චැනල් -04 ට නඩුදාන හැටි කෙහෙළිය කියයි

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
චැනල් -04 ට නඩුදාන හැටි කෙහෙළිය කියයි

යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ සිදුවීම් මැයෙන් චැනල්-04 නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝ පටයට එරෙහිව නඩු පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

අද කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම වීඩියෝ පටයට එරෙහිව නඩු පවරන ලෙස විවිධ පාර්ශව විසින් රජයට උපදෙස් ලබාදී තිබෙන බවයි.

මේ අනුව, විශාල වන්දි මුදලක් ඉල්ලමින් අදාළ වීඩියෝ පටයට එරෙහිව නඩු පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
July 10, 2011 at 5:21 pm | Lanka C News.


sarath-n-silwa.gif
‘චැනල්-4’ වීඩියෝ පටය සම්බන්ධයෙන් එම රූපවාහිනී සේවයට එරෙහිව නඩු මඟට පිවිසීමට අදහස් කරන බවට රජය පවසා තිබුනද ශී‍්‍ර ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන වැඩසටහන ප‍්‍රචාරය කළ බි‍්‍රතාන්‍යයේ රූපවාහිනියට එරෙහිව ලක් රජයට නීතිමය පියවර ගත නොහැකි බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි.
එම වැඩසටහනේ දැක්වුනු පුද්ගලයෙකුට පමණක් අපහාස චෝදනා මත බි‍්‍රතාන්‍යයේදී නඩු මඟට පිවිසිය හැකි බව ඔහු කියා සිටී. විදේශීය රූපවාහිනී සේවාවකට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි බවත් ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යා හැක්කේ රටවල් අතර ඇතිවන දේශසීමා ගැටළු සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් පමණක් බවත් සිල්වා මහතාගේ අදහසයි.
ලක් රජයට කළ හැක්කේ බි‍්‍රතාන්‍යයේ ගුවන් විදුලි නියාමන අධිකාරිය හරහා ගන්නා පියවරක් සලකා බැලීම යයි ඔහු කියා සිටියි.