චිකන් කුරුමා හදන විදිහ (How To Make Chicken Curuma[Kuruma])

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    චිකන් කුරුමා හදන විදිහ (How To Make Chicken Curuma[Kuruma]) - Your Choice Way
    නිවසේදීම ඉතා පහසුවෙන්ම සාදාගැනීමට හැකි ඉන්දියානු ආහාරයකි.සැර නැති එහෙත් ඉතාමත් රසවත් ආහාරයකි.ඔබ කැමැති ද ඉන්දියානු ආහාරයක් පිසීමට.එන්න අපහා එක් වන්න.

    අවශ්‍ය ද්‍රවය:
    • බටර් තේ හැදි 3
    • බි ළුණු ගෙඩි 2 (ඉතා සිහින්ව කපාගත්)
    • මුදවපු කිරි මේසහැදි 6
    • අඹ චට්නි තේ හැදි 2
    • සුදුළුණු බික් 4 (තලාගත්)
    • කහකුඩු තේ හැදි 2
    • මිරිස්කුඩු තේ හැදි 1
    • තුනපහ තේ හැදි 2
    • ලුණු කුඩු තේ හැදි 1
    • කුකුල් මස් කලව ( Breast) 4
    • කජු (Blander කරගත් ) කෝප්ප 1/3
    සාදාගන්නා ආකාරය:
    1. පළමුව බදුනක් ගෙන රත් වෙන්න තබා බටර් එකතු කරාගන්න.
    2. රත් වූ පසු සුදුළුණු,ළුණු එකතු කර රන්වන් පැහැය වනතෙක් තබා කහකුඩු,තුනපහ කුඩු,මිරිස්කුඩු,අඹ චට්නි දා කවලම් කරාගන්න.
    3. ඊට පසුව කපාගත් කුකුල් මස් එකතු කර හොදින් කවලම් කරන්න.
    4. මුදවපු කිරි,ලුණු කුඩු එකතු කරගන්න.
    5. කුකුල් මස් භාගෙට ඉදුන පසු කජු තලපය දා කවලම් කරාගන්න.
    6. තව මද වේලාවක් තබා බදුන ඉවතට ගන්න.
    මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න

    original Article Click Here