අලුතින් මොකෙක් හරි ඇවිත් ටිකක් නොතේරෙන විදිහට බර වචන දාලා වෙනස්ම විදිහට මොනවා හරි දෙයක් කිවුවොත් අපේ උන් හිතන්නේ අන්න ඌ තමයි අපේ ගැලවුම් කාරයා කියලා. දැන් 2015දිත් කරගත්තේ ඔය විනිසයමයි. මෙදා පාරත් ඒකමද මේ කරගන්න දගලන්නේ. නාගානන්ද කියන්නේ දේශපාලනය ගැන මෙලෝ හසරක දැනුමක් තියෙන එකෙක් නෙමෙයි. දේශපාලනය කියන්නේ විද්‍යාවක්. ඒක හරිහැටි අවබෝධ කරගත්තු කෙනෙක් තමයි සුදුසු පුටුවලට යවන්න ඕන. එකවුන්ටන්ට් කෙනෙක් ළගලට බෙහෙත් ගන්න යන්නේ නෑනේ. නමුත් ඌටත් බෙහෙත් ගැන කතා කරන්න පුලුවන්. නමුත් හරිහැටි දැනුමක් නෑ. ප්‍රායෝගිකව ඒ වෘතියේ යෙදිලා නෑ. නමුත් පොරටෝක් දෙයි. අපි ඌට අහුවෙලා ඌ ළගට බෙහෙත් ගන්න ගියොත් මොකද වෙන්නේ... අන්න ඒ වගේ දෙයක් තමයි මේ මෙලෝ හසරක් දේශපාලනය ගැන නොදන්න ගොබිලෙක් කරළියට ගෙනත් අපි මේ පාරත් කරගන්න හදන්නේ... දැන් බලපල්ලා මේකා මහජන ව්‍යවස්ථාව කියලා දෙයක් සම්මත කරගන්න හදනවා මිනිස්සු ලවා. ව්‍යවස්ථාවක් සම්මත කරගන්න පුලුවන්ද මිනිස්සු ලවා දැනට පවතින ව්‍යවස්ථාව අනුව. මේකවත් හරිහැටි නොදන්න ගොබිලෙක්නේ මේ ගේන්න දත කන්නේ...
නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .
සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා
ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.



