චතුස්තලවාදී පාරිභාෂික උත්කෘෂ්ඨය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    416553580_2184358931895952_6212594507761760739_n.jpg



    රා..මුව

    කොහොමද මගේ මිත්‍රයන්ට අදත් ආයුබොවන් කියල පිලිගන්නව රා..මුව බුද්ධිමය සංවාදයට. අද අපි කතා කරන්න යන්නෙ චතුස්තලවාදී පාරිභාෂික උත්කෘෂ්ඨය අපේ ජීවිත වලට බලපාන හැටි. වචනෙ ටිකක් බරපතල වුනාට බයවෙන්න එපා ඒක ඉතාම සරලව මගේ මිත්‍රයන්ට පැහැදිලි කරන්න හැමදාම වගේ අදත් මං උත්සහකරනව. එහෙනං. වැඩිවෙලා ගන්නැතුව.. මේ මොකක්ද කියල අපි බලමු පට් පට් ගාලා රා..මුවෙන්..

    Intro

    ඔව්. වැඩේ පටන්ගන්න කලින් මං පොඩ්ඩක් මතක් කරන්නං මං මගේ මිත්‍රයන්ට කරන නවතම විද්‍යුත් විච්ඡේදන පාඨමාලාව ගැන. හැමෝගෙම ඉල්ලීම නිසාම ඒ විද්‍යුත් විච්ඡේදන පාඨමාලාවේ මීළඟ පියවර විදියට විලම්භීත ආක්‍රමණ පාඨමාලාව ලඟදීම ආරම්භවෙනව කැමති කෙනෙකුට ඒකට සම්බන්ද වෙන්න පුලුවන්. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නං.

    හරි.. කොහෙවත් යන්න එපා දැං අපි එමු අපේ මාතෘකාවට. චතුස්තලවාදී පාරිභාෂික උත්කෘෂ්ඨය. මොකක්ද මේ. චතුස්තලවාදී කිව්වම මගේ මිත්‍රයන්ට මතක් වෙන්නෝන මං කරපු "අම්මට සිරිවෙන පද්ධතියට හාච්චියක්" කියන සීරීස් එකේ හතලිස් එක ආ කියන කොටස. එතනදි මං මේ ගැන ඉතාම ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කලා. හෝව් හෝව්. දැං කිව්ව ගමන් ඒක බලන්න යන්නෙපා. බලල නැත්තං මේක බලල ගිහිං ඒකත් පස්සෙ බලන්න.

    පාරිභාෂික කිව්වාම අපිට නිකං හිතෙන්නෙ මොකක්ද. මං ඒකට පොඩි උදාහරණයක් කියන්නං. දැං නිකං හිතන්න අපි ලඟ යකඩ ඇණ තුනක් තියෙනව. එක නට් එකක් තියෙනව. බත් පිඟන් තුනයි. මල් වට්ටියයි. හඳුන් කූරු පහයි. අපි දැන් යනව අභය ගිරියට. ඔහොම යද්දි අපිට හම්බවෙනව මල් කඩ. ඒ මල් කඩ වල තියෙනව පොල්තෙල්. අපි එතනින් ඉල්ල ගන්නව පොල් තෙල් නැති වීදුරු බෝතලයක්. දැන් අපිට අර ඇණ තුන ඒ වීදුරු බෝතලේට දාගෙන කතරගම කිරි වෙහෙර වෙනකල් යන්න පුලුවන්. හරිද. පැහැදිලියිනෙ. ඉතාම සරලව මං මේ කිව්වෙ. දැන් මේ වෙලාවෙ රුවන්වැලිමහා සෑය ලඟ භාවනා කරන 8 වසරෙ සමන්ට දැනෙන දේ තමයි පාරිභාෂිකයක් කියන්නෙ. හරි සරළයි.

    උත්කෘෂ්ඨය ගැන කියද්දි මගේ මිත්‍රයන්ට ආයිත් මතක් කරන්නෝන මගෙ "තෝර කොල වල පිරමීඩ තාක්ෂණය" කියන කොටස බැලුවනං කුෂ්ඨ ගැන ඉතාම ප්‍රබුද්ධ දැනුමක් ලබාගන්න පුලුවන්. බැලුවෙ නැත්තං ඒකත් බලන්න. හරි අපි දැන් ආයිත් මාතෘකාවට එමු. ආ තව දෙයක්. "කුණ්ඩලීනී ශක්තියෙන් බාබකිව් එකක්" කියන කොටසෙදි මගේ මිත්‍රයන්ට මතක ඇති මං විශ්වගෙ අනිත් ජාන ගැන පොඩි මතක් කිරීමක් කලා. ඇත්තටම විශ්ව කියන්නෙ අපේ පුංචි අම්මගෙ පුතා. ඒකත් කිව්වෙ නැත්තං අඩුවක් කියල හිතුන. මගේ මිත්‍රයො දන්නවනෙ මං කිසිම දෙයක් මගේ හිතේ තියාගෙන බාගෙට දැනුම ලබාදෙන්න කැමති නැති බව. මං හැමවෙලේම උත්සහ කරන්නෙ දැනුමෙන් සන්නද්ධ පිරිසක් එක්ක අත්වැල් බැඳගෙන එක පවුලක් විදියට මේ ගමන යන්න.

    හරි දැං ආයිත් අපි හැරෙමු අපේ මාතෘකාවට. දැන් තමයි අපි මේ මාතෘකාවෙ ටිකක් බරපතල දේවල් අතපත ගාන්න හදන්නෙ. මගේ මිත්‍රයො දන්නවනෙ මං ඒ වගේ දේවල් රසවත්ව පොඩ්ඩක් ජොලි විදියට ඉදිරිපත් කරන්න කැමතියි කියල. අපි එහෙම පොඩි රසවත් විදියකට මේක පැහැදිලි කරගම්මු. දැන් හිතන්න අපේ ජිල්ලබකට හංදියෙ වික්‍රම හෝටලේ තියෙනව සීනි බනිස් හයක්. බලන්න හරිම රසවත් නේ. කියද්දිත් කටට කෙල උනනවනෙ. ඒ බනිස් හය උඩ තියෙනව සීනි කැට අට ගාණෙ. මේක උදාහරණයක් විදියට ගන්න. මං දන්නව වගේ බුද්ධිමත් මිත්‍රවරු දැං පෑන් පැන්සල් කොල අරගෙන මේක මාත් එක්ක කරනව ඇති.

    කවුරුහරි ඉන්නවනං මගේ විලම්භීත ආක්‍රමණ පාඨමාලාවට සම්බන්ද වෙන්න කැමති මං පහළින් දාලා තියෙනව ලින්ක් එක ඒක හරහා එන්න. ආයිත් අපි එනව මාතෘකාවට. කොහෙද එක දෙයක් කියාගෙන යන්න බෑනෙ. මට මගෙ මිත්‍රයන්ගෙ දැනුම ගැන පුදුම කැක්කුමක් තියෙන නිසා එවෙලෙට මතක් වෙන දේ කිව්වෙ නැත්තං මට මං ගැන පශ්චාත් නූතනවාදී පරිකල්පනීය ක්ලාන්තයක් වගේ එනව. මං කිව්ව දේ මොකක්ද කියල දැනගන්න ඕනනං මගේ "පශ්චාත් ජුන්ඩාව - සුවඳ නොබලා මැරෙන්නට එපා" සීරීස් එකේ විසි දෙවනි කොටස බලන්න. ජීවිතේට වැදගත් වෙයි.

    අපි එමු බනිස් වලට. දැං මේ බනිස් කන්න හිතෙන ත්‍රිකුණාමලේ වික්‍රම හාඩ්වෙයා එක ගාව ඉන්න කමල්ට ඒ හාඩ්වෙයා එකෙන් බනිස් තුනක් ගන්න ගියාම හම්බවෙන්නෙ පොල්තෙල් බෝතලේක දාපු ඇණ තුනක්. බලන්න ඒ සහසම්බන්ධය. අන්න ඒකතමයි මිත්‍රවරුනි සංසාරීය පුනරුත්ථාපනය කියන්නෙ.

    මං හිතනව මගේ මිත්‍රයො අද එපිසෝඩ් එක ගැන සෑහීමකට පත්වුනා කියල. යන්න කලින් ආයිත් මතක් කරන්නං මගෙ විද්‍යුත් විච්ජේදන පාඨමාලාව ගැන. එන්න අපි අපේ දැනුම නමැති සාගරයේ යූටියුබ් නමැති බිලී කොක්කක ඇමුනුනු මාලුවෙක් වගේ පිලුණු ගඳගහන වට්ටියකට වැටිල පණ යනකල් දඟලමු.

    ගිහිං එන්නං..
    ජය

    #රාමුව #Youtube #SriLanka
    #සිරාගන්නෙපා #ආතල්
    See less