චතුර සේනාරත්නගේ අපත වෑඩේ….

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
චතුර සේනාරත්නගේ අපත වෑඩේ….

චතුර සේනාරත්නගේ අපත වෑඩේ….

qwqw.jpg

මහින්ද රාජක්ෂගේ මැර රාජ්‍ය පාලනය පෙරළා දැමිම සදහා තිරාණාත්මක ථෙතිහාසික මෙහෙයක් සිදුකළ අති පුජ්‍ය සෝභිත හිමිගේ අදාහන කටයුතු සිදුකිරිම පුර්ණ රජ්‍ය ගෞරව සහිතව සිදුකිරිමට සියළු කටයුතු සුදානම් කර තිබුනි.
මේ අතර පාර්ලිමේන්තු පිට්ටනියේ සිට රාජගිරිය දක්වා ඇති සියළුම විදුලි පහන් කණුවල පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නගේ බැනර් ඉල්ලා ඇත. ඒ සෝභිත හිමිට අචාර දක්වමිනි.
එපමණක් නොව ශ්‍රි දේහය රැගෙන එන මුලු මග දෙපස පුරාමත් අතිදැවැන්ත බැනර් සහ කට්අවුට් චතුර සේනාරත්නගේ නමින් එල්ලා ඇත,
මහින්ද එළවා දැමිමට හෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරිම සදහා කිසිදු දායකත්වයක් නොදැක්වු චතුර සේනාරත්න ඔහුගේ තාත්තා ගේ අතේ එල්ලි ගම්පහින් පැරිෂුට් කාරයෙක් ලෙසින් පාර්ලිමේන්තුවට පැමිණියේය.
වාර්ථා වු අන්දමට සෝභිත හිමිගේ අවසන් කටයුතු සංවිධානය කිරිම සදහා කමිටවුක්ද පත්ව තිබේ.
තතු එසේව තිබියදි මේ චතුර නම් බේබි මන්ත්‍රි සිදුකරමින් සිටින්නේ සෝභිත හිමිගේ අදාහන උත්සවය අස්සේ තමන්ට ලකුණු දාගැනිම සදහා වු තුප්පහි වැඩකි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ක්වු මන්ත්‍රිවරුන්ට නැති අවසරයක් පාරවල් පුරා බැනර් දාන්නට චතුරට ලැබුනේ කාගෙන්ද ?
 
  • Like
Reactions: SAN_APIIT and LalaJ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
රාජිත සේනාරත්න දේශද්‍රෝහියාගේ හපන්කම්

මේ වසරේ ජනවාරි මස සිට යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනීම නවතා ඇති අතර එය ලක්ෂ ගණනක් වන ධිවර ප්‍රජාවගේ රැකියාව ජිවන තත්වය අඳුරේ දැමු අවස්තාවකම විය. වසර 2012 දී යුරෝපා සංගමය මේ පිළිබඳව ප්‍රථම අවවාද කිරීමේ නිවේදනය නිකුත් කරන ලදී. ජාත්‍යන්තර සමුද්‍රීය හා ධිවර නීතීන්ට අනුව නීති විරෝධී (Illegal) වාර්තා නොකරන ලද (Unregulated) හා නීති රීති මගින් පාලනය නොකරන ලද (Unregulated) – IUU මත්ස්‍ය නිෂ්පාදනය සිදු කරන රටක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාව නම් කර තිබුණි. 2012 දී නිකුත් කරන ලද අවවාද වලින් පසුව 2013 දී ධිවර අමාත්‍යාංශය විසින් IUU නිඉති විරෝධී ධිඉවර කර්මාන්තයේ යෙදෙන රටක් ලෙස නම් කිරීම වැලැක්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකසුවද එය ක්‍රියාත්මක වීම අදිසි හස්තයකින් වලක්වන ලදී.
ඉහත කරුණු හේතුවෙන් වසරක් තුල ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් වෙත අපනයනය කරනු ලැබූ මෙට්‍රික් ටොන් 7400 ක් (2013) හා ඒ තුලින් ලැබෙන්නට යෙදුනු යුරෝ මිලියන 74 ක විශාල විදේශ විනිමය පරමානයක් අහිමි වීමේ තත්වයකට මුහුණ දෙන්නට සිදු විය. අපගේ දීවර කර්මාන්තය ඉහත තහනමින් මුදවා ගනිමට ප්‍රධාන වශයෙන්ම සිදු කළයුතුව තිබුනේ ධිවර යාත්‍රා මත්ස්‍ය අස්වනු නෙලා ගන්නා ප්‍රදේශ හඳුනා ගැනීම සහ යාත්‍රා මුහුදේ ගත කරන කාලය නිරීක්ෂණයට ආධාර වන (VMS- ) හෙවත් නාවික නිරීක්ෂණ යන්ත්‍ර ධිවර යාත්‍රා වල සවි කිරීමයි. එහෙත් වසර දෙකකටත් වඩා කාලයක් ඒ පිළිබඳව නොසලකා හරිම හා ඉන් මිදීමේ සැලසුම් ක්‍රියාත්මක වීම තනි පුද්ගලයෙකුගේ දේශ ද්‍රෝහී අරමුණක් හරහා ප්‍රමාධ වීම හේතුවෙන් ඉහත තත්වය ඇතිවූ බව අවධාරණය කරමු.
එම දේශද්‍රෝහියා අද අන්‍යයන් දුෂකයන් බවට මාධ්‍ය හරහා බේගල් පවසමින් තම අකටයුතුකම් සැඟවීමට තැත් කරන ඉහත කාලයේ ඇමති වූ රාජිත සේනාරත්නමය. එවකට තමන් විසින් දරන ලද මන්ත්‍රී කම් හා ධිවර ඇමැතිකමට අමතරව ඉන්දියන් සාගරයේ ටුනා මත්ස්‍ය කොමිසමේ (IOTC) සභාපතිකමේ බලතල නීති විරෝධී හා කුට ලෙසින් භාවිතා කරමින් මොහු විසින් ශ්‍රී ලංකාවට නීති විරෝධී ධිවර කටයුතු වල යෙදෙන රටක් ලෙස හංවඩු ගැසීමේ ඉහත යුරෝ මිලියන 74 අහිමි වීම පමණක් නොව තවත් රු. මිලියන 20000කට වඩා ශ්‍රී ලංකා රජයට හා ධිවර ප්‍රජාවට අහිමි වීමට ක්‍රියා කර තිබීම මොහු දේශද්‍රෝහියෙකු බවට තීරණය කිරීමට ඕනෑවටත් වඩා සාක්ෂි දරන බව ප්‍රකාශ කරමු.
තම වරප්‍රසාද වලට මුවා වෙමින් බ්ලු ඕෂන් පිෂරි පුද්ගලික සමාගම පිහිටුවා එහි පාලනය දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න නම් වූ තම සම්බන්ධිකරණ ලේකම්වරයා අතට පත් කර 2007 අංක 7 දරන සමාගම් පනත උල්ලන්ගනය කල රාජිත සේනාරත්න ඉහත ලේකම්වරයා හරහා තත් සමාගම් 60% ක කොටස් දරමින් තමාට අවසරයක් නොමැ ව්‍යාපාරයක යෙදීම සිදු කර ඇත.
ඉහත බ්ලු ඕෂන් සමාගම විසින් රුපියල් මිලියන 400 ක පමණ වටිනාකමින් යුතු විශාල ධිවර යාත්‍රා 8 ක් චීනයෙන් මිනදී ගත අතර එම මුදල් කෙසේ ලබා ගත්තේද යන්න විමසා බැලිය යුතුව ඇත. තවද මේ ගනුදෙනු වලදී රජය වෙත කිසිම බදු මුදලක් ගෙවා නොමැත. තවද ඉහත සමාගම් සඳහා වසර හතක බදු සහනද ලබා ගෙන ඇත්තේ තමාගේ ඇමතිකම හා අනෙකුත් බලතල අවභාවිතයෙනි.
බ්ලු ඕෂන් සමාගමේ ඉහත නැවු අතරින් ශ්‍රී ලාංකික ධජය යටතේ යාත්‍රා කිරීමට අවසර ලබා ගෙන ඇත්තේ යාත්‍රා දෙකකකට පමණි. ඒ අතරවාරයේ ඉතිරි නවුකා හයද ශ්‍රී ලංකා ධිවර සමපතක්ද කොල්ලකමින් ඇත්තේ වරාය හා නාවික අමාත්‍යංශය යටතේ ඇති වෙළඳ නැවු අධ්‍යක්ෂ ජනරාල් ආයතනයද නොමග යවමිනි. එලෙස ශ්‍රී ලාංකික ධිවර ප්‍රජාවට සිදුව ඇත්තේ රාජිත සේනාරත්න ගේ දේශද්‍රෝහි සමාගමේ විශාල නවුකා තම මත්ස්‍ය සම්පත ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කරමින් කොල්ලකන දෙස බලා හිස් අතින් ගොඩබිමට පමිනිමටය. ඒ සඳහා පැමිණිලි කල හැකි සියලුම ආයතනද රාජිත සේනාරත්නගේ බලපුලුවන්කාරකම්ම හමුවේ ඇස වසාගෙන සිටීම ධිවර ප්‍රජාවගේ පමණක් නොව මුළු රටේම අභාග්‍යයකි.
බ්ලු ඕෂන් සමාගම ආරම්භයේ සිට වංචනික ලෙස බදු සහන ලබා ගැනීමේ අරමුණින් තම අස්වැන්නෙන් 10%ක් ධිවර සංස්ථාවට ලබා දීමට ගිවිසුම් ගතවී ඇති නමුත්, මෙතෙක් ඒ සඳහා මෙට්‍රික් ටොන් දහස් ගණනක මාළු ප්‍රමාණය රාජිත සේනාරත්න විසින්ම කොල්ලකා ඇත්තේ එම අස්වනු ප්‍රමාණය තීරණය කිරීමට සියලු නවුකා වලට යෙදවිය යුතු ධිවර අමාත්‍යංශයේ නිලධාරින් (OBSERVER) යෙදවීම රාජිත සේනාරත්නයන් විසින්ම වලක්වා ඇති හෙයිනි. ඉහත සඳහන් කරුණු අනුව බලු කල රාජිත සේනාරත්න යනු ධිවර ප්‍රජාවට පමණක් නොව මුළු ශ්‍රී ලංකාවටම එතෙක් මෙතෙක් විශාලතම විනාශය සිදු කල දේශද්‍රෝහියා බව අවධාරණය කරමු. මේ පිළිබඳව සියලු සාක්ෂි අප සතුව හා ධිවර අමාත්‍යාංශය සතුව ඇත.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ එහෙම අපතයෝ නැ. හරිය.... මේක කි පාරක් නම් කියන්නද?
     

    UgNaZi

    Member
    Sep 1, 2015
    19
    3
    0
    මගේ යාලුවෙක් ඕකගේ චන්දෙ facebook campaign එකක් කළා. අන්තිමට මු දින්නට පස්සේ අරුට දෙන්න තිබ සල්ලි නොදී සති ගානක් රෑ දවල් නැතිව චාටර් කළා...අන්ත්මට මගේ යාළුවා වැඩේ අල්ලලා දැම්මා. මු ලෝක හින්ගන්නෙක්ට වඩා අන්තයි.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LalaJ

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තාත්තා දත් දොස්තර උනාට පුතා කොන් දොස්තර වැඩේටවත් සුදුසු නෑ.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    මගේ යාලුවෙක් ඕකගේ චන්දෙ facebook campaign එකක් කළා. අන්තිමට මු දින්නට පස්සේ අරුට දෙන්න තිබ සල්ලි නොදී සති ගානක් රෑ දවල් නැතිව චාටර් කළා...අන්ත්මට මගේ යාළුවා වැඩේ අල්ලලා දැම්මා. මු ලෝක හින්ගන්නෙක්ට වඩා අන්තයි.

    :lol::lol::lol::lol:
    haha hoda wade ban ube yaluwata :lol:
    sahenda kagahanda athi ne :rofl::rofl::rofl::rofl:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hulan parak wadunoth gahagena yana size eke agak thiyenne
    eunata katanam bokkuwa wage