චන්දෙට සල්ලි දෙන එක මම බලෙන් නැවැත්තුවා - රනිල් 💁

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    රට බන්කොලොත් වෙන්න මේ ගොල්ලන්ට අවුරුදු 75 චන්දෙ දුන්න මිනිස්සුත් ,ප්‍රධාන පක්ශ 4-5 ම දේශපාලුවොත් වග කියන්න ඕන.

    මගේ ජීවිත කාලෙ ගෙවුණු නරකම මාස ටික තමයි ඔය දවස්. යුද්ධ කාලෙ කොළඹ බෝම්බ පිපුරුණත් හිතට මෙච්චර uncertainty එකක් තිබුණෙ නෑ.

    හැමදාම පෙට්‍රල්,ගෑස් පෝලින්, එක දිගට වැඩක් කර ගන්න නෑ. ලයිට් කපනව පැය 12. කිරි පිටි පැකට් එකක් හොයාගන්න නෑ. ආණ්ඩුවේ හොස්පිටල් වල පැරසිටමෝල් පෙත්තක් වත් නෑ. ඒ දවස් වල සමහර හදිසි ඔප්‍රේශන් කරල තියෙනව anaesthesia නැතිව.


    උදේ ඉදන් පෝලිමේ ඉදල ශෙඩ් එක ලගටම ඇවිත් පෙට්‍රල් ඉවර උන නිසා, හැරිල ගිය දවසුත් තිබුන, දවසක් පෙට්‍රල් බෝතලයක් පිටින් අරන් දාගෙන ගියා 1500 දීල ගෙදර යන්නවත් පෙට්‍රල් තිබුනෙ නැති නිසා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    අනුරයා රනිලා වෙනුවට ඒ වෙලාවේ රට බාරගත්ත නම් මේ වෙනකොට (අවුරුදු 2ක් අතුල) රට මොන විදියට දියුණු වෙලා තියෙයිද ??
    නිකමට හිතෙන විදියට කියපන්.
    Confused Thinking GIF by MOODMAN
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රනිල්ට කොච්චර අකමැති වුනත්‍ උෟ නිසා තමා රට මෙහෙමවත් තියෙන්නේ..අනුරයාට, සජියට දුන්නම් අද පොළවේ පස් තමා කන්න වෙන්නේ රටේ උන්ට.. අනුර අැතුලු මාලිමාවට, උන්ගේ වහල්ලුන්ට තියෙන්නේ බලේ අරන් රාජපක්ෂ පවුලෙන් පලි ගන්න හීනය විතරයි වෙන උෟට රටට කරන්න පුළුවන් ලබ්බක් නෑ..😹😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉස්සරහටත් චන්ද එකකට විතරයි සල්ලි තියෙන්නේ 😄

    මොකක්ද ඕන?

    ජනමතවිචාරණයක්
    පාර්ලිමේන්තු චන්දයක්
    ජනාධිපතිවරණයක්

    එකක් දෙන්නම් 🤣
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුරයා රනිලා වෙනුවට ඒ වෙලාවේ රට බාරගත්ත නම් මේ වෙනකොට (අවුරුදු 2ක් අතුල) රට මොන විදියට දියුණු වෙලා තියෙයිද ??
    නිකමට හිතෙන විදියට කියපන්.
    Confused Thinking GIF by MOODMAN
    ඔයාට හිතෙන්නේ මොන විදියට තියෙයි කියලද
     
    • Like
    Reactions: dilann

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉස්සරහටත් චන්ද එකකට විතරයි සල්ලි තියෙන්නේ 😄

    මොකක්ද ඕන?

    ජනමතවිචාරණයක්
    පාර්ලිමේන්තු චන්දයක්
    ජනාධිපතිවරණයක්

    එකක් දෙන්නම් 🤣

    අපිට නම් ඔය මුකුත් ඕන නෑ..මේ විදිහට රට තියෙනවනම්..කොහෙවත් ඉන්න කොට ගෝනි බිල්ලෙක් ජනාධිපති කරලා අපිට අැති වැඩේ මොකක්ද.😹.අනික උෟ ජනපති වුනහම රට සුර පුරයක් වෙනවද.උන්ම කියනවනේ උන් බලයට අාවත් මැජික් පෙන්නන්න බෑ කියලා රටේ ණය ගෙවනකන්..ඉතිං මොකටද ඵහෙම උන්ට බලේ දීලා විහින් risk ඵකක් ගන්නේ.උන් අාවොත් ඵක හොඳයි වෙන්නේ රටේ උද්ඝෝෂණ නැති වෙයි.මොකද ඒ උද්ඝෝෂණ කරවන උන්නේ බලේ ඉන්නේ.😹.මේ යන විදිහටම තව අවුරුදු 10ක් ගියත් අවුලක් නෑ අපිට නම්..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අම්මෝ රට හදන්න තියන කැපවීම. 2048 වෙනකම්ම ඉන්නවා ඉවසන්. වැඩේ කියන්නේ මගදී මැරුණොත් තමයි case එක :( .

    එතකොට ආපහු පොහොට්ටුවෙන් ජනාධිපති ආර්යා සාගලව වැඩබලන ජනාධිපති කරනවා 😄
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඔයාට හිතෙන්නේ මොන විදියට තියෙයි කියලද
    සහන සුභසාදන, සමාජවාදී මගුල් එක්ක මේ රට කරන්න බෑ බන්. එක්කෝ ඌ ත් මු විදියට බදු ගහල මිනිස්සුන්ට අමාරු කාලයක් එක්ක, මේ වෙනකොට කුණු බනුම අහන ගමන් මේ තත්වෙට වත් තියෙන්න ඕනේ. එහම නැත්නම් හොම්බෙන් ගිහින් තියෙන්න ඕනේ.

    තෙල් , ගෑස් , බඩු , කරන්ට් මුකුත් නැතුව සාමනය ජිවිතේ ගෙවාගන්න බැරි කට්ටිය රට බේරගන්න උඩ දාගෙන ගෙනාපු එකත් රටින් පැනල ගිය තැන ඉදල මේ වෙනකොට තියන තැන නම් හොදටම ශේප්.
    මේ රට දියුණු කරන කතා නම් නිකන් බයිලා. අර 2022 වගේ හම්බකරත් ජීවත්වෙන්න බැරි කාලෙට වඩා නම් දැන් හොදයි.

    අපේ උන්ට ඉතින් රට ගොඩ දාන්න එකමුතු වෙලා , ෆැන්ටසි හදාගෙන චුන් එනව නේ ලොකුවට රටේ ප්‍රශ්න නැති වෙලාවට.
    දැනුත් තියෙන්නේ එහෙම එකක්.
    මට මතකයි අර SLvlg එකේ මංජු කියන කුහක යකා ඒ කාලේ කිව්වේ තව මාස පොඩි ගානයි මේක ඇදගෙන යන්න පුලුවන් ඊට පස්සේ මිනිස්සු පාරේ මැරෙනවා කියල ටෝක් දුන්නේ. ලොවෙත් මෙඡ්ර කල් මූ මේක අදි , සමනය විදිට්‍ය තෙල් , ගෑස් වත් දිගන්න පලුවන් වෙයි කියලා හිතුවේ නෑ රටේ උන්. මුගේ මහා ලොකු මොලයක් නෙවෙයි උනත් මේ තියන විදිය (චන්දයකින් නැතුව පත්වෙච්ච රටේ උන්ගේ අකමැත්තෙන් රට පාලනය කරන එකෙක් ඉන්න එක), තමයි ලංකාවේ දේශපාලනයට හිතකර විදිය.

    රටම චුන් වෙලා නායකයාට හුරේ කියන එක තමයි ලංකාවට කෙලවෙනම වෙලාව.
    මහින්ද , ගෝටා දෙන්න ඉද්දීම ඕක තමයි උනේ. අපේ උන් චිත්‍ර අන්ද, පාරවල් වල බෝඩ් වෙනස් කරා, පුරන් කුබුරු අස්වැද්දුව නේ ඔය චුන් වෙච්ච කාලේ. .
    දැන් අනුරය ඇවිත් වෘතිය සමිති ගැටළු විසදල , සහන දීල, vat අඩු ,කරල tax අඩු කරල, රජ්‍ය සේවයත් කප්පාදු නොකර, ලස්සන රටක් හදන ෆැන්ටසියේ කට්ටිය ඉන්නේ. ඒකයි ඔය රටවල් වලින් ඩයස්මි ල ආයිත් එලියට එන්නේ. !

    හැබැයි චන්දයක් තිබ්බොත් මූට චන්දෙ දෙන්න හොද නෑ .. චන්දයක් දිනලා එන එකයි දැන් ඉන්න එකයි වෙනස්. වටේ ඉන්න උනුත් වෙනස්. කොහොමත් චන්දයක් තිබ්බොත් මූ දිනන්නෙත් නෑ මේ යන විදියට මුයි සජබේ සෙට් වෙලා පොහොට්ටුව අයින් කරල චන්දෙට ආවේ නැත්නම් . එක වෙන්නේ නැති නිසා මුන් පරදිනව . ඒකයි චන්දෙ කල් දාන්න ඔය ට්‍රයි එක.