චතුර සේනාරත්න

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    චතුර සේනාරත්න ගැන ඔබ නොදත් කතා කීපයක්.

    1. සුද්දා ලංකාව යටත් කරගන්න වෙලේ සුද්දෙක් උගේ තියෙන තදියමට සිංහ කොඩිය බිම දාපු හැටි මතකනේ. ඒ වෙලාවේ එතන චතුර සේනාරත්නත් හිටියා. චතුර සේනාරත්න ඒ කාලේ දේශපාලනේ කළේ සුමංගල හාමුදුරුවෝ එක්ක. චතුර තමා වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට කිව්වේ බය නැතුව ගේම කෝල් කරන්ඩ හාන්දුරුවනේ මං බලාගන්නං කියල. එදා එහෙම නොකිව්වනං සුමංගල හාමුදුරුවෝ ඉතිහාසයේ නෑ. අන්න එදා තමා චතුර සේනාරත්න දේශපාලනය කරන්න පටන්ගත්තෙ.

    2. 1818 කාලේ චතුර හිටියේ ඌවේ. චතුරට ඕනේ වුණා රොබර්ට් බ්‍රවුන්රිග්ව හම්බවෙලා ආප්පයක් කන්න. බ්‍රවුන්රිග් බෑ කිව්වා. චතුරට මළ පැන්නා. මළ පැනපු පාර ගිහිං කිව්වා ඒ කාලේ පොරගේ බොක්කේ ෆිට් එක, කැප්පෙටිපොළට. (ඔව් ඔව්, චතුර සේනාරත්න කැප්පෙටිපොළ එක්කත් දේශපාලනේ කළා.) කැප්පෙටිපොළට යකා නැග්ගා. ඒ යකා නැගපු පාර තමා වෙල්ලස්ස කැරැල්ල ගැහුවේ. කැරැල්ලෙන් සිංහල සෙන්පතියෝ සේරම වගේ මැරුම්කෑවා, නැත්නම් හිරේ ගියා. හැබැයි චතුර හිරේ ගියේ නෑ. මරන්න කඩුපාර ගහනකොට කඩුව අඬනවා. ඒ පාර වෙන කරන්න දෙයක් නැතුව චතුරව නිදහස් කළා. චතුර දිගටම දේශපාලනේ කළා.

    3. 1848 වෙද්දී ආර්ථික අවපාතයක් ඇවිල්ලා සුද්දා හිටු කියල බදු ගහන්න පටන්ගත්තා. චතුරගේ ගෙදර හදපු බල්ලෙක් හිටියා. ඌට බදු ගෙව්වේ නෑ කියල ආණ්ඩුවෙන් අරං ගියා. චතුරට යකා නැග්ගා. නැගපු පාර මොරටුවේ ඒ කාලේ පොර එක්ක දේශපාලනේ කරපු වීරපුරන් අප්පු කියල කෙනෙක් එක්ක පයින්ම ගියා මාතලේට. ගිහිල්ල මාතලේ හිටපු ගොන්ගාලේ ගොඩ බණ්ඩා කියල තව එකෙක් එක්ක සෙට් වෙලා දේශපාලනේ කළා. හැබැයි මෙයාලට වැඩිකල් දේශපාලනේ කරන්න හම්බවුණේ නෑ ආණ්ඩුවෙන් ඇල්ලුවා. පුරන්අප්පුයි චතුරයි ගෙනල්ල වෙඩි තිබ්බා. පුරන් අප්පුට වෙඩි වැදුණා. චතුරට වෙඩි තියන තියන පාරට සුද්දෝ එකා එකා මැරිලා වැටුණා. සුද්දෝ දන්නේ නෑ චතුරට තියෙන බයට වෙඩි උණ්ඩ චතුර ළඟටම ඇවිල්ලා, මේම මේම ගෑවෙන්න වගේ ඇවිල්ලා ආපහු හැරිලා පණ බයේ දිව්වා. එහෙමයි සුද්දෝ මැරුණේ. චතුරව නිදහස් කළා. එයා ඊට පස්සේ දිගටම දේශපාලනේ කළා.

    4. 1915 කොටහේනේ කැරැල්ල වෙලාවේ චතුර දේශපාලනේ කළේ පියදාස සිරිසේන, අනගාරික ධර්මපාල, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ වගේ කට්ටියත් එක්ක. එයාල චතුර කියන දේ අහන්නේ නැතුව පෑලියගොඩ දිහයින් පොලිස් බාධක කඩාගෙන කොළඹට ආවා. ඒ වැරැද්දට එයාලව ඇරස්ට් කළා. හැබැයි චතුරව ඇරස්ට් කරන්න හම්බවුණේ නෑ. චතුරට මාංචු දානකොට මාංචු මල්මාලා වෙනවා. මේක දැකපු ආණ්ඩුකාරයාට එතනම චූ ගියා. ගිහිල්ල චතුරට වැඳලා සමාව අරන් නිදහස් කළා. චතුර දිගටම දේශපාලනේ කළා.

    5. 1956 වෙද්දී චතුරට ඉංග්‍රීසි කතාකරලා ඇතිවෙලා තිබ්බේ. චතුර ඒ වෙද්දීත් භාෂා 132ක් කතාකරනවා. චතුරට ඕනේ වුණා සිංහලෙන් ටෙලිග්‍රෑම් යවන්න. චතුර මොකද කළේ ඒ කාලේ එයා එක්ක දේශපාලනේ කරපු හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන්ට කිව්වා සිංහලෙන් ටෙලිග්‍රෑම් එකක් යවල බලමු කියල. තැපැල් කන්තෝරුවේ පොර බෑ කිව්වා. චතුරට මළ පැන්නා. ගත්ත සරම කරට. අරං ගියා කෙළින්ම ඩී.එස්. සේනානායකගේ ගෙදරට. ගිහිල්ල දඩාස් ගාල දොරට පයින් ගහලා සේනානානායකව ඇහැරවලා එළියට ඇදලා අරං කිව්වා, පැය 24ක් යන්න කලින් සිංහලෙන් ටෙලිග්‍රෑම් ගහන්ඩ හදල දෙන්න ඕනේ කියල. සේනානායකට ඒකට පැය 24යි විනාඩි පහක් ගියා. චතුරට ඒක ඇල්ලුවේ නෑ. එයා සේනානායකව එළවලා බණ්ඩාරනායකට පුටුව දුන්නා. දීල සේනානායකට සිංහලෙන් ටෙලිග්‍රෑම් එකක් ගැහුවා "ඉට්සෝකේ බේබි දැන් පලයන්" කියල.

    කියනවනම් තව කියන්න දාහක් දේවල් තියෙනවා. හැබැයි චතුර සේනාරත්නගේ නම ටයිප් කරන කරන වාරයක් ගානේ කීබෝඩ් එක වෙවුලනවා, බයට. ඒ නිසා දැන් නවත්තනවා.

    චතුර සේනාරත්න ගැන ඔයාල දන්නා දේවලුත් අපිට කියන්න.



    උපුටා ගැනීම මුහුණු පොත
    Chameera jeewantha dedduwage
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    චතුර ගේ පැටියෙක් හෙමීට රෙප් කපලා ගිහින් :lol::lol:
    කෙලින් කතා කරන්න කොන්දක් නැති කාළකන්නින්ට ගැලපෙන්නෙ ඉතින් ඔය චතුර වගේ උන්ම තමා :lol:
     
    • Like
    Reactions: sidathsaumya

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පහුගිය දවසක ඩාලිපාර වටලන්න ගියා නේද..? සරමත් උස්සගෙන
     
    • Like
    Reactions: sanjaya22

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කතා කරන්න ගියාම පඩ නහරෙ කැඩෙනකම්ම කෑ ගහනව, මම හිතන්නෙ දැනට හැට හැත්තෑවක් පඩ නහර මාරුකරල තියෙන්නෙ,