අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් ස්ටොක් වතුර 1L
- කුඩා කොටු කපාගත් කුකුල් මස් 40g
- කපා ගත් ලොකු ළුණු 20g
- කපා ගත් සුදු ලූනු 5g
- කපාගත් ලූනු කොළ
- ක්‍රීම් කෝන් 20 ml
- කෝන් පිටි 5g
- ලූණු රස පදමට
- ගම්මිරිස් රස පදමට
- චිකන් ස්ටොක් පවුඩර් තේ හැඳි 1/2
- තල තෙල් බිංදු කිහිපයක්
- තෙල් හෝ මාගරින් තෙම්පරාදුවට
මේ වගේ තවත් කෑම වට්ටෝරු සදහා පිවිසෙන්න. ඉවුම් පිහුම් වෙබ් අඩවිය වෙත.
https://bit.ly/3qcqDrm
සාදන ක්‍රමය
- බදුනකට තෙල් දමා රත් කරගෙන ලොකු ලූනු සුදුණු සුදු ලූණු තෙම්පරාදු කරගන්න.
- ස්ටොක් වතුර එකක් එක්කර කුකුල් මස් දමා තැම්බෙන්නට හරින්න.
- එයටම කෝන් ක්‍රීම් දියකරගත් කෝන්පිටි ස්ටොක් පවුඩර් දමා උකු පදමට සාදා ගන්න.
- රස පදමට ලුණු, ගම්මිරිස් දමා ලිපෙන් බාගෙන පිළිගන්වන විට තල තෙල් බිංදු කිහිපයක් උඩින් දමා ලුණු කොළ උඩින් දමා පිළිගන්වන්න .