චැනල්_4_පිළිතුරු

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    චැනල්_4_පිළිතුරු

    චැනල් 4 පිළිතුරු වීඩියෝව බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තුවේ ප‍්‍රදර්ශණය කෙරේ

    ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා අපකීර්තියට ලක් කරමින් චැනල් ෆෝ නාලිකාව විසින් සකස් කළ වීඩියෝවට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සැකසූ වීඩියෝව ඊයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී ප‍්‍රදර්ශනය කර ඇතැයි වාර්තා වේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු සභිකයන්, එරට මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් එක්ව සිටි බව බි‍්‍රතාන්‍යයේ පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

    චැනල් ෆෝ වීඩියෝවට පිළිතුරු ලෙස සැකසූ වීඩියෝ පටය බි‍්‍රතාන්‍ය තුළ ප‍්‍රදර්ශනය කළ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර එහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ චැනල් ෆෝ නාලිකාව විසින් ප‍්‍රචාරය කළ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් ද සිදුකර ඇතැයි සඳහන්ය.

    ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය නිමකිරීමෙන් පසු යළි ගොඩනැගෙන අවස්ථාවේ රට අස්ථාවරභාවයට පත්කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩපළිවෙල සම්බන්ධයෙන් ද ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස බි‍්‍රතාන්‍ය නියෝජිතයන්ට පැහැදිලි කර තිබේ.


    source - lankacnews
     
    • Like
    Reactions: niko111