චන්ද්‍රිකා
1957 ඔක්තොම්බර් මස ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමත් සමගම සන්නිවේදන චන්ද්‍රිකා විප්ලවය නිල වශයෙන් ඇරඹියත් දශක කිහිපයකට පෙර සිටම මේ පිළිබඳ සංකල්පය ආරම්භ වී පැවතිණි. එකල තරුණයකු වූ කීර්තිමත් විද්‍යාඥ “ආතර් සී ක්ලාක්” , “වයර්ලස් වර්ල්ඩ්” නම් වූ බි්රතාන්ය සඟරාවට ලියන ලද ලිපිය මෙම චන්ද්‍රිකා තාක්ෂණයේ මූලාරම්භය ලෙස සැලකෙයි. චන්ද්‍රිකා මගින් ගුවන් විදුලි සේවාවන් සමස්ත ලෝකයටම පොදු වන සේ ප්‍රචාරය කළ හැකි ද? යන්න මාතෘකාව කොට ගත් මෙම ලිපිය මගින් අවම වශයෙන් චන්ද්‍රිකා තුනකින් ලෝකයම ආවරණය වනසේ තොරතුරු සන්නිවේදනය කළ හැකි අන්දම දක්වන ලදී .මෙයට අනුව චන්ද්‍රිකා තුනක් ඉහළ පෘථිවි කක්ෂයේ ස්ථාන ගත කළ යුතු අතර මේවා පෘථිවියට සාපේක්ෂව නිශ්චලව පවතිමින් පෘථිවියේ සන්නිවේදන මධ්‍යස්ථාන සමඟම සෘජුව සන්නිවේදනයේ යෙදේ.
21 වන සියවස වන වර්තමානයේ කිනම් අයුරකින් හෝ චන්ද්‍රිකාවලින් ප්‍රයෝජන නොලබන්නෙකු නොමැති තරම්ය. එම චන්ද්‍රිකා නොතිබුණේ නම් ශීී‍්‍ර ලංකා ධාවන සූරී සුසන්තිකා ජයසිංහගේ ඕස්ටේ්රලියානු ඔලිම්පික් දක්ෂතා සජීවිව නැරඹීමට කෙලෙසවත් නොහැකි වනු ඇත. බාහිර ලෝකයේ සමහර ව්‍යාපාර චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන අතර මීට ටික කලකට පෙර ඇමරිකාව සමඟ යුද වැදුණු “අල්කයිඩා” සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩන් පවා සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණයේ සෘජු ප්රතිලාභ ලබන්නෙකු බවට පත් වී ඇත.
ඔහු සතුව ඇතැයි කියන චන්ද්‍රිකා පහසුකම් සහිත හුරුබුහුටි ජංගම දුරකථනය මගින් ලොව කොතනක සිටියත් ඔහුගේ අන්තර්ජාතික සබඳතා සෘජුව පවත්වා ගැනීමේ හැකියාව කියවා ඇත. පෘථිවි ඉහළ කක්ෂයේ සන්නිවේදන චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක් රඳවා තැබීමෙන්ම චන්ද්‍රිකා මගින් සන්නිවේනයේ යෙදීම අද කොතරම් ජනපි‍්‍රය වී ඇද්දැයි පැහැදිලිය. භූ ස්ථාවර සන්නිවේදන චන්ද්‍රිකා මගින් පණිවිඩ හුවමාරුව හොඳ ආරම්භයක් වුවත් අද සමාජයේ දිනෙන් දින වර්ධනය වන සන්නිවේදන අවශ්‍යතාව යන්තමින් සපුරාලීමට පමණක් එය ප්‍රමාණවත් විය. දියුණු සන්නිවේදන උපකරණ වලින් සමන්විත නොවූ භූ ස්ථාවර චන්ද්‍රිකාවක් හා තනි පුද්ගලයකුට සෘජුව සන්නිවේදනයේ යෙදීම කළ නොහැකි දෙයකි. එබැවින් ඔහුට සේවා සපයන්නෙකු මත රඳා පවතිමින් ඔහුගේ පෘථිවි ග්රාහක මධ්‍යස්ථාන හරහා සම්බන්ධතාව ලබා ගැනීමට සිදුවේ.
ඕනෑම රටක සේවා සැපයුම් මධ්‍යස්ථාන , විශාල සංඛ්‍යාවක් නොමැත.ශීී‍්‍ර ලංකාවේ නම් ගුවනේදී සම්බන්ධීකරණය සෘජුව සිදු කළ හැක්කේ පාදුක්කේ පිහිටි ලංකාවේ එකම පෘථිවි ග්රාහක මධ්‍යස්ථානයට පමණි. ඒ නිසා අප සැමට ජාත්‍යන්තර වශයෙන් ඇමතුමක් ලබා ගැනීම සඳහා භූගෝලීය සබඳතාවක් ඒ හරහා ඇතිකර ගැනීමට සිදුවී ඇත. මෙසේ සිදු වීමේදී මූලික කි‍්‍රයා වලියට අමතරව ග්රාහකයා හා සේවා සපයන්නා අතර අත්‍යවශ්‍ය කාලය විනාශ කර දමන අතුරු කි‍්‍රයාවන්ද සිදු වේ.වර්තමානයේදී පුද්ගලයින්ට චන්ද්‍රිකා තාක්ෂණය මගින් තම එදිනෙදා කටයුතු පහසු කර ගැනීමටද මඟ එළිපෙහෙලිකර දී ඇත. එනම් අපට අවශ්‍ය ෆැක්ස් පණිවිඩයක් අදාල ස්ථානයට ගමන් කරද්දීම අන්තර්ජාලය හරහා ද තවත් බොහෝ දේ ඉටුකර ගැනීමේ අවස්ථාව උදාවී ඇත. සමහර විට අප එම මොහොතේම රූපවාහිනියෙන් නාට්‍යයක් නරඹමින් සිටින්නටද පුළුවන.
මෙයින් සිදුවන්නේ දත්ත චන්ද්‍රිකා චැනල් මත ගොඩ ගැසී තදබදයක් ඇති වීමයි. මේ සඳහා යොදාගෙන තිබෙන විකල්පය වන්නේ පොළොවට ආසන්න කක්ෂ වල චන්ද්‍රිකා පිහිටුවීමයි. සන්නිවේදන චන්ද්‍රිකා ක්ෂේත්රයේ ප්‍රකට බහු ජාතික සමාගම් අතරින් එකක් වන්නේ “ඉරිඩියම්” සමාගමයි. මෙම සමාගම චන්ද්‍රිකා නිර්මාණය කර ඒවායේ නඩත්තු හා පැවැත්ම පිළිබඳව වගකීම දරණු ලබයි.ඉහත කරුණු අනුව බලන කල වර්තමාන ලෝකයේ ජීවත් වන මිනිසාට චන්ද්‍රිකා තාක්ෂණය නැතිවම බැරි දෙයක් වී ඇත. ඒවායින් එතරම්ම මෙහෙයක් අපහට ඉටුවේ. මානව සංහතියටම ප්‍රයෝජනවත් තාක්ෂණයක් ලොවට හඳුන්වාදුන් “ ශීී්රමත් ආතර් සී ක්ලාක් “ නම් වූ ඒ උත්තරීතර මිනිසාට අප සදා ණය ගැති බව අමතක නොකළ යුතු කරුණකි.




thnxz 4 da share ...