චන්ද්‍රිකා(satellite)

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    චන්ද්‍රිකා(satellite)


    GPSbig.jpg



    විශේෂිත වූ අරමුණු සහ කාර්යයන් සඳහා විවිධ වර්ගවල කෘති‍්‍රම චන්ද්‍රිකා නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස විදුලි සංදේශ හා රූපවාහිනී, ගුවන් විදුලි විකාශන ව්‍යාපාර වලදී, රේඩියෝ, රූපවාහිනී සහ දුරකථන සංඥා ආදිය රැහැන් රහිතව හෝ බාධාවකින් තොරව ගෙන යාමට සන්නිවේදන චන්ද්‍රිකාවන් යොදාගැනෙයි. ගමනාගමන කටයුතු (නාවුක, ගුවන්යානා) වලදී යොදා ගන්නා චන්ද්‍රිකාවලට පොළොවේ ඉතා සියුම් තැන් පවා පෙන්වා දීමේ හැකියාව ඇත. කාලගුණික චන්ද්‍රිකා මගින් කාලගුණ විද්‍යාඥයින්ට කාලගුණය පිළිබඳ විවිධ දත්ත ලබාගැනීමටත් ඒ අනුසාරයෙන් ඉදිරි කාලගුණික විපර්යාසයන් පිළිබඳ අනාවැකි ප‍්‍රකාශ කිරීමටත් හැකියාව ලැබී ඇත. ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල් නිරීක්‍ෂණ චන්ද්‍රිකා යොදාගනිමින් ප‍්‍රධාන යුද කි‍්‍රයාකාරීත්වයන්ට වැදගත් වන තොරතුරු රැස්ර ගනී. විද්‍යත්මක චන්ද්‍රිකා, පෘථිවිය නිරීක්‍ෂණය, පිටත ග‍්‍රහලෝක, සූර්යයා, ධූමකේතු සහ මන්දාකිණි නිරීක්‍ෂණය වැනි අභ්‍යාවකාශය මූලික කරගත් වැඩ සටහන් හා වෙනත් ප‍්‍රයෝජනවත් කාර්යයන් බොහෝමයක් සඳහාත් කෘති‍්‍රම චන්ද්‍රිකා යොදාගනී.

    සන්නිවේදන චන්ද්‍රිකාමුල් යුගයේ කෘති‍්‍රම චන්ද්‍රිකා සියල්ලක්ම පාහේ මොනයම් හෝ සන්නිවේදන උපකරණවලින් සමන්විත විය. නාසා ආයතනය මගින් 1962 දී කක්ෂගත කරන ලද ප‍්‍රථම දුරකථන හා රූපවාහිනී චන්ද්‍රිකාව AT & T ආයතනයට අයත් ටෙල්ස්ටාර් l යනුවෙන් හැඳින්විණි. එක්සත් ජනපදයේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව වූයේ සින්කොම් 3 ය. සින්කොම් 3 යනු භූ ස්ථාවර කක්ෂයක් (පොළොවේ පරිභ‍්‍රමණ වේගයට සමාන වේගයක් ඇති කක්ෂ) භාවිතා කරන ලද ප‍්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාවයි. 1957 වසරේ සිට මේ දක්වා සන්නිවේදන චන්ද්‍රිකා 300 ට වැඩි ප‍්‍රමාණයක් කක්ෂගත කර ඇත. වර්තමානයේ භූ ස්ථාවර කක්ෂගත චන්ද්‍රිකා වලින් හඩ, දත්ත සහ රූපවාහිනී සන්නිවේදනය සිදුකෙරෙන අතර ලොව වටා පිහිටි නිවෙස්වලට සෘජු රූපවාහිනී විකාශනයන් සිදුකිරීමේ හැකියාවද ඇත. ලෝකයේ බොහෝ රටවලට ඔවුන්ගේම සන්නිවේදන චන්ද්‍රිකා (Comsat) ජාලයක් පවතී. ජාත්‍යන්තර මට්ටමින් චන්ද්‍රිකා හරහා සන්නිවේදන කටයුතු සිදුවන්නේ ඉන්ටෙල්සැට් නම් සංවිධානයක් හරහාය. 1982 වර්ෂයේ සිට ඉන්මාසැට් නම් වෙනත් සංවිධානයක් මගින් මුහුදේ ගමන් ගන්නා නෞකාවන් සඳහා සන්නිවේදන චන්ද්‍රිකා ජාලයක් පිහිටුවන ලදී. මේ නිසා බොහෝ නෞකාවලට චන්ද්‍රිකා තාක්ෂණයේ ආධාරයෙන් නිවැරදිව ඔවුන්ගේ පිහිටීම සහ දිශාව සොයාගැනීමේ හැකියාව ලැබී ඇත.


    no-credit-check-satellite-internet.jpg
    earth-satellite.jpg


    ගමනාගමන චන්ද්‍රිකාමේවා නිසා නැව්වලට ගුවන් යානාවලට පමණක් නොව මෝටර් වාහනවලට පවා විශේෂිත ගුවන්විදුලි සම්පෙ‍්‍ර්ෂක මගින් නියමිත ස්ථානය සොයාගැනීමේ පහසුව ලැබී තිබේ. මේ වර්ගයේ චන්ද්‍රිකා වලින් අඛණ්ඩව පෘථිවිය වෙත ගුවන් විදුලි සංඥා එවනු ලබයි. මේ සංඥාවල අඩංගු දත්තයන් පොළොවේ ඇති විශේෂිත ගුවන් විදුලි සම්පෙ‍්‍ර්ෂක මගින් පරිවර්තනය කෙරේ. ඒවා තව දුරටත් විශ්ලේෂණය කිිරීම මගින් යම් නෞකාවකට හෝ වෙනත් වාහනයකට තම ගමන් දිශාව, පිහිටීම, දුර ප‍්‍රමාණය ආදී සියලු තොරතුරු නිවැරදිව දැන ගැනීමේ හැකියාව පවතී.එක්සත් ජනපදයේ නාවුක හමුදාව මගින් 1960 දී ප‍්‍රථම ගමනාගමන චන්ද්‍රිකාව වූ ට‍්‍රාන්ස්සිට් 1 ඕ කක්ෂගත කරන ලදී. 1996 දී මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය අවසන් වූ බැවින් එක්සත් ජනපදයට එහි සේවය අහිමිවිය එක්සත් ජනපදයේ ගුවන් හමුදාව විසින් තම මෙහෙයුම් සඳහා කක්ෂගත කරන ලද NAVSTAR Global Positioning System (GPS) නම් පද්ධතියට චන්ද්‍රිකා 24 ක් අන්තර්ගත විය. සම්පෙ‍්‍ර්ෂකයේ වර්ගය සහ භාවිතා කළ ක‍්‍රමය මත මෙම GPS පද්ධතියට මී. 100 සිට සෙ. මී. 1 වටා ප‍්‍රමාණයක් දක්වා නිවැරැදිව යම් ස්ථානගත තොරතුරු සැපයීමේ හැකියාව ඇත. රුසියානු සමූහාණ්ඩුව යැවූ Global Orbiting Satellite System (GLONASS) නම් පද්ධතියටද චන්ද්‍රිකා 24 ක් අන්තර්ගත විය. එහි කි‍්‍රයාකාරීත්වයේ නිවැරැදිතාව ඉහත ට්ර්‍ථඉ පද්ධතියටම සමාන විය. යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය මගින් 2002 වසරේදී ගමනාගමන චන්ද්‍රිකා පද්ධතියක් කක්ෂගත කිරීමට සැලසුම් කර තිබිණි.

     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    කාලගුණික චන්ද්‍රිකාකැමරා සහ වෙනත් උපකරණ වලින් සමන්විත වන කාලගුණික චන්ද්‍රිකාවන් සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලය ආසන්නයේ වූ කක්ෂවල ස්ථානගත කරයි. පෘථිවියේ කාලගුණික තත්ත්වයන් ගැන අනාවැකි ප‍්‍රකාශ කිරීමටත්, කාලගුණය ගැන තොරතුරු රැස්කර ගැනීමටත් මෙම චන්ද්‍රිකා උපයෝගීී කරගනී. මේවාට අභ්‍යාවකාශයේ සිට පෘථිවියේ කාලගුණික තත්ත්වයන් පිළිබඳ ඉතා හොඳ දර්ශන ලබාගත හැකිවීමත්, ලබාගන්නා දත්ත දිවා රාතී‍්‍ර දෙකේදීම නොකඩවා පොළොවට එවිය හැකි වීමත් මෙහි ඇති වාසියකි.වර්ෂ 1960 දී නාසා ආයතනය විසින් යවන ලද ප‍්‍රථම කාලගුණික චන්ද්‍රිකාව Television Infrared Observation Satelliste (TIROS) 1 යනුවෙන් හැඳින්විණි. TIROS 1චන්ද්‍රිකාව මගින් මේ වන විට පෘථිවියේ හා වායුගෝලයේ ඡායාරූප 23000 ක් පමණ පොළොවට එවා ඇත. නාසා ආයතනයෙන් මෙහෙයවන ලදGOES (Geostationary Operational Environmental Satellite) චන්ද්‍රිකා මාලාවම භූස්ථාවර චන්ද්‍රිකාවන් විය.චන්ද්‍රිකාවලට කුණාටු ආදී තත්ත්වයන්ද ඇතුළුව කාලගුණය පිළිබඳ බොහෝ තොරතුරු ලබාදීමට හැකි විය.GOES චන්ද්‍රිකා මාලාව සමඟ තරග කළ යුරෝපීය චන්ද්‍රිකාව වූයේ Meteosat – 3 ය. එම චන්ද්‍රිකාවත් භූ ස්ථාවර චන්ද්‍රිකාවක් සේ පැවතිණි. The National Oceanic and Atmospheric Administration (NOAA) විසින් මෙහෙයවන ලද චන්ද්‍රිකා 3 ක් මගින් දීර්ඝ කාලීන කාලගුණික තත්ත්ව පිළිබඳ දත්ත එක්රැස් කරගැනීමට හැකිවිය. මේ චන්ද්‍රිකාවන් තුනම භූ ස්ථාවර චන්ද්‍රිකාවන් නොවූ අතර පෘථිවි ධ‍්‍රැව හරහා ඇති අඩු උසක් සහිත කක්ෂවල ස්ථානගත කර තිබිණි.

    satellite_graphics.JPG

    යුද කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකායුද කටයුතු සඳහා යොදාගන්නා බොහෝ චන්ද්‍රිකා වාණිජ මට්ටමේ ඒවාට සමාන බවක් දක්වන නමුත් ඒවා විසින් එවනු ලබන රහසිගත දත්ත කියවා තේරුම් ගත හැක්කේ විශේෂිත වූ සම්පෙ‍්‍ර්ෂකවලට පමණි. යුද නිරීක්‍ෂණ චන්ද්‍රිකාවලටත් අනෙක් ඒවාට මෙන්ම ඡායාරූප ගැනීමේ හැකියාව ඇත. එහෙත් මේවායේ ඇති විශේෂත්වය වන්නේ ඒවායේ ඇති කැමරා අධිකි‍්‍රයාකාරි මට්ටමේ ඒවාවීමයි. එක්සත් ජනපදයේ හමුදාව මගින් විවිධ යුද චන්ද්‍රිකා පද්ධති විශාල ප‍්‍රමාණයක් කක්ෂගත කර ඇත. ආරක්‍ෂක චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියට (The Defense Satellite Communication System – DSCS) චන්ද්‍රිකාවන් 5 ක් ඇතුළත් වූ අතර ඒවා ස්ථාවර වර්ගයේ චන්ද්‍රිකාවන් විය. ඒවා මගින් යුද භමි අතර හඬ, දත්ත සහ රූපවාහිනී සංඥා ආදිය විකාශනය කළ හැකි විය. ආරක්‍ෂක උපයෝගී වැඩසටහන (The Defense Suppor Program – DSP) මිසයිල අනතුරු පිළිබඳව කල්තියා තොරතුරු ලබාගැනීම අරමුණු කරගෙන කි‍්‍රයාත්මක කරන ලද්දකි. මෙම ච්ඉර්‍ථ වැඩ සටහන 1991 දී පර්සියානු බොක්කේ සිදුකෙරුණු යුද්ධයේදී ඉරාකය විසින් එවන ලද ස්කඩ් මිසයිල පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උපකාරී විය.සමහර යුද චන්දිකා මගින් මහජනයාගේ ප‍්‍රයෝජනයට ගත හැකි දත්තයන්ද සපයනු ලබයි. උදාහරණයක් ලෙස (Defense Meteorological Satellite Program – DMSP) නම් වූ වැඩ සටහන මගින් පෘථිවියේ කාලගුණික තොරතුරු ද රැස්කර ප‍්‍රචාරය කරන ලදි. යුද කටයුතු වලදී (Global Positioning System – GPS)යනුවෙන් චන්ද්‍රිකා පද්ධතියක්ද කි‍්‍රයාත්මක කෙරේ. ට්ර්‍ථඉසම්පෙ‍්‍ර්ෂක භාවිතා කළ හැකි ඕනෑම අයකුට මෙයින් ගමනා ගමන තොරතුරු ලබාගත හැකි විය.

    communications_satellite.gif

    විද්‍යාත්මක චන්ද්‍රිකාපෘථිවි කක්ෂයේ ස්ථානගත කර ඇති මෙවැනි චන්ද්‍රිකා වලට පෘථිවියේ සිතියම් සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීම, පෘථිවියේ හැඩය සහ ප‍්‍රමාණය නිශ්චය කිරීම සහ සාගර සහ වායුගෝලය සම්බන්ධ ගති විද්‍යාව අධ්‍යයනය කිරීම වැනි කාර්යයන් සිදුකළ හැකියි. එමෙන්ම විද්‍යාඥයින් විසින් හිරු, සඳු, වෙනත් ග‍්‍රහලෝක හා ඔවුන්ගේ චන්ද්‍රයින් ධූූමකේතු, තාරකා සහ මන්දාකිණි පිළිබඳ නිරීක්‍ෂණය කිරීමටත් මෙම චන්ද්‍රිකා යොදාගනී. හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මෙවැනි අරමුණු පෙරදැරි කරගෙන 1990 දී උඩු ගුවනට යවන ලද්දකි. යුලිසස් නම් චන්ද්‍රිකාවෙන් සූර්යයාගේ ග‍්‍රහ සහ එහි උස් පිහිටීම් පිළිබඳ නිරීක්‍ෂණ සිදුකෙරිණි. එමෙන්ම ගැලීලියෝ නම් අභ්‍යාවකාශ යානාව සෙනසුරු ග‍්‍රහලෝකයට කක්ෂගත වී 1995 සිට එහි තොරතුරු පොළොවට එවන ලදී. එමගින් එහි දත්ත සහ එහි චන්ද්‍රයින් පිළිබඳ තොරතුරු පොළොව වෙත එවීය.

    අන්තර්ජාලය ඇසුරිනි
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නියමයි සහෝ... තවත් වටින විස්තර ටිකක් අරන් ඇවිත් වගෙයි එල එල....

    You must spread some Reputation around before giving it to **cut again.:(

    thankx bro :D