චන්ද්‍රගහණයක්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    චන්ද්‍රගහණයක්

    north-pole-moon2.jpg




    හෙට(21) දිනයේ පූර්ණ චන්ද්‍රගහණයක් සිදුවන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට දහවල් 12 .03ට ආරම්භ වන මෙම චන්ද්‍රගහණයේ මධ්‍ය අවස්ථාව දහවල් 1 .47ට ආරම්භ වන බව එහි තාරකා විද්‍යා උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

    පස්වරු තුන වන විට චන්ද්‍රගහණය අවසන් වන බව ද චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

    විනාඩි හැත්තෑ දෙකක පමණ කාලයක් අහසේ දිස්වන මෙම චන්ද්‍රගහණය ‍ශ්‍රි ලංකාවට දර්ශනය නොවන බව ද චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

    යුරෝපය, අමෙරිකාව, අප්‍රිකාවේ උතුරු කොටස්, චීනය හා ජපානය යන රටවල වැසියන්ට මෙය පැහැදිලිව දැකගත හැකිය.

    චන්ද්‍රයා මතට පෘථිවියේ සෙවනැල්ල පැමිණීමෙන් එය අඳුරු වීම නිසා චන්ද්‍රගහණයක් දැකගත හැකිය.