දිගට ක්‍රිකට්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113


    චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි ?



    සිය පිතිකරණයේ පවතින දුර්වලතා මග හරවා ගනිමින් ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් නායක දිනේෂ් චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. සිය පිතිකරණය හැකියාව වැඩිදියුණු කර ගැනීම සදහා දිනේෂ් චන්දිමාල් දේශීය ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටින ජේෂ්ඨ ක්‍රීඩකයෙකු නායකත්වය සදහා පත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
    චන්දිමාල් ගේ මෙම තීරණය සම්බන්ධයෙන් නෙත් ස්පොර්ට්ස්මන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි අසංක ගුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා. ඔවුන් සඳහන් කලේ දිනේෂ් චන්දිමාල් මේ පිළිබඳව මෙතෙක් තමන් වෙත නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි.
    මේ අතර එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇතුලත් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරනවා. ඉකුත් දිනවල ශ්‍රී ලංකාවේ පැවති අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ජාතික කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (05) ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නව දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා නම් කරන ලද සංචිතය ඔහුගේ අනුමැතියට යැවීමට නියමිතව තිබෙනවා.




    ප්‍රබල ක්‍රීඩකයින් 03දෙනෙක් එකම මේසෙක තබාගෙන ක්‍රිකට් අර්බුදය විසඳන්න සූදානම් වෙයි



    ජාතික ක‍්‍රිකට් කණ්ඩායම තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේ දී තමන් ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සමග එකම මේසයක සිට සාකච්ඡා කරන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.
    ක‍්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඕස්ටේ‍්‍රලියානු ගුවන් විදුලියක් සමග සාකච්ඡාවකට එක්වෙමින්. මේ වනවිට බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට එක්ව සිටින තිසර පෙරේරා ලබන 09 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.
    කණ්ඩායම තුළ කල්ලිවාදයක් ඇති බවට තමන් ද පිළිගන්නා බව ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
    ක‍්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ක‍්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන් අතර ගැටුමක් නිර්මාණය වීම පිළිබඳව ද ඕස්ටේ‍්‍රලියානු ගුවන් විදුලියේ මාධ්‍යවේදියා ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රශ්න බිරින්දෑවරුන් අතරට ගෙනයාම සුදුසු නොවන බවයි. ඉදිරියේදී ක‍්‍රීඩකයින් මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීමට කටයුතු කරනු ඇති බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.

    ආගම් පදනමෙන් ක්‍රීඩකයන් තේරු හතුරුසිංහ ඉවතට ? හතුරුසිංහ ඉවත් කරනවාට ක්‍රීඩකයෙකුගෙන් විරෝධය!



    ශ්‍රී ලංකා කිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරින් ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනයේ සුදානමක් ඇතැයි වාර්තා වේ.
    මාසිකව ලක්ෂ 75ක වැටුපක් ලබා ගන්නා චන්දික හතුරුසිංහ සිය වැටුපට අමතර සුපිරි වාහන, වෙනත් දීමනා සහ ක්‍රිකට් ආයතනයකට ලබා දෙන වාර්තාවකට රුපියල් ලක්ෂ හැට බැගින් ලබා ගනියි.
    කෙසේ වෙතත් මාසිකව කෝටියකට ආසන්න මුදලක් උපයන චන්දික හතුරුසිංහ, තමන් ලබා ගන්නා අති විශාල මුදලට සාධාරණයක් ඉටු නොකිරීම මෙම ඉවත් කිරීමට හේතුව වී තිබෙන බව වාර්තා වෙයි.
    මෙයට අමතරව චන්දික හතුරුසිංහ තමන්ට හිතවත් ක්‍රීඩකයන් සහ ආගම්වාදී පදනමකින් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරනවා යැයිද චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා කණ්ඩායම සතුවු ජ්‍යේෂ්ඨ ආරම්භක පිතිකරුවෙකු එම ආගමික පදනමෙන් ඉවත් කිරීමටද හතුරුසිංහ කටයුතු කළ බවට චෝදනා එල්ල විය.
    කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ ඉවත් කර නව පුහුණුකරුවෙක් ගෙන එන යෝජනාවට වත්මන් කණ්ඩායමේ යොවුන් මුල් පෙළ ක්‍රීඩකයෙක් විරුද්ධ වී තිබෙන බවද ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.



    ක්‍රිකට් දුර්වල වූ හේතුව මාවන් පෙන්වයි


    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පසුබෑම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මාවන් අතපත්තු වෙබ් අඩවියකට අදහස් පළ කර තිබෙනවා.
    ඔහු එහිදී සඳහන් කර ඇත්තේ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෙවන් අඳුරු යුගයක් අතීතයේ නොතිබූ බවයි.
    ක‍්‍රිකට් පරිපාලනයේ දුර්වලතා ද එම පසුබෑමට හේතු වී ඇති බවයි මාවන් අතපත්තු සඳහන් කර ඇත්තේ. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි මෑත කාලයේ දක්ෂතා දැක්වූ හිටපු ක‍්‍රීඩකයින්ගෙන් සේවයක් ලබා ගැනීමට පරිපාලකයින් අපොහොසත් වී ඇති බවද මාවන් අතපත්තු සඳහන් කර තිබෙනවා.





    ඇමති හරීන් වැඩට බසී..ක්‍රිකට් ගැන තීරණාත්මක තීන්දු රැසක් - මේ සතියේදි කැබිනට් මණ්ඩළයට ගෙන එන යෝජනාව මෙන්න



    කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරගාවලිය ආවරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ලබාදුන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුවය.
    ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.


    :P:P:P:P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    චන්දිමාල්ට ශොට් එක ලැබෙන බව දැනුන නිසා ඌ කලින්ම අයින් වෙනවා.

    කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්ව අයින් කරවන්න ඕනෙ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    චන්දිමාල්ට ශොට් එක ලැබෙන බව දැනුන නිසා ඌ කලින්ම අයින් වෙනවා.

    කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්ව අයින් කරවන්න ඕනෙ

    danushka gunathilaka,niroshan dickwella මුන් දෙන්නගේ හැදියාවත් හදාගෙන වගකීමකින් සෙල්ලන් කරන්න පුළුවන් ගානට ගන්න තිබ්බා බන් හොදයි ගැණු night club පෙන්න බැ​