චන්දිමාල්ට සහ හතුරුසිංහට වැඩ වරදී
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුඳු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ICC ය මගින් දඬුවම් පමුණුවා තිබෙනවා.
ඒ අනුව ටෙස්ට් තරඟයක තහනමක් පනවා ඇති අතර ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා නායකයාට හිමිවිය යුතු මුදලින් සියයට සියයක්ම කපා හැර තිබේ.
චෝදනාව සම්බන්ධයෙන් චන්දිමාල්ගෙන් විමසීමේදී තමන් කිසිවක් කටේ දමාගත් බව පිළිගත්තත් ඒ කුමක්දැයි මතක නැති බව සඳහන් කර ඇත.
කෙසේවෙතත් චන්දිමාල් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර එම තීන්දුවට එරෙහිව පැය 48ක් ඇතුලත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව තිබෙනවා.
මේ අතර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ද තරඟ කිහිපයක් අහිමිවීමේ අවධානමක් පවතිනවා.
ඒ පන්දුව පළුදු කිරිමව් චෝදනාව එල්ලවූ දිනයේ පැය 2ක් පමණ ක්‍රීඩා පිටියට නොපැමිණ හැසිරුණ ආකාරය සම්බන්ධයෙනි.