චන්දෙ කල් යයි ද?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    චන්දෙ කල් යයි ද?



    මහින්ද පිලේ නාම යෝජනා ඉල්ලු සමෘද්ධි/කේෂ්ත්‍ර‍ නිලධාරීන් කණ්ඩායමකින් අභියාචනාධිකරණයට ගොණුකර තිබු පෙත්සම් අද(13) දින සලකා බැලීමෙන් පසු පලාත් පාලන මැතිවරණය කේෂ්ත්‍ර‍ නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන තෙක් (පනත සම්මත වී වසරක් යනතුරු) කල්දමන ලෙස කර තිබු ඉල්ලීම අධිකරණය විසින් සලකාබලන ලද අවස්තාවේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටි පෙත්සම සලකාබලන තෙක් වාරණ නියෝගය මෙසේ ප්‍රතික්ෂේප කර ඇත. මෙම පෙත්සම් නැවත හෙට(14) දිනයේද සලකා බැලීමට නියමිතය.




     

    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,371
    113
    පුංචි ජන්දය කල්දමා ගැනීමට බැසිල් ඉල්ලු වාරණ නියෝගය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

    December 13, 2017

    මහින්ද පිලේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පලාත් පාලන මැතිවරණය කල්දමා ගැනීම සදහා සමෘද්ධි/කේෂ්ත්‍ර‍ නිලධාරීන් කිහිප දෙනෙකු හරහා අද(13) දින ඉල්ලා සිටි වාරණ නියෝගය අභියාචනාධීකරණය විසින් ප්‍රතික්ෂේපකර තිබේ. මහින්ද පිලේ නාම යෝජනා ඉල්ලු සමෘද්ධි/කේෂ්ත්‍ර‍ නිලධාරීන් කණ්ඩායමකින් අභියාචනාධිකරණයට ගොණුකර තිබු පෙත්සම් අද(13) දින සලකා බැලීමෙන් පසු පලාත් පාලන මැතිවරණය කේෂ්ත්‍ර‍ නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන තෙක් (පනත සම්මත වී වසරක් යනතුරු) කල්දමන ලෙස කර තිබු ඉල්ලීම අධිකරණය විසින් සලකාබලන ලද අවස්තාවේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටි පෙත්සම සලකාබලන තෙක් වාරණ නියෝගය මෙසේ ප්‍රතික්ෂේප කර ඇත. මෙම පෙත්සම් නැවත හෙට(14) දිනයේද සලකා බැලීමට නියමිතය.

    පෙත්සම්කරුවන් විසින් අංක CA(Writ)02/2017, CA(Writ)04, SC/FR/419/2017 යටකේ මෙම නඩු ගොණුකර තිබුණි. සමෘද්ධි නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට සේවයේ නිරතව සිටින අතරතුරදීම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමට නොහැකි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති මෙම නඩු පසුපස පළාත් පාලන ඡන්ද විමිසීම කල්දමා ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක බව මැතිවරන නිරීක්ෂකයින්ද ප්‍රකාශ කරයි.

    තමන් ක්ෂේත්‍ර නිලධාරින් ලෙස කටයුතු කරන බැවින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරඟ කිරීමට ඇති අයිතිය අහිමි වී ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් නඩුවේ එක් පෙත්සම්කරුවෙකු මේ වනවිටත් විශ්‍රාම ලබා ඇති අතර අනෙකුත් පෙත්සම්කරුවන් මේ වනවිට සේවයෙන් ඉල්ලා අස්වී ඇත. තව ද රිට් ආඥාවක් ඉල්ලා ඇති පෙත්සම් වල ද පෙත්සම්කරුවන්ගෙන් කීහිප දෙනෙකු මෙලෙසම ඉල්ලා අස්වී හෝ විශ්‍රාම ලබා ඇති බවද හෙලිවේ.එම පෙත්සම්කරුවන් පිලිබද විස්තර පහත පරදිවේ.

    1. ප්‍රියන්ත වඩුගේ(ගාල්ල ) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත

    2. එස් පී ජනක නලීන් කුමාර (පොලොන්නරුව ) – විශ්‍රාම ගෙන ඇත

    3. කේ. පී කුමාරසිරි (පොලොන්නරුව) -විශ්‍රාම ගෙන ඇත

    4. එච්. කේ. එන්. එන් ජයසේකර (ගම්පහ ) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත

    5. එස්. ඒ . එම්. ඒ අතුල කුමාර (ගම්පහ) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත

    6. රණසිංහ බණ්ඩා (නුවරඑළිය) – සේවයෙන් ඉල්ලා අස්වී ඇත

    මෙම පෙත්සම් ගොණු කිරීම හරහා පෙනී යන්නේ ශ්‍රිලනිපය මෙන්ම මහින්ද පිලද පලාත් පාලන මැතිවරණයට මුහුණ දීමට ඇති බිය යැයි දේශපාලන විචාරකයින් සදහන් කරයි. මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග මහින්ද පිල තුල ප්‍රබල දේශපාලන අර්බුද රැසක් හටගෙන ඇති අතර එම තත්වයට මේසදහා බලපා ඇති බව පෙනී යයි. නාමයෝජනා සකස් කිරීමේදී ඇතිවී ඇති අර්බුදකාරී තත්වය සහ දිනෙන් දිනම මහින්ද පිලේ මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ අතහැරයාමද සිදුවෙමින් පවතී. මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් මහින්ද පාර්ශ්‍යවයට පලාත් පාලන මැතිවරණයට මුහුණදීමට නොහැකි වටපිටාවක් නිර්මානයවීම හරහා මැතිවරණය කල්දමා ගැනීමට මෙසේ අධිකරණ ක්‍රියාමාර්ග හරහා උත්සහ දරමින් සිටී.


    - http://www.lankatruth.com/si/පුංචි-ජන්දය-කල්දමා-ගැනීම/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,371
    113
    ගෝටාභය ඇමරිකා යයි.. පුංචි ඡන්දය නිම වන තෙක් නොඑයි.. :lol::lol::lol:

    December 13, 2017 at 6:25 am | lanka C news

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.

    ඒ මහතා බොහෝ විට පළාත් පාලන මැතිවණය අවසන් වන තෙක් මෙරටට නොපැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

    පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් තිබුණද අභියාචනාධිකරණය විසින් එය වලකා ලමින් නියෝගයක් නිකුත් කර ඇත.


    - l a n k a c n e w s .com
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,371
    113
    පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට
    ක්ෂේත්‍ර නිලධාරීන් හරහා විපක්ෂ කණ්ඩායමක උත්සාහයක්


    පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් කිහිප දෙනෙකු මගින් ප්‍රබල විපක්ෂ කණ්ඩායමක් මේ වනවිට උත්සහ දරමින් සිටියි. සමෘද්ධි නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට සේවයේ නිරතව සිටින අතරතුරදීම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමට නොහැකි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති මෙම නඩු තුන පසුපස පළාත් පාලන ඡන්ද විමිසීම කල්දමා ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක බව කැෆේ සංවිධානයේ අදහසයි.
    තමන් ක්ෂේත්‍ර නිලධාරින් ලෙස කටයුතු කරන බැවින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරඟ කිරීමට ඇති අයිතිය අහිමි වී ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් නඩුවේ එක් පෙත්සම් කරුවෙකු මේ වනවිටත් සේවයෙන් ඉල්ලා අස්වී ඇති අතර තවත් පෙත්සම් කරුවෙකු මේ වනවිට විශ්‍රාම ලබා ඇත. තව ද රිට් ආඥාවක් ඉල්ලා ඇති පෙත්සම් වල ද පෙත්සම්කරුවන්ගෙන් කීහිප දෙනෙකු මෙලෙසම ඉල්ලා අස්වී හෝ විශ්‍රාම ලබා ඇති බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි. (එම නම් ගම් සහ විස්තර පහත දක්වා ඇත)

    1. ප්‍රියන්ත වඩුගේ(ගාල්ල ) - සේවයෙන් ඉල්ලා අස්වී ඇත
    2. එස් පී ජනක නලීන් කුමාර (පොලොන්නරුව ) - විශ්‍රාම ගෙන ඇත
    3. කේ. පී කුමාරසිරි (පොලොන්නරුව) -විශ්‍රාම ගෙන ඇත
    4. එච්. කේ. එන්. එන් ජයසේකර (ගම්පහ ) - සේවයෙන් ඉල්ලා අස්වී ඇත
    5. එස්. ඒ . එම්. ඒ අතුල කුමාර (ගම්පහ) - සේවයෙන් ඉල්ලා අස්වී ඇත
    6. රණසිංහ බණ්ඩා (නුවරඑළිය) - සේවයෙන් ඉල්ලා අස්වී ඇත
    මේ නම් අතර අද සහ හෙට විභාගයට ගැනීමට නියමිත නඩු වල පෙත්සම් කරුවන් ද සිටිති.

    (අදාල පෙත්සම් වල ඡායාරූප මේ සමඟ අමුණා ඇත)

    ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 න් එක් පක්ෂයක ලේකම් වරයෙකු හෝ ස්වාධීන කණ්ඩායමක නායකයෙකු මෙම පෙත්සම් කරුවන් තම පක්ෂයෙන් හෝ ස්වාධින කණ්ඩායමෙන් ඉදිරිපත් කිරීම සඳහා කැමැත්ත හෝ ලැදියාව ප්‍රකාශ කිරීමක් සිදුව නොමැත.
    පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීම සඳහා මෙවර විපක්ෂයේ ප්‍රබලතම කණ්ඩායමක් දරණ උත්සාහය කැෆේ සංවිධානය දැඩි ලෙස හෙලා දකින අතර මෙය ඡනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කිරීම සඳහා බංකොලොත් දරන උත්හයක් ලෙසද කැෆේ සංවිධානය හදුන්වයි .

    මාධ්‍ය ඒකකය
    කැෆේ සංවිධානය
    2017 දෙසැම්බර් 13


    - https://www.facebook.com/Keerthi.tennakoon