චිකන් ස්ටොක් කියුබ් ගෙදරම හදා ගන්න මෙන්න ක්‍රමයක්.ගෙදරදීම රසට චිකන් ස්ටොක් කියුබ් හදා ගන්න ටිකක් අමාරු උනාට හරියටම මේ උපදෙස් කරලා බලන්න,පහසුවෙන් හදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- චිකන් බ්‍රෙස්ට් තරමක ලොකු කැබල්ලක් (සම ගලවා ඉවත් කර ඇත්නම් එයත් එකතු කරන්න)
- කපා ගත් සැල්දිරි බද සහ කොල සහිත ඉත්තක්
- කපා ගත් පොඩි කැරට් අල දෙකක්
- වියලි ඔරිගානෝ තේ හැදි1ක්
- ලුනු ස්වල්පයක්
- ගම්මිරිස් තේ හැදි1ක්
- කොත්තමල්ලි කුඩු තේ හැදි1ක් (තමන් කැමති ඕනෑම් රසයක කුළුබඩු එකතු කර ගත හැක.රස අනුව ප්‍රමාණද අඩු වැඩි කරගන්න.)
සාදා ගන්නා ආකාරය:
- දැන් මේ සියල්ල බාජනයකට දමා ඒ ප්‍රමාණයෙන් බාගයක් වෙන්න වතුර දාලා සොෆ්ට් වන තෙක් උයා ගන්න.
- වතුර හිදෙනකම් උයන්න එපා.ඉන්පසු මේ මිශ්‍රණය නිවෙන්න තබන්න.
- චිකන් ස්කින් දැම්මා නම් ඒවා ඉවත් කරන්න.
- චිකන් කැබල්ලේ කටු ගලවා ඉවත් කර කෑලි ටික පමනක් ගන්න.
- දැන් මේ සියල්ල බ්ලෙන්ඩර් එකට දමා හොදින් බ්ලෙන්ඩ් කරන්න.
- බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය හොදින් කලවම් කොට පෙරා ගෙන අයිස් ට්‍රේ එකකට දමා රැයක් ෆිසර් එකේ තබන්න.
- ඊට පස්සේ අයිස් ට්‍රේ එකෙන් ගලවලා කන්ටේනර් එකකට දමා ෆ්‍රිසර් එකේ දාලා අවශ්‍ය වේලාවට ගන්න.
මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න
original Article Click Here