චාගානුස්සතිය
අද දවස තුළ දී මම මගේ මහා ධන සම්පත් අනිත් අය හා බෙදා ගෙන වින්දනය කිරීමට අකමැති වූ යෙම්ද,
අනිත් අය ගැන නොසිතා මාගේ කටයුතුවල පමණක් යෙදී සිටියෙම් ද? මාගේ දේ වලින් මම පමණක් රස විදියෙම් ද?
නිහීන කමින් හෝ ලෝභ කමින් තොරව මා සතු දේ අන් අයට දීමෙන් මම සතුටු වූයෙම් ද?
හැම විට ම දෙන තැනැත්තාත් බෙදාහදා ගන්නා තැනැත්‍තාත් බවට පත්වීම සඳහා,
මේ අවස්ථාවේදී බුදුරජානන් වහන්සේ ඉදිරිපිට මම ඉටා ගනිමි.
මා දන්දීම කරනමුත් , අන් අයෙකුට හානිවන දෙයක් ඉල්ලා සිටිය ද නොදෙන්නෙමි.
මා දන්දීම කරන්නේ මා කැමති අයට පමණක් නොවේ. ආගන්තුකයන්ට හා මාගේ විරුද්ධවාදීන්ට පවා මම පරිත්‍යාගශීලී වන්නෙමි.
මා දන්දීම කරන්නේ යටහත් ලෙසය, ප්‍රසිද්ධියක් ලබා ගැනීමට නොවේ.
මම දන්දෙමි, අනිත් අයටද මාහට දන්දීමට ඉඩ දෙන්නෙමි.
මා දන්දෙන්නේ ඊලඟ මොහොතේ දී මගේ දාන චේතනාව කිලුටු කර ගැනීමට ඉඩ නොදෙමිනි.
මා දන් දෙන්නේ දන්දීම නිසා ලෝකයට ඇති බැදීම වඩ වඩාත් නැති වී යන බව දැන ගනිමිනි.