චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි

    ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ඉදරි වසර දහය තුල කැපී පෙනෙන රාජකාරියක් ඉටුකරන පිතිකරුවා බවට දිනේෂ් චන්දිමාල් පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි.


    ඕස්ටේ‍්‍රලියාවේ සිට විදෙස් මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මහේල ජයවර්ධන මේ අදහස් පල කර තිබේ.
    "චන්දිමාල් ඉදරියේදී විශිෂ්ට පිතිකරුවෙකු වන බව මේ වන විට ඔහු ක‍්‍රීඩා කරන අයුරින් පෙනී යනවා. ඔහු කරඟයෙන් තරඟයට සිදුවන අඩුපාඩු නිවැරදි කරගන්න ක‍්‍රීඩකයෙක්. කොහොමත් ඉදිරි අවුරුදු 10 ඇතුලත ශ‍්‍රී ලංකාවේ වැදගත්ම කාර්ය ඉටුකරන පිතිකරුවා බවට චන්දිමාල් පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා." යයිද ජයවර්ධන සඳහන් කරයි.


    චන්දිමාල් මේ වන විට Commonwealth තරඟාවලියේ පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවන අතර තරඟ හයකදී අර්ධ ශතක තුනක්ද සමඟ ලකුණු 306ක් ලබාගෙන ඇත්තේ 61.20ක සාමන්‍යයක් රඳවමිනි.




    http://www.lankacnews.com/sinhala/news/49200/
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ඌ නම් සිරාම cricketer මචන්.. මාර දක්ෂයෙක්.. ඒ වගේ තව 2ක් ටීම් එකේ උන්නා නම් අපි තමා ලෝකෙ හොඳම..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනිවාර්යෙන්,චන්දි ටීම් එකට දන්න මෙච්චර පරක්කු වුන එකත අපරාදේ:no:,අර සමරවීර:frown:,කපුගෙදර වෙනුවට මුව දැම්ම නම් හරි:angry:.තිරිමන්නෙත් හොදයි:yes::rolleyes:.