චාටර් නෙත් එෆ් එම් නිවුස්

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    චාටර් නෙත් එෆ් එම් නිවුස්

    මුන් අනුන්ගේ නිවුස් උස්සලා තමන්ගේ වගේ දා ගන්න සයිට් එකක්. 95% උස්සන්නේ ලන්කාදීප.lk හරි අද.lk. ඒවායේ ටයිම් එකත් එක හොදට බැලුවම තේරෙනවා කොපි පේසට් කියලා හෙඩිම විතරක් මුන්ට ඔන විදියට විකුර්ති කරලා දානවා. ලන්කාදීප, අද වෙබ්සයිට් වල තියෙන පින්තුර මුන් වොටර් මාර්ක් කරලා දාපු නිවුස් ඔන තරම් තියෙනවා

    දෙවෙනි එක තමයි මුන්ගේ හෙඩිම. නිවුස් එක විකුර්ති කරන අසහන හෙඩිම් තම්යි මුන් දානේ, සල්ලි වලට මාධ‍ය සදාචාරයක් නැති මේ වගෙ නිවුස් වර්ජ්නය කරමු..

    තුන්වෙනි එක තම්යි මුන් විවර්ස් වැඩි කරගන්න සරාගී කියාගත් මොඩල්ස් කෙල්ල්න්ගේ පින්තුර දාගන්න එක. නිවුස් සයිට් එකක් මොකටද ඒවගේ අසහන දේවල් කරන්නේ. පබ්ලික් තැනක ඔය වගේ නිවුස් සයිට් එකක්ට යන එකෙක් ඉතින් ඉවරයි
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මං වගේ හිතන තවත් එකෙක්.

    අනිත් සයිට් වල නිව්ස් බලනවානම් මුන්ගෙ නිව්ස් බලන්න ඕන නෑ. මම හිතන්නෙ මුන් ඒ නිව්ස් සල්ලි දීල ගන්නවා ඇති නැත්නම් අනික් සයිට් වල එවුන් සද්ද නැතුව ඉන්නෙ නෑ.

    දැම්මොත් දාන්නෙ චොර මාතෘකාවක්. සමහර වෙලාවට නිව්ස් එකට කිසිම අද්දලත්වයක් නෑ.

    ඕකුන්ගේ ඉස්සර ඇප් එකක් තිබුන. දැන් ඒක වැඩ කරන්නෙ නෑ. මං හිතන්නෙ ඇඩ්ස් පුරවන්න බැරි හින්ද වෙන්න ඇති. දැන් තියන සයිට් එකට ලෝඩ් වෙන්න හෙන වෙලාවකුත් ගන්නවා.

    ටික කාලෙකට කලින් කමෙන්ට්ස් දාන්න ගත්ත. පස්සෙ උන්ට ඕන කමෙන්ට්ස් විතරක් දාන්න ගත්තට පස්සෙ මිනිස්සු කමෙන්ට්ස් දාන්නෙ නැතුව ගියා. දැන්නම් කොමෙන්ට් සෙක්ෂන් එක ඩිසේබල් කරලද කොහෙද.

    මේ තියෙන්නෙ උන් දාන මාතෘකා වලට එක උදාහරණයක්.

    kUWUUB1.png
     
    • Like
    Reactions: nimeshkd

    එහෙම වෙන්නත් පුලුවන්, හැබැයි කොපි පේසට් කලාට මුන් සමහර වචන් replace කරනවා :angry: