චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    තව කොච්චර කල් මේ "ඒකියත්වය" තියෙයිද?

    ඕක නැතිවෙන්න බැරිද?
    ලංකාවේ විධායකයට බැරිද ඕක අහෝසි කරන්න :nerd:

    රට වැසියා කරබාගෙන හිටි පමණින් ඒකීය බව සුරැකෙන්නේ නෑ. දුටුගැමුණු රජතුමා ඒකීය බව වෙනුවෙන් සටන් කළ අන්තිමයා නෙවේ. අපේ ඉතිහාසය පුරාම ඒකීය බව බිඳින්න ගත් උත්සාහයන් ‍දක්වන්න පුළුවන්. අපේ මුතුන් මිත්තන් කී කෝටියක් ඒකීය බව සුරැකීම සඳහා දිවි දෙන්න ඇතිද?
    රාජ්‍ය පාලනය පිළිබඳ සෑම කටයුක්තකදීම ඒකීය බව තහවුරු වීම ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒකයි
     
    කෙහෙම්මල කෙසේ වෙතත් කිසිම තේරුමක් නැති විකාර දොඩවන්නේ ඔයාම නේද? මේක ඒකීය එක්සත් රටක් කියල කවුද ඔයාට කියල දුන්නෙ? මේක ඒකීය රටක්. ‍රටේ ඒකීය බව විනාශ කරන්න ගත් විශාල උත්සාහය පරාජය කර වසරක්වත් ගතවෙන්නට පෙර ඒකීය බව කෙහෙම්මලක් වුණේ කොහොමද?

    සිංහල ජාතියට දෙමළ ජාතිකයින් තර්ජනයක් බව මම කීවේ කොතනද? නොකී දේවල් කී බව කියමින් මඩ දේශපාලනයේ යෙදෙන්නේ ඔබද මමද? පටු ජාතිවාදය ඇවිස්සෙන්නේ එවැනි මඩ ප්‍රකාශ වලින් නේද?
    කිසිම හරයක් නැති මේ හෑල්ලටත් දිය යුත්තේ පලමු පිළිතුරමයි.ඔබ කැමති අයුරකින් වාද විවාද කරගෙන යන්න.මම කියන්නෙ තව වසර 6ක් බලයේ ඉන්න උවමනාවට නැති ජාතිවාදයක් අවුස්සා එට බේද නොකරන්න කියන ඉල්ලීමයි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙන්න මේකයි රට ඉදිරියේ ඇති ලොකුම අනතුර.නැතුව දෙමළ හෝ වෙනත් විදේශ බලවේගයක් නෙවෙයි.
    .
    ඒක ලොකුම අනතුර තමයි..ඒත් නංගී බාහිර බලවේග ප්‍රතික්ශේප කරන්න බෑ..

    ඉතිහාසය තිස්සේ වර්ග කිලෝමීටර් ලක්ශයක්වත් නැති මේ කුඩා දිවයිනට ලෝකය පුරාවෙන්(ඉන්දියාව,බටහිර සමහර රටවල් හා යම් ආගම්වාදී රටවලින්) විවිධ බලපෑම් ඇති වෙන්නත් ඒවා අකන්ඩව පෝෂණය වීමටත් හේතුව මොකක් කියලද ඔයා හිතන්නේ

    ඉර හඳ පවතින තාක් මේ රට බෙදන්න බෑ කාටවත්.සමුබුද්ධ ශාසනය පවතින-බුදු අනුහස් ඇති කිසිලෙසකින් යටත් කරගත නොහැකි ලෝකයේ ඇති එකම රට ලංකාවයි(අධිරාජ්‍යවාදීන් සුළු කලක් පාලනය කලත්,සමස්ථයක් ලෙස රට වෙනස් වුනේ නෑ)විධායකයෙක් කවුරුහරි මේක වෙනස් කරනවා නම් මේ රටේ සියළු සිංහලයන් මිය ගිය දාක තමයි ඒකක කරන්න වෙන්නෙ.ඉංදියාව පවා රට දෙකඩ වීම සපුරාම අනුමත නොකරන තත්වයක ඉංදියාවටත් ඉහළින් වැඩ කරන්න සක්විති රජෙක් එන්න ඕන.මේක නිකං හිතළුවක්.දිය බේසමේ කිඹුලන් දකින්න සිංහල සමාජය බියවද්දා දේශපාළුවෝ රට හූරා කනවා.

    අපි උඩ බලාගෙන හිටියොත් මහා බ්‍රඃමයටවත් බෑ මේ රට ආරක්ශා කරන්න. මේ රට රැකගන්න ඕනෙ අපිමයි.:baffled:
    උත්තරේ ලැබිලා
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,936
    536
    113
    Sri Lanka
    කොටින්ට උදව් කළැයි චෝදනාව මත අත්අඩංගුවේ සිට නිදහස ලැබූ TNA මන්ත්‍රී මහින්දට සහය දක්වයි

    ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව අද වව්නියාවේදී පවසා ඇත. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 8 කට වැඩි කාලයක් රජයේ අත්අඩංගුවේ සිටි කනගරත්නම් නිදහස් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට සහාය පළ කරන ලෙස ඔහුට බල කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පසුගියදා පවසා තිබිණි.

    යුද්ධය අවසන් වන තෙක් කොටි සංවිධානය හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් කනගරත්නම් රජයේ ආරක්‍ෂක අංශ භාරයේ පසුවූ අතර තමා නිදහස් කිරීම සඳහා කොන්දේසියක් ලෙස ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ඔහුට සහාය පළ කළ යුතු බවට තමාගෙන් ඉල්ලා සිටි බව මන්ත‍්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කීපදෙනකු දුරකථනයෙන් අමතා පැවසූ බව TNA හි ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පසුගියදා මාධ්‍යයක් හමුවේ පවසා තිබිණි.

    රජය විසින් වවුනියා මන්නාරම පාරේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිවාස සංකීර්ණයේ පිහිටි නව නිවාසයක් මන්ත‍්‍රීවරයාට ලබාදී ඇති අතර නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යංශයේ වාහනයක් ද ලබාදී ඇතැයි පැවසේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කොටි සංවිධානය විසින් සිදුකළ ගුවන් ප‍්‍රහාරය සම්බන්ධව මන්ත‍්‍රීවරයාගේ පුත‍්‍රයා තවමත් ආරක්‍ෂක අංශවල අත්අඩංගුවේ පසුවන බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. නිදහස ලැබූ මන්ත‍්‍රීවරයා පසුගිය 16 දා මුලතිව් බලා ගොස් රජයෙන් දුන් ට‍්‍රැක්ටර් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ බවත්, එහිදී අදහස් පළ කර ඇති කනකරත්නම් මන්ත‍්‍රීවරයා තමන් සමග ජනාධිපතිවරයාට සහාය දීමට TNA මන්ත‍්‍රීවරු තිදෙනෙකු සිටින බවද පැවසූ බව lankaenews වෙබ් අඩවිය පසුගියදා දක්වා තිබිණි.

    දෙමළ සංධාන මන්ත‍්‍රී
    ජනපති පැත්තට
    ( ඕමන්තේ ප‍්‍රියන්ත හේවගේ*
    ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්‍ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිට නිදහස ලැබු දෙමළ සංධාන මන්ත‍්‍රී සතාසිවම් කනගරත්නම් මහතා මහින්ද රාජපක්‍ෂ ජනපතිට සහාය දෙන බව වවුනියාවේදී අද පැවැසීය. දෙමළ ජනතාවට නිදහස ලබා දුන් ජනපති සමග දෙමළ ජනතාව සිටින බව ඔහු කීවේය

    aniwar yen jeewath wenna asa manussa yaek
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    කෙටියෙන්ම කියනවනම්....
    වසර 30ක් තිස්සේ රටේ තිබ්බ වසංගතය නිමා කරාට පස්සේ ඒ වසංගතයට නැවත හිස ඔසවන්න දෙනවද නැද්ද කියන එක තමන්ම තීරණය කරගන්න....:)

    ඒක ඇත්ත. දෙමළ ත්‍රස්තවාදය පරාජය වුණාට දෙමළ බෙදුම්වාදය තවම පරාජය වෙලා නෑ. ඒක පරාජය නොකළොත් අපිත් නිදහසක් ලැබෙන්නෙ නෑ.
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    කිසිම හරයක් නැති මේ හෑල්ලටත් දිය යුත්තේ පලමු පිළිතුරමයි.ඔබ කැමති අයුරකින් වාද විවාද කරගෙන යන්න.මම කියන්නෙ තව වසර 6ක් බලයේ ඉන්න උවමනාවට නැති ජාතිවාදයක් අවුස්සා එට බේද නොකරන්න කියන ඉල්ලීමයි

    එය ඔබේ නිරුත්තර වීම කියල හිතා ගන්නම්.
    වසර 6න් 6ට පාලනය වෙනස් කරගැනීමේ හැකියාව දී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් මිසක් වත්මන් රජය නොවේ. එම නිසා වසර 6න් 6ට එන මැතිවරණ ප්‍රකාශයේ ඒකීය බව ඉතා වැදගත් සාධකයක්. ඒකීය බව මතක් කළ සැණින් පටු ජාතිවාදය මතක් වෙන්නේනම් බලය ගන්න ඕනම දෙයක් පුදන්න කැමති අයට තමයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඉර හඳ පවතින තාක් මේ රට බෙදන්න බෑ කාටවත්.සමුබුද්ධ ශාසනය පවතින-බුදු අනුහස් ඇති කිසිලෙසකින් යටත් කරගත නොහැකි ලෝකයේ ඇති එකම රට ලංකාවයි(අධිරාජ්‍යවාදීන් සුළු කලක් පාලනය කලත්,සමස්ථයක් ලෙස රට වෙනස් වුනේ නෑ)විධායකයෙක් කවුරුහරි මේක වෙනස් කරනවා නම් මේ රටේ සියළු සිංහලයන් මිය ගිය දාක තමයි ඒකක කරන්න වෙන්නෙ.ඉංදියාව පවා රට දෙකඩ වීම සපුරාම අනුමත නොකරන තත්වයක ඉංදියාවටත් ඉහළින් වැඩ කරන්න සක්විති රජෙක් එන්න ඕන.මේක නිකං හිතළුවක්.දිය බේසමේ කිඹුලන් දකින්න සිංහල සමාජය බියවද්දා දේශපාළුවෝ රට හූරා කනවා.

    අවුරුදු 30 මේක බෙදිල තම්යි තිබ්බේ , 2001 රනිල් ලියලත් දුන්න , තව ටික දවසක් ගියානම් මේ ඊලම අතටම ගන්නව , ඒතකොට ඉර හද තිබ්බ , බුදු සසුනත් තිබ්බ , ඕව තිබ්බද නැද්ද නෙමේ ප්‍රශ්නය මේක පාලනය කරන පාලකයන් සහ තීරණ ගන්න බුද්ධිමත් ජනතාව තුල තමයි රැදිල තියෙන්නේ
    මොකද රට වෙනස් වුනේ නැත්තේ , ජාතික ප්‍රතිපත්ති , රටේ සංස්කෘතිය , කොටින්ම ජාතීන් අතර අසමගියක් ඇතිකරන්නත් ඔය කියන අධිරාජ්‍යන් තම්යි ගානට පාර කපල දුන්නේ , සුළු ජාතීන මෙච්චරයි , කිය කිය සභාවන් වලට ඒ ඒ අය පත්කරල , කොටින්ම අපිව කෑවෙ ඕකුන් තම්යි , උන්ට ඕන රූකඩ ටිකක් මෙහි පත්කරල ගියා කියල ඔච්චරටම හිතෙන් නැත්ද ,
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මෙන්න මේකයි රට ඉදිරියේ ඇති ලොකුම අනතුර.නැතුව දෙමළ හෝ වෙනත් විදේශ බලවේගයක් නෙවෙයි.

    දෙමළ..????
    මොකටද තවත් ජාතියක් පටලව ගන්නේ.... :nerd:

    කවුරුත් දෙමළ ජාතිය අනතුරක් කිව්වද? නැති ජාති භේද අවුස්සන්න හදන්නෙ කිසි දෙයක් කර ගන්න බැරුව,කතා කරන්න දෙයක් නැතුව... පරාජයෙන් වියරු වැටුන මිනිස්සු....

    ඒ දවස්වලත් එළකිරි එකේ ඔය අටුලයියල එහෙම හරියට කෑ ගැහුව LTTE එකේ තස්තවාදීන් මරද්දි දෙමළ මිනිස්සුන්ව මරණව කියලා... :)

    තමන්ගේ අම්මා තාත්තා උනත් පාවා දෙන කොටසක් ඉන්නව බලය වෙනුවෙන්.. මේ ලඟදිත් ජනාධිපති අපේක්ෂකයෙකුත් එහෙම පාවාදීමක් කලානේ.. :rofl:

    විදේශ බල වේග එනවද නැද්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. ඒක යුද්ධයෙ අවසාන හරියෙදි අපි හමෝම දැක්කනේ :)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කිසිම හරයක් නැති මේ හෑල්ලටත් දිය යුත්තේ පලමු පිළිතුරමයි.ඔබ කැමති අයුරකින් වාද විවාද කරගෙන යන්න.මම කියන්නෙ තව වසර 6ක් බලයේ ඉන්න උවමනාවට නැති ජාතිවාදයක් අවුස්සා එට බේද නොකරන්න කියන ඉල්ලීමයි

    ප්‍රශ්න වලට උත්තර නොදි පෑනල යන්නනම් ඔයා හොදට දන්නව.......:yes::yes:
     
    • Like
    Reactions: life

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඒක ඇත්ත. දෙමළ ත්‍රස්තවාදය පරාජය වුණාට දෙමළ බෙදුම්වාදය තවම පරාජය වෙලා නෑ. ඒක පරාජය නොකළොත් අපිත් නිදහසක් ලැබෙන්නෙ නෑ.

    වසර 30ක් තිස්සේ වර්ධනය උන ලෝකෙ දරුණුතම තස්තවාදී කණ්ඩායම මසෙන් දෙකෙන් සහමුලින් විනාශ කරන්න පුලුවන්නම් ඒක පුදුමයක් මචන්...

    තවම ඒකේ පුරුක් ලෝකෙ හැම තැනම තියනවා.. උන් බලන් ඉන්නේ උන්ගෙ අවස්ථාව ආයෙත් එනකන්.... අපේ සමහර නායකයින් ඒ අවස්ථාව උන්ට බන්දේසියක දාල දෙන්න බලාගෙන ඉන්නවා....

    බොරුවට කෑගහන හුඟ දෙනෙක්ට ඒක තේරෙන්නේ නෑ..
    :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කෝ මෙයා , කුම්බලා මාළු කෑවානම් විදවාපන් බළලෝ කිව්වලු
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    වසර 30ක් තිස්සේ වර්ධනය උන ලෝකෙ දරුණුතම තස්තවාදී කණ්ඩායම මසෙන් දෙකෙන් සහමුලින් විනාශ කරන්න පුලුවන්නම් ඒක පුදුමයක් මචන්...

    තවම ඒකේ පුරුක් ලෝකෙ හැම තැනම තියනවා.. උන් බලන් ඉන්නේ උන්ගෙ අවස්ථාව ආයෙත් එනකන්.... අපේ සමහර නායකයින් ඒ අවස්ථාව උන්ට බන්දේසියක දාල දෙන්න බලාගෙන ඉන්නවා....

    බොරුවට කෑගහන හුඟ දෙනෙක්ට ඒක තේරෙන්නේ නෑ..
    :)

    මේ ත්‍රෙඩ් එකේදි කට්ටියම යටිකූට්ටු බෙදුම්වාදීන්ටත් සිංහලයන් ජාතිවාදීන් කියල හංවඩු ගහන අයටත් නියම තර්කානුකූල පිළිතුරු ටිකක් දීල තියෙනව රෙදි ගැලවෙන්න. අපේ රට විනාශ කරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කරන අයට සලකන්න ඕනෙ මෙහෙම තමයි.

    ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළා වගේ බෙදුම්වාදය මතවාදීව පරාජය කළ යුතුයි.
     
    Last edited:
    ජන.16: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රට නොබෙදන බවට තමන් තුළ විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ සිරි සුමංගල හිමියෝ අද පැවසූහ. ඒ, අද ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සුමංගල හිමියන් හමුවූ අවස්ථාවේදී ය.
    බෙදා වෙන් කිරීමට ගිය රට යළි එක්කිරීමේ විශිෂ්ටතම කාර්යභාරය කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසිම අවස්ථාවක මේ රටට හානියක් වන ලෙස රට බෙදා වෙන්කිරීමට කටයුතු නොකරන බවට තමා තුළ බලවත් විශ්වාසයක් ඇතැයි එහිදී පූජ්‍ය තිබ්බටුවාවේ සිරි සුමංගල නාහිමියෝ පැවසූහ.
    උන් වහන්සේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇත්තේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ය.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    දැන් ඉතින් අනිත් පැත්තේ මල්ලිලා ටිකක් අවිත් ලොකුවට මුළු ත්‍රෙඩ් එකම වහෙන්න පෝස්ටර් එකක් දාලා..
    කුනුහරුපයක් දෙකක් කියල යයි...
    හුඟක් අය දන්නේ එච්චරයි....

    මාතෘකාවට අදාලව කතා කරන්න එයාලට කවුරුත් නෑ...
    :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ජන.16: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රට නොබෙදන බවට තමන් තුළ විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ සිරි සුමංගල හිමියෝ අද පැවසූහ. ඒ, අද ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සුමංගල හිමියන් හමුවූ අවස්ථාවේදී ය.
    බෙදා වෙන් කිරීමට ගිය රට යළි එක්කිරීමේ විශිෂ්ටතම කාර්යභාරය කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසිම අවස්ථාවක මේ රටට හානියක් වන ලෙස රට බෙදා වෙන්කිරීමට කටයුතු නොකරන බවට තමා තුළ බලවත් විශ්වාසයක් ඇතැයි එහිදී පූජ්‍ය තිබ්බටුවාවේ සිරි සුමංගල නාහිමියෝ පැවසූහ.
    උන් වහන්සේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇත්තේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ය.

    හා හා , කොහෙද මේ පත්තර කෑල්ලක් අරන් යන්නේ , හාමුදුරුවො විස්වාස කරයි , නමුත් විස්වාස කියන ඒව බොහොම ඉක්මනට කැඩෙන්නත් පුලුවන්
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ජන.16: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතා රට නොබෙදන බවට තමන් තුළ විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ සිරි සුමංගල හිමියෝ අද පැවසූහ. ඒ, අද ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සුමංගල හිමියන් හමුවූ අවස්ථාවේදී ය.
    බෙදා වෙන් කිරීමට ගිය රට යළි එක්කිරීමේ විශිෂ්ටතම කාර්යභාරය කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසිම අවස්ථාවක මේ රටට හානියක් වන ලෙස රට බෙදා වෙන්කිරීමට කටයුතු නොකරන බවට තමා තුළ බලවත් විශ්වාසයක් ඇතැයි එහිදී පූජ්‍ය තිබ්බටුවාවේ සිරි සුමංගල නාහිමියෝ පැවසූහ.
    උන් වහන්සේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා ඇත්තේ, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ය.

    මේ ප්‍රවෘත්තියෙන් ඔප්පු වෙන්නෙ සුමංගල හාමුදුරුවන්ගෙයි ඔයාගෙයි මතය එකක් කියන එක විතරයිනෙ. මල්වතු ලොකු හාමුදුරුවොයි ඔයයි කියපු පළියට අපි ඒක විශ්වාස කරන්න ඕන කියලද ඔයා කිය‍න්නෙ
    අනික හාමුදුරුවන් විවේචනය ගිහි අපිට අකැපයි. ඒක නිසා මම මේ ගැන මොනවත් කියන්නෙ නෑ