කරපු ඒවට වඩා කරන්න ඉන්න දේවල් ගැන නේද කතා කරන්න ඕනේ?
කරපුවා උනත් උබ කියපු තුනෙන් නීතිය ගැන නම් මට කිසිම පැහැදීමක් නෑ. මහින්දගෙ කාලෙට සාපෙක්ශව ටිකක් හරි විනිවිද බවක් පෙනුනත්, ඒක වචනෙකට සීමා වෙච්ච දෙයක්. මෛත්‍රීයි රනිලුයි ලොකු ටෝක් දුන්නට අඹ ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කරොත් හිරේ, කෝටි ගනන් හොරකම් කරොත් එලියෙ.
බඩු මිල අඩු කරාට වැඩි වෙච්ච ඒවා අහසට ගියා. ගොඩක් දේවල් මේ පෑවිල්ලත් එක්ක වෙච්ච දේවල්. ඒත් මිනිස්සු ඒ ගැන හිතන්නෙ නෑ. ආණ්ඩුවටයි බනින්නෙ. ඒ නිසා එතනින් වාසියක් ගන්නත් බෑ.
හැබැයි මාධ්‍ය නිදහස ගැන නම් ගොඩක් සතුටුයි. මෛත්‍රී ඊනිවුස් බ්ලොක් කරපු එක කැත වැඩක්. හැබැයි ඉතින් ඒක එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් නෙවේනෙ. මිනිස්සුන්ගෙ බඩට දැනෙන දෙයක් නෙවේනෙ බන්.
Agree



