි රත්නායකට ය. දන්නා පරිදි කිංස්ලි තවමත් ඉන්නේ ඔබ්සර්වේෂන් කාලපරිච්ජේදයක ය. කිසිදා නොදන්නා ජනාධිපති සමග ගැවසෙන්නට හා ඔහුව හඳුනා ගන්නට කිංස්ලි මාස 3 ක් කල් ඉල්ලා ඇති බව ආරංචිය. කිංස්ලි වැඩ පටන්ගන්න නියමිත ඉන්පසුව ය. භාතිය සුදේව සුසංයෝගයට මෙන් සල්ලි හම්බකිරීමේම මූලික අරමුනක් කිංස්ලිට තිබේදැයි තවම සැක සහිත නිසා, කිංස්ලිට යමක් කිරීමේ වුවමනාවක් ඇතැයි සිතිය හැකිය.

    කිංස්ලිට ද උපදෙසක් දිය යුතුය.,

    කිංස්ලි ඔබගේ තනතුර මාධ්‍ය ප්‍රකාශක නෙ. ඔබ කතා කරන්න දක්ෂයා හින්ද, පුලුවන්තරම් ඔබගේ ප්‍රධානියා වෙන ජනාධිපතිව ඉස්සරහට නොදා ඔබ වැඩේ අතට අරන් ඔහු ගේ මයික් එක වෙන්න. හැබැයි අර වැඩ බාරගත්ත ගමන් කළා වගේ මේකප් එකක් නැතිව හරියට ලයිට් නැතිව බාල කැමරාවකින් ෂූට් කරල ආයෙ තිරය ඉස්සරහට එන්න එපා. ඇවිත් නොදන්නා බයිලා කියන්න ගිහින් හැරෙන තැපෑලෙන්ම WHO එකෙන් පීච්චං වුනා වගේ පීච්චං වෙන්නත් එපා.

    රටවැසියෙකු ලෙස අපේ මුදලින් පාලකයන් නටන මේ නාඩගම් බලා සිටින අපට ඇත්තේ පිලිකුලකි.

    ජනාධිපතිතුමනි,​

    ඔබ දේශපාලනිකව අතරමං වී ඇත. ඔබට මෙය බර වැඩිය. සහෝදරයෙක් පාලකයාව සිටින රටක ලේකම් ධූරයකට වඩා දෙයක් ඔබට කරන්න අමාරුය. ඔබේ උද්දච්ජ කම නිසා කව්රුත් ඔබේ හොද නරක මූණට නොකීවාට ඔබ ගැන කියන කතා ඔබ දන්නේ නැත. මූණට නොකීවාට ඊයේ මහින්දානන්ද , කෙහෙළිය, චන්ද්‍රසේන, පවිත්‍රා ඇතුලු අය කී නොකී බොහෝ දෙනා ඊයේ ඔබව විවේචනය කළ අයුරු ඔබ දන්නේ නැත.

    ඔබව බේරාගන්නට, ඔබේ මිත්‍රයා නිශ්ශංක සේනාධිපති පමණක් ෆේස්බුක් එකට පැමිණ , ඔබේ වැඩේ විවේචනය කරන අයට හතර අතේ බැන වදිනවා දුටුවෙමු.

    අවම තව මාස 40 ක් ඔබ රටේ ජනාධිපති බැවින් අපට කීමට ඇත්තේ, රටට විහිලුවක් නොවන්න. රනිල් නැවත ඇවිදින් කළ සරල යූ ටියුබ් නාලිකා ඉන්ටර්විව් දෙකෙන් ලද ප්‍රසාදය ගැන හොඳින් තේරුම් ගන්න.

    සුදේව භාතියලා ට කියන්න ඇති දේ බොහෝය.​

    සල්ලි හම්බකරන්නට කලින් බොහෝ දේ කළ යුතුව ඇත. මෙහෙම වැඩක් කරනකොට ප්ලෑන් කරන්න. ඩමියක් දාල free-shoot එකක් කරල බලන්න. රියල් ටයිම් කන්ඩිෂන් වල සිටුවේෂන් එක හැන්ඩ්ල් කරන්න එතකොට ලේසි බව වැටහෙනු ඇත. සිංදු කිව්වාට, ප්‍රසන්ටර් කෙනෙක් උනාට ෂුටිං වැඩේ තමන් දන්නෙ නැත්තම් ඒකට දන්න කෙනෙක් ගේ සහය ගන්න. නවීන ලෝකයේ මෙවැනි නිෂ්පාදන දෙක තුනක් යූ ටියුබ් එකේ බලන්න. ජනාධිපති ගෙ කතාව ජාතිය ඇමතීමක් ද ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද කියල හිතල කාලය තීරණය කරන්න. විනාඩි 69 කියන්නෙ දේශපාලන රැස්වීමක කථිකයො අඩු උනාම ඇදගෙන යන්න දාන හුංගො කරන කතාවක්...!

    තමුසෙලා ඊයේ ජනාධිපති ගෝඨාභයව හුංගෙක් කළා අයිසේ..!​


    enews
    janadhipathi hungek kare mun newei bazila
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,601
    14,789
    113
    ape allapu gedara unuth mahindalage nadayo...
    innawa hema thenama
    According to our ammage thaththa we have some connection too :rofl:
    Mahinda lokkage amma hitiye dandina mathiniya. Eyage surname eka Thennakoon lu. Ape ammage ammage surname ekath Thennakoon. Eka paththe indala thiyenne seeya kiwwa widiyata nam. So seeyata anuwa apith durin nedeyo balan giyama :P
     
    • Like
    Reactions: D_Mad