චාල්ස් කුමරා ලැගුම් ගන්නා කොළඹ හෝටලය

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    චාල්ස් කුමරා ලැගුම් ගන්නා කොළඹ හෝටලය

    චාල්ස් කුමරා ලැගුම් ගන්නා කොළඹ හෝටලය

    Tintagel-Colombo-Sri-Lanka-9.jpg


    tint_jpg.jpg


    tintagel-colombo-2.jpg


    සංචාරකයන් පිනවීම සඳහා සියලූ සත්කාර සංචාරකයාගේ සමීපයට සපයා දෙනු ලබන සුපිරි සංචාරක හෝටල හඳුන්වනු ලබන්නේ බුටික් හොටෙල් නමිනි. මේවා කාමර විශාල සංඛ්‍යාවක් සතු හෝටල නොවේ. සීමිත කාමර සංඛ්‍යාවක් සහිත ඒවාය. ගෘහ නිර්මාණ සැලසුමේ සිට සියල්ල ඒවාටම ආවේනික ලෙස නිර්මාණය කර තිබේ. ආහාරපාන පවා පිළියෙළ කෙරෙන්නේ එලෙසින්මය. මෙවැනි අධි සුඛෝපභෝගී මන්දිර වෙන්ව ඇත්තේ බොහෝ විට මහා ධනවතුන්ට මෙන්ම ප‍්‍රභූන් හටය. මෙවර අප රටේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක උළෙලට සහභාගී වීමට පැමිණෙන චාල්ස් කුමරු හට වෙන්කර ඇත්තේද ඉහත කී අන්දමේ පහසුකම්වලින් සපිරි මන්දිරයකි. මෙම මන්දිරය වත්මනෙහි සුපිරි සංචාරක ස්ථානයක් වුවද, මීට පෙර ලෝ ප‍්‍රකට වූ ස්ථානයකි.

    අද ටින්ටැවිල් ලෙස හැඳින්වෙන මෙතැන එදා ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් තිදෙනකු සහ කථානායකවරයකු බිහිකළ නිවසක් ලෙස සඳහන් කළ හැකිය. එය රොස්මිඞ් පෙදෙසේ පිහිටි බණ්ඩාරනායක වලව්වය. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටි සමයේ පදිංචිව සිටියේද, මැතිණිය පදිංචිව සිටියේද, විවාහයට පෙර චන්ද්‍රිකා මැතිණිය මෙන්ම සුනේත‍්‍රා සහ අනුර බණ්ඩාරනායක ඇතුළු දු-දරු පිරිස පදිංචිව සිටියේ මෙම රොස්මිඞ් වලව්වේය. මෙලෙසින් මෙතැන ලෝ ප‍්‍රකට වීමට ප‍්‍රධානම හේතුව ලොව ප‍්‍රථම අගමැතිණිය ඇතුළු අගමැතිවරු තිදෙනෙකු බිහිකළ නිවස වීමය. එවැනි තැනක් ලෝකයේ තවත් නැත.

    එක් අතකට චාල්ස් කුමරු මෙතැන තෝරා ගන්නට ඇත්තේද මෙලෙසින් ඓතිහාසික වශයෙන් වූ ඒ වැදගත්කම නිසාද විය හැකිය. කෙසේ වෙතත්, චාල්ස් කුමරු මෙම ටින්ටැවිල්හි නවාතැන් ගන්නා සමයේදී වෙනත් කිසිදු පිටස්තර සංචාරකයකු හට මෙතැන වෙන්කරවා ගත නොහැකිය. රොස්මිඞ් වලව්වේ හැඩය සහ ගාම්භීරත්වය වෙනස් නොකොට අද නවීකරණය වී ඇති මේ මන්දිරය කාමර දහයකින් සමන්විතය. සුව පහසුව සඳහා මෙන්ම ආරක්‍ෂාව අතින් ප‍්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා සුදුසුම ස්ථානයක් වීම නිසා චාල්ස් කුමරු හට මෙතැන වෙන්කර දීමට එරට බලධාරීන් කටයුතු සම්පාදනය කරන්නට ඇත. මෙහි පිහිටීම අනුව සහ විශේෂයෙන්ම කාමර පිහිටීම අනුව පිටස්තර කිසිවකුට කිසිවක් ඇස නොගැටීම සඳහා විවර නොවී තිබීම විශේෂත්වයකි.

    මෙවැනි ගෘහ නිර්මාණ සැළසුමක් ලොව තවත් කොතැනකදීවත් දැක ගැනීමට නොහැකි වීම මෙන්ම මෙහි ඇති ගෘහ භාණ්ඩ පවා ඓතිහාසික වශයෙන් වැදගත් වීමද, ඒවා මෙතැනටම ආවේනික වීමද තවත් විශේෂත්වයකි. ආහාර-පාන පවා මෙතැනටම ආවේනික විදියට පිළියෙළ කෙරුණද, චාල්ස් කුමරු සහ කැමිලා පාකර් හට භෝජන පිළියෙල කිරීම මෙහිදී කරනු ලබන්නේ රාජකීය පවුලේ ඉවුම්-පිහුම් කටයුතු කරනු ලබන කෝකියකු විසිනි.

    මෙලෙසින් විස්තර සඳහන් වන එදා බණ්ඩාරනායකවරුන් සතු වූ අද ටින්ටැවිල් සුපිරි හෝටල මන්දිරයේ කටයුතු පවත්වාගෙන යන්නේ පැරඩයිස් රෝඞ් ව්‍යාපාරජාලය සතු උදේශාන්ත් ප‍්‍රනාන්දු ඇතුළු පවුලේ උදවියයි. චාල්ස් කුමරුගේ මේ ආ ගමනයෙන් පසුව ලෝකය ටින්ටැවිල් ගැන හෙට දින මීට වඩා තවත් බොහෝ දේ කතා කරන බැව් නම් විශ්වාසය.

    Source : Lankadeepa
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    rata kala madiwela ekath vikunan kalada ban?

    නැහැ.ඕක සුනෙත්‍රා බදු දීලා තියෙන්නේ ඔය හොටෙල් එකට.ඇතුල ගැනනන් දන්නේ නෑ.හැබැයි පිට පෙනුම නන් ඉස්සර විදිහමයි.පොඩිම වෙනස් කමක්වත් කරලා නෑ.:no: