කොළඹ නම් ගම් හැදුණු හැටි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    කොළඹ නම් ගම් හැදුණු හැටි ගැන සුද්දෙක් පොතක් ලියයි.
    ***********************************************************

    අඹන්වෙල රාළ යනු දහඅටවැනි සියවසේ ලංකාවේ විසූ ධනපතියෙකි. ඔහු සතුව විශාල පොල් වතු විය. කොළඹ පිහිටි මේ පොල්වතුවලින් අක්කර 125ක් 1840දී එවකට සිටි තවත් ධනවතකු වූ චාල්ස් එඩ්වඩ් ලයාඩ් මිලදී ගත්තේ ය. මැණික් සහ කෝපි වෙළෙඳාමෙන් විශාල මුදලක් උපයාගෙන සිටි ලයාඩ් කොළඹ පිහිටි තම වතුයාය බගතලේ ලෙස නම් කළේ ය. බගතලේ යන්න ප්‍රංස වදනකින් බිඳී සිංහලට පැමිණී වචනයක් සේ සැලකෙන අතර එහි අර්ථය ආභරණය යනුයි. පසුව මෙම බගතලේ වතුයාය එවකට සිටි තවත් ධනවතකු වූ ජෙරෝනිස් ද සොයිසා මිල දී ගත්තේ ය. කෝපි, පොල් සහ අරක්කු වෙළෙදාමෙන් සෑහෙන ධනයක් උපයාගෙන සිටි ජෙරෝනිස් තමා මිලදී ගත් වතු යායේ කාමර සීයකින් යුතු නිවෙසක් ඉඳි කළේ ය. කෙසේ වුව ද මේ දැවැන්ත නිවෙසේ වාසය කිරීමට වාසනාව හිමි වූයේ ජෙරෝනිස් ගේ පුතු චාල්ස් හෙන්රි ද සොයිසා ටය.

    1870 දී ලංකාවේ සංචාරයක නිරත වූ එඩින්බරෝ ආදිපාදවරයාට සහ වික්ටෝරියා රැජනට නවාතැන් සැපයීමට තරම් මූල්‍ය හැකියාවක් සහ සමාජමය පසුබිමක් චාල්ස් හෙන්රි සතු විය. ලංකාවට පැමිණි එංගලන්තයේ අග රැජින කාමර සීයකින් සමන්විත වූ චාල්ස් ගේ නිවෙසේ නවාතැන් ගත්තා ය. ඉතිහාස කතාවලට අනුව ඇය වෙනුවෙන් රත්රන් පිඟන්වල බෝජන පිළිගැන්වීමට මේ ධනවත් ශ්‍රී ලාංකිකයා ට හැකියාව ලැබී ඇත. රැජනගේ සහ ආධිපාදවරයාගේ සංචා‍රයෙන් පසු එය සිහිගන්වනු වස් තම නිවෙසේ නම ආදිපාදවරයාගේ නමින් ඇල්ෆ්‍රඩ් ලෙසින් වෙනස් කිරීමට එහි හිමිකරු චාල්ස් හෙන්රි කටයුතු කර තිබේ. එතැන් සිට මේ දැවැන්ත නිවෙස ප්‍රසිද්ධ වී ඇත්තේ ඇල්ෆ්‍රඩ් හවුස් යන නමිනි. පසුව චාල්ස් හෙන්රි සොයිසාගේ දරු කැළ අතර මේ ඉඩකඩම් බෙදී ගිය බැවින් බගතලේ වතු යාය ද කැබලි වී තිබේ. එයින් ලක්ෂ්මි ගිරි සහ රෙජිනා නමින් වෙන්වූ ඉඩම්වල වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කොටසක් ඉදි වී තිබේ.

    ඇල්‍ෆ්‍රඩ් හවුස් හි උද්‍යානය කොටස් දෙකකට වෙන් කරමින් 1922 දී ඩුප්ලිකේෂන් පාර ඉදිකෙරුණු අතර එය අතීතයේ සිටම ගාලු පාරේ මාර්ග තදබදයට විසඳුමක් ලෙසින් භාවිත කර තිබේ. පසුව ක්‍රමක්‍රමයෙන් සෙසු අතුරු මාර්ග ද බිහි කෙරුණූ අතර ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යාන‍ය හරහා වැටී තිබුණූ බැවින් ඇල්ෆ්‍රඩ් හවුස් යන නාමය ඒ සෑම අතුරු මාර්ගයකටමද හිමි වී තිබේ.ක්‍රමයෙන් ගරා වැටුණු මහා මන්දිරය අවසානයේ 1980 දී සම්පූර්ණයෙන් කඩා බිඳ දමා තිබේ. එහෙත් තවමත් ඇල්ෆ්‍රඩ් හවුස් යන නාමය අදාළ ප්‍රදේශයේ ජීවමාන ය. ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්, ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු, ඇල්ෆ්‍රඩ් හවුස් පාර සහ ඇල්ෆ්‍රඩ් පෙදෙස ඒ සඳහා තවමත් උදාහරණ සපයන බව ජෙෆ් එල්ස් කියයි. ඒ පසුගිය වසරේදී ඔහු විසින් රචිත කලම්බු ජම්බෝ නම් කෘතියෙනි.

    කොළඹ මාර්ග සහ අතුරු මාර්ගවල නම්වල අර්ථ ගැන මේ තරම් කරදර වූ ජෙෆ් එල්ස් ශ්‍රී ලාංකිකයකු වන්නේ නැත. ඔහු උපතින් ඉංග්‍රිසී ජාතිකයෙකි. මීට වසර පහකට පෙර ඔහු ලංකාවට පැමිණෙන්නේ කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සලයේ ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙනි. ඒ සිය පවුලද සමගිනි. එවකට ඔහුගේ පුත් ටෝබි සිටින්නේ අකුරෙන් අකුර ගැට ගසමින් කියවීමට ඉගෙන ගන්නා අවදියේ ය. පියා සමග කොළඹ මාර්ගවල ගමන් ගන්නා පුංචි ටෝබි මාර්ගවල නම් තතනමින් කියවන්නට උත්සාහ දරන්නේ ය. ඒ උච්චාරණයන් සමගින් ජෙෆ් ගේ සිතට නැඟෙන්නේ මේ නම් විවිධ භාෂාවන්ගේ සම්මිශ්‍රණයක් ලෙසින් සැදී ඇති බවයි. බ්‍රිතාන්‍ය කවුන්සලයේ රැකියාවට අමතරව කොළඹ මාර්ගවල නම්වල අර්ථ සෙවීමට ජෙෆ් තම කාලය වැය කිරීම අරඹන්නේ ඒ සමගිනි. වසර පහක් පුරා ඔහු දැරූ වෑයමේ ප්‍රතිඵලය වන්නේ ‍කලම්බු ජම්බෝ කෘතියයි. එහි කොළඹ මාර්ග සහ අතුරු මාර්ග නම් දහසකට වඩා සඳහන්වන නමුදු ජෙෆ් එල්ස් පවසන්නේ මෙය තවමත් නිමක් නොදුටු ගවේශනයක් බවයි.

    කොළඹ මාර්ග මෙන්ම ප්‍රදේශ කිහිපයක නම්වල අර්ථ ද ගෙන එන කලම්බු ජම්බෝ විටෙක රසවත් කතා පාඨකයා වෙත ගෙන එන්නේය.

    කොල්ලුපිටිය යන නාමය එයට ලැබෙන්නේ දෙවැනි රාජසිංහ රජුගේ පුරාවෘත්තයක් ද සමඟිනි. දෙවැනි රාජසිංහ රජු බලයෙන් පහ කර ඔහුගේ දොළොස් හැවිරිදි පුත්‍රයා රජකරවීමට සිංහල නිලමේවරු තුන්දෙනෙක් කරන කුමන්ත්‍රණය අවසන් වන්නේ ඉන් දෙදෙනක් හිස් ගැසුම් කෑමත් සමගිනි. පණ බේරා ගැනීමට ලන්දේසි පාලන බල ප්‍රදේශවලට පලා යන තුන්වැනියා හෙවත් අඹන්වෙල රාළට ලන්දේසීන්ගෙන් හොඳ සැලකිලි ලැබෙන්නේ ය. ඔවුන් මුහුදට ආසන්න සරුසාර බිම් කොටසක් එහි මුල් හිමිකරුවන්ගෙන් කොල්ලකාගෙන එය අඹන්වෙල රාළට ලබා දුන්නේ ය. අඹන්වෙල රාළ එහි පොල් වගා කරමින් සැපවත් ජීවිතයක් ගෙවූයේය. එහෙත් කොල්ල කා ගත් පිටිය යන නම දිගින් දිගටම මේ ප්‍රදේශයට ව්‍යවහාර කිරීමට ගම්මු කටයුතු කළහ. කොල්ලුපිටිය බිහි වන්නේ ඒ අයුරිනි. ජෙෆ් එල්ස් මීට සාක්ෂී ලෙස පෙන්වා දෙන්නේ අතීතයේ කොල්ලුපිටිය ආරම්භ වූ ප්‍රදේශය ලෙසින් පැවති වර්තමානයේ ශාන්ත මිචෙල් දේවස්ථෘනය පිහිටා ඇති ප්‍රදේශය වර්තමානයේ දීද පොල්වත්ත ලෙසින් හැඳින්වෙන බවයි.

    බම්බලපිටිය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ එදා විශාල ජම්බෝල ගසක් තිබූ බවට සාක්ෂී ඇතැයි කතුවරයා පවසයි. ජම්බෝල යන වදන පෘතුගීසි හෝ ලන්දේසි බසින් බිඳී එන්නට ඇතැයි සැක කරන ඔහු පෙන්වා දෙන්නේ ජම්බෝල යන්නට භාවිත කරන දෙමළ වචනය පම්පාලිමාසු නම් වන බවයි. ඒ අනුව ජම්බෝල ගසක් පැවති පිටිය බම්බලපිටිය බවට පත් වී තිබේ.

    ජෙෆ් එල්ස්ට අනුව හැව්ලොක් ටවුන් ප්‍රදේශයට ඒ නම ලැබී ඇත්තේ 1890 සිට 1895 දක්වා ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා ලෙසින් ක්‍රියා කළ ආතර් එලිබෑන්ක් හැව්ලොක් ට කරන ගෞරවයක් වශයෙනි. මේ ලෙස පැරණි ආණ්ඩුකාරවරුන්ගේ, ආගමික පූජකවරුන්ගේ , ධනවතුන්ගේ, කාන්තාවන්ගේ නම් වලින් නම් ලබා ඇති කොළඹ මාර්ග සංඛ්‍යාව අති විශාලය. මේ නම් අදටද වෙනස් වෙමින් අලුත් නම් ද එක් වෙමින් තිබේ. මුහුද දක්වා වැලිවලින් පිරී ගිය වත්ත වැල්ලවත්ත වූ බවද කතුවරයා පෙන්වා දෙයි.

    ලංකාවේ ඕලන්ද ආණ්ඩුකාරයා ලෙසින් 1765 සිට 1785 දක්වා කටයුතු කළ විලියම් ඉමාම් ෆල්ක් සමුද්‍රාසන්න ප්‍රදේශවලද කුරුඳු වගා කිරීම සම්බන්ධව පර්යේෂණ පැවැත්වූයේ ය.

    එහි ප්‍රතිඵලය වූයේ මෙතෙක් කල් වනාන්තර ප්‍රදේශවල පමණක් දක්නට ලැබුණු කුරුඳු සාර්ථක වගාවක් ලෙසින් කොළඹ ප්‍රදේශයේ සැතපුම් දොළහක් පුරා පැතිර යාමයි. එය මරදාන සිය හැව්ලොක් ටවුන් සහ වර්තමානයේ කොළඹ හත ප්‍රදේශය පුරා පැතිර තිබූ බව කතුවරයා පවසයි. මෙලෙස කුරුඳු වගා කළ වත්ත කුරුඳු වත්ත වූ අතර ඉංග්‍රීසි බසින් ද එය සිනමන් ගාඩ්න් වී තිබේ. දෙමටගොඩ යන නාමය සෑදුණු අන්දම සම්බන්ධව ද පුරාවෘත්ත කිහිපයකි.

    අතීතයේ දී මේ ප්‍රදේශයේ දෙමට ගස් විශාල වශයෙන් පැවතීම හේතුවෙන් මේ නම බිහි වූ බව එක් අතකින් කියැවෙන අතර තවත් අදහසක් වන්නේ පෘතුගිසි වචනයක් සහ සිංහල වචනයක් එක් වීමෙන් දෙමට‍ගොඩ සෑදී ඇති බවයි. 'දෙ මට' යන පෘතුගීසි වචනයේ අර්ථය වන්නේ වනාන්තරය යන්නයි. ගොඩ යනු සිංහල භාෂාවේදී ගම යන අර්ථය ලබා දේ. ඒ අනුව ජෙෆ් එල්ස් පවසන්නේ දෙමටගොඩ අතීතයේදී මහා වනාන්තරයක් ව පැවති බැවින් මේ නම ව්‍යවහාර වීම ඇරඹෙන්නට ඇති බවයි.

    මරදාන යන නමේ උපතට සිංහල සහ දෙමළ භාෂා මුල්කරගත් වෘත්තාන්ත දෙකකි. දෙමළ බසින් 'මරම්' යනුවෙන් 'ගස්' අර්ථ ගැන්වේ. 'දානම්' යනු පෙදෙසයි. ඒ අනුව මරදාන යනු ගස් සහිත පෙදෙස වැනි අර්ථයක් දෙමළ බසින් සපයන වදනක් වේ. සිංහලයේ දී මරදාන යනු 'වැලි සහිත බිම' යනුයි. මේ වැලි සහිත බි‍මේ ප්‍රථම කුරුඳු ගස රෝපණය කෙරුණු අතර එතැන් සිට කොළඹ ප්‍රදේශයේ කුරුඳු වගාව පැතිර ගිය බවට ද පුරාතවෘත්ත කලම්බු ජම්බෝ ලේඛකයා සපයයි.

    කොළඹ අධිකරණ සංකීර්ණය පිහිටා ඇති හල්ෆ්ට්ස්ඩෝර්ප් ප්‍රදේශයට ඒ නම ලැබීම සම්බන්ධව ඇත්තේ ද රසවත් කතාවකි. ජෙරාඩ් හල්ෆ් යනු ලන්දේසි ජනරාල්වරයෙකි. ඔහු සිංහලේ දෙවැනි රාජසිංහ රජු සමග මනා මිත්‍රත්වයක් පවත්වා ගැනීමට සමත් වූයේ ය. රජුගේ ද සහය ඇතිව පෘතුගීසීන් ලංකාවෙන් පන්නා දැමීමට හල්ෆ් සමත් වුවද ජයග්‍රහණය වාර්තා කිරීමට පෙර දිනයේදී ඔහු පෘතුගීසීන් අතින් මැරුම් කෑවේ ය. ඔහුගේ නිවෙස පිහිටි

    ප්‍රදේශය ලන්දේසි පාලනය යටතේ සංරක්ෂණය කෙරුණූ අතර එය හල්ෆ්ට්ස්ඩෝර්ප් යනුවෙන් නම් කර තිබේ. පසුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොටුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැල් මෙම ප්‍රදේශයට ගෙන ඒමට කටයුතු කළ බැවින් 'අලුත් කඩේ' යන නාමය බිහිව ක්‍රමයෙන් ප්‍රචලිත වී තිබේ.

    මීට අමතරව ජෙෆ් එල්ස් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසකට නම් හිමිවීම සම්බන්ධව රස කතා ඉදිරිපත් කරන්නේ ය. බයිබලය සිංහලට පරිවර්තනය කළ ඇන්ඩෲ ආමර් දේවගැතිවරයාගේ නමින් ආමර් වීදීය නම් ලැබූ අතර කොළඹ නගරයේ සියලු මාර්ග ඉදිකිරීමට ප්‍රධාන ආදර්ශකය‍ ලෙස යොදා ගත් බැවින් බේස්ලයින් මාර්ගයට ඒ නම හිමි වී තිබේ.

    අතීතයේ බ්ලූමැන්ඩල් ප්‍රදේශය මල් යායක් ව පැවතී ඇත. බ්ලූ මැන්ඩල් යන ලන්දේසි වදනේ අර්ථය වන්නේ මල් යාය යන්නයි. මල් යායක්ව පැවත බ්ලූමැන්ඩල් යන නම එදා හිමිකරගත් මේ ප්‍රදේශය අද කුණු කන්දක් ‍හේතුවෙන් ජනප්‍රිය වී තිබීම දෛවයේ සරදමක් වැනිය. බ්‍රිතාන්‍ය රජයේ ඒජන්තවරයකු වූ චාල්ස් ආර් බුලර් ගේ නමින් නම් කෙ‍රුණු බුලර්ස් පාර බෞද්ධාලෝක මාවත යනුවෙන් ද පසුකාලීනව නම් ලබා තිබේ. මේ නම් දෙකම වර්තමානයේ දී ද එකසේ භාවිතා කෙරෙන බැවින් යම් යම් ගැටලු සහගත අවස්ථා වේ.

    හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ ඇති චිත්‍රා ලේන් හෙවත් චිත්‍රා මාවතට ඒ නම හිමි වීම සම්බන්ධව මත කිහිපයක් කතුවරයා ගෙන හැර දක්වයි. උන්මාද චිත්‍රා සිහිගන්වමින් ඒ නම ලැබෙන්නට ඇති බව පවසන කතුවරයා යළිත් පවසන්නේ ඩී.එස් සේනානායක මහතාගේ මරණය හේතුව හෘදයාබාධයක් බවත් එය වැළඳුනු අවස්ථාවේදී ඔහු පොලිස් වෙළඹක පිට නැඟ සිටි බවත් ඒ වෙළඹ ගේ නම චිත්‍රා බවත් සඳහන් කරයි. ඒ හේතුවෙන් මේ මාවතට චිත්‍රා යන නම ලැබෙන්නට ඇතැයි කතුවරයා සැක පහළ කරයි. අලුත් කඩේ ප්‍රදේශයේ ඇති ඩෑම් ස්ට්‍රීට් යනු ප්‍රසිද්ධ පාරකි. බැලූ බැල්මට එය ඉංග්‍රීසි වචනයක් සේ පෙනෙන නමුදු කතුවරයා පවසන්නේ දම් ගස්වලින් පිරී පැවති ප්‍රදේශය 'දම් ගස් යාය' නම් වූ බවත් යුරෝපීයයෝ එය වෘවහාරයේ පහසුව වෙනුවෙන් 'දම් ස්ට්‍රීට්' බවට පත් කර ගත් බවයි. වර්තමා‍නයේ ඩෑම් ස්ට්‍රීට් වී ඇත්තේ එයයි.

    බම්බලපිටියේ ඩි වෝස් ලේන් ද නම හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ පාරකි. එම නම දික්කසාදය හඳුන්වන ඉංග්‍රීසි වදන ලෙසින් බොහෝ දෙනා අර්ථ ගැන්වූ වද සැබවින්ම ඩි වෝස් යනු ලන්දේසි ජාතිකයෙකු ගේ නමකි. 1673 දී ලංකාවට පැමිණී ඔහු ඔලිවර් ඩි වෝස් නම් වේ. අධීකරණයේදී නීති උපදෙස් ලබා දීම සම්බන්ධව ප්‍රසිද්ධියට පත් වූ ඔහු සිහිකැඳවීම පිණීස ඩි වෝස් ලේන් නම් කර තිබේ.

    ජෙෆ් එල්ස් පවසන්නේ කොළඹ නගරයේ නම් බිහිවීමේදී අරාබි, ඕලන්ද, ඉංග්‍රීසි, පාලි,පෘතුගීසි, සංස්කෘත, රුසියානු , සිංහල සහ දෙමළ භාෂා එකට සම්මිශ්‍රණය වී ඇති බවයි. කෙසේ වුව ද විදේශිකයකු ලෙසින් වෙනත් රටක අගනගරයේ මංමාවත්වල නම් සොයමින් ඒවායේ අර්ථ සොයමින් ජෙෆ් එල්ස් ලබා ඇති අත්දැකීම් සුළු පටු නොවේ. එමෙන්ම ඔහුගේ කෘතිය ලාංකිකයන් ලෙසින් අපට ද ඉතා වැදගත් ය. මේ වන විට ඔහු ප්‍රංසයේ පැරිස් නුවර මාර්ගවල නාමාර්ථ සොයමින් තවත් කෘතියක් සම්පාදනය කිරීමට‍ වෙහෙසෙන බව සඳහන් ය.

    උපුටාගැනීමකි
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    යාලුවනේ මෙයාගෙ Channel එකෙත් ගම්වල නම් ගැන ගොඩක් විස්තර තියෙනවා
    ඔයාල ඉතින් මෙයාව දන්නව ඇතිනෙ

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    කොළඹ හැදුනේ කොල්ලා ඉඹ කොල්ලා ඉඹ කියල නෙමෙයිද එතකොට... 🙄
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කොළඹ නම් ගම් හැදුණු හැටි ගැන සුද්දෙක් පොතක් ලියයි.
    ***********************************************************

    කොල්ලුපිටිය යන නාමය එයට ලැබෙන්නේ දෙවැනි රාජසිංහ රජුගේ පුරාවෘත්තයක් ද සමඟිනි. දෙවැනි රාජසිංහ රජු බලයෙන් පහ කර ඔහුගේ දොළොස් හැවිරිදි පුත්‍රයා රජකරවීමට සිංහල නිලමේවරු තුන්දෙනෙක් කරන කුමන්ත්‍රණය අවසන් වන්නේ ඉන් දෙදෙනක් හිස් ගැසුම් කෑමත් සමගිනි. පණ බේරා ගැනීමට ලන්දේසි පාලන බල ප්‍රදේශවලට පලා යන තුන්වැනියා හෙවත් අඹන්වෙල රාළට ලන්දේසීන්ගෙන් හොඳ සැලකිලි ලැබෙන්නේ ය. ඔවුන් මුහුදට ආසන්න සරුසාර බිම් කොටසක් එහි මුල් හිමිකරුවන්ගෙන් කොල්ලකාගෙන එය අඹන්වෙල රාළට ලබා දුන්නේ ය. අඹන්වෙල රාළ එහි පොල් වගා කරමින් සැපවත් ජීවිතයක් ගෙවූයේය. එහෙත් කොල්ල කා ගත් පිටිය යන නම දිගින් දිගටම මේ ප්‍රදේශයට ව්‍යවහාර කිරීමට ගම්මු කටයුතු කළහ. කොල්ලුපිටිය බිහි වන්නේ ඒ අයුරිනි. ජෙෆ් එල්ස් මීට සාක්ෂී ලෙස පෙන්වා දෙන්නේ අතීතයේ කොල්ලුපිටිය ආරම්භ වූ ප්‍රදේශය ලෙසින් පැවති වර්තමානයේ ශාන්ත මිචෙල් දේවස්ථෘනය පිහිටා ඇති ප්‍රදේශය වර්තමානයේ දීද පොල්වත්ත ලෙසින් හැඳින්වෙන බවයි.

    බම්බලපිටිය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ එදා විශාල ජම්බෝල ගසක් තිබූ බවට සාක්ෂී ඇතැයි කතුවරයා පවසයි. ජම්බෝල යන වදන පෘතුගීසි හෝ ලන්දේසි බසින් බිඳී එන්නට ඇතැයි සැක කරන ඔහු පෙන්වා දෙන්නේ ජම්බෝල යන්නට භාවිත කරන දෙමළ වචනය පම්පාලිමාසු නම් වන බවයි. ඒ අනුව ජම්බෝල ගසක් පැවති පිටිය බම්බලපිටිය බවට පත් වී තිබේ.

    උපුටාගැනීමකි

    මම අහලා තියෙන කතාවේ හැටියට බම්බල වගාව කෙරුණු ප්‍රදේශය බම්බල පිටිය ලෙසත් කොල්ලු වගාව සිදු කර තිබූ ප්‍රදේශය කොල්ලු පිටිය ලෙසත්, රත්මල් වගාකර තිබූ ප්‍රදේශය රත්-මල්-ආන රත්මලාන ලෙසත් හඳුන්වා ඇත..

    හැව්ලොක්ටවුම-
    ඩික්මන් පාර ඩික්මන් නැමැති පුද්ගලයා නිසාවිය හැක.. වර්තමානයේ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස හැඳින් වෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මහතා ජීවත්ව සිටි කුලී නිවස ඩුප්ලිකේශන් පාර හන්දියෙන් හැව්ලොක් පැත්තට වෙන්න තියෙන බෙල්වය අන්තර්ජාතික පාසලට පසුව තිබෙන ඉඩමේ පිහිටා තිබූ නිසයි.. වර්තමානයේ එමනිවස කඩා දමා හිස් බූමියක් වී ඇත.. වාහන නැවැත්වීම සඳහා යොදාගෙන ඇත.

    ඩික්මන් හන්දියෙන් අනිත් පැත්තේ ඉසිපතන විහාරය නිසා එම පාර ඉසිපතන මාවත ලෙස නම් කොට ඇත..
    අහලා තියෙන හැටියට නම් ඉසිපතනාරාමය යනු හෙන්ඩ්‍රි පේද්‍රිස්ගේ ගෙදර (මහගෙදර විය හැක).. ඉන් ඉදිරිපස ඇති ක්‍රීඩාංගනය ද ඔහුගේ පවුලේ දේපල ලෙස සැලකේ...
    මේ පාර ඉස්සර හඳුන්වා ඇත්තේ "Greenlands road" නමින්. එම පාරේ පිහිටා ඇති ඉසිපතන විද්‍යාලය එවකට ග්‍රීන්ලන්ඩ් විද්‍යාලය ලෙස හැඳින්වීම නිසයි.. අදටත් එහි ඇති අතුරු මාර්ග ග්‍රීන්ලන්ඩ් ඇවනියු, ග්‍රීන්ලන්ඩ් ලේන් නමින් ඇත..


    ඩික්මන් හන්දියේ තිබෙන තට්ටුනිවාසය අද බෝගල කෝට්ස් නමින් හැඳින්වේ.. එතන අතීතයේ බෝගල පතලේ අයිතිකරුවාගේ මන්දිරය/වලව්ව තිබුන බවට කතාවක් ඇත.. ඉසිපතන විද්‍යාලයේ එම ගබඩාවක් පැවති බවටද, එම භූමියේ ද මිනිරන් ඇති බවටද කට කතාවක් ඇත..

    විසාකා විද්‍යාලය පිහිටා ඇති වජිරා පාර සහ ඩික්මන් පාර යා කෙරෙන පාරක් ෆොන්සේකා පෙදෙස/පාර ලෙසත් බම්බලපිටියේ ගාලු පරෙන් තවත් පාරක් ෆොන්සේකා පෙදෙස/පාර ලෙසත් ඇත.. එක්තරා පුද්ගලයෙක්(වෛද්‍යවරයෙක් මගේ මතකයේ හැටියට ) 1950 පැවති බෞද්ධ සම්මේලනයකට සහභාගී වී ඇත.. යම් ආකාරයකට ප්‍රසිද්ධ පුද්ගලයෙක්... එම පාරවල් ඔහුගේ නමින් නම් කෙරුවා වෙන්නත් පුලුවන්.. ඔහු වාසය කරේ මේ අවටද දන්නේ නෑ
     
    Last edited:

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    mama danna karunu ekathu kara..
    ewaye wenasak thiyenawanam sandahan karanna

    ogollo danna ewath ekathu karanna
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    mama danna karunu ekathu kara..
    ewaye wenasak thiyenawanam sandahan karanna

    ogollo danna ewath ekathu karanna
    Glass house kheda bn thiyenne
    krushikarme laga glass house ciwwata ehema ecac na ne bn

    Gamini Hall kheda thyenne