සුප් කැට ගෙදරදීම හදමු

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    චිකන් සුප් කැට හදන්න අවශ්‍ය වෙන්නේ,

    • කටු නැති චිකන් ග්‍රෑම් 100 සීයක්
    • සාමාන්‍ය කැරට් අලයක්
    • ලොකු ලූණු ගෙඩියක්
    • ලීක්ස් ගහක්
    • කොත්තමල්ලි කොල ටිකක්
    • සුදු ලූනු බික් හතරක් පහක්
    • කහ කුඩු ලුණු හා කුඩු ස්වල්පයක්
    • සෝයා සෝස් මේස හැඳි එකක්
    • සීනි තේ හැඳි එකක්
    • තෙල් මේස හැදි එකක්

    සකස් කරගන්නේ

    මුලින්ම කුකුල් මස් ටික සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයේ කැබලි වලට කපන්න අවශ්‍ය වෙනවා. ඉන්පසු එළවළු ටික පොඩියට කපාගන්න. සාස්පානකට එළවළු මස් සියල්ල දාලා වතුර කප් බාගයක් විතර දාලා කහ කුඩු ටිකත් එක්ක තැම්බෙන්න තියන්න.ටික වෙලාවක් යනකොට මේ සියල්ල හොඳින් තැම්බිලා වතුර ගතිය අඩු වෙනකොට සෝයා සෝස් සීනි තෙල් හා ලුණු කුඩු ටිකක් දාලා වතුර හිදෙනකන් තම්බ ගන්න අවශ්‍ය වෙනවා. තම්බලා ඉවරවෙන පදම වෙන්නේ එළවළු සහ මස් අල්ලනකොට බෙරිවෙලා වගේ නම් වගේ නම් ලිප නිවලා එළවලු සහ මස් ටික වෙනම පෙරාගෙන ඉතුරු වුන චිකන් ස්ටොක් එක වෙනම අරගන්න ඕන. බේරාගත් එළවළු ටික ඉතුරු සුප් වතුරෙන් හැන්දක් දෙකක් දාන ගමන් ක්‍රීම් එකක් වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න අවශ්‍ය වෙනවා. වතුර වැඩිපුර එකතු කරන්න හොඳ නැහැ. මේ විදිහට ටිකක් ඝන පේස්ට් එකක් විදියට හදාගත්තු මිශ්‍රණය අයිස් කියුබ් දාන ට්‍රේ එකකට වත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පහසුම ක්‍රමය තමයි අයිසිං මිශ්‍රණය වත් කරන විදිය.

    උරයක කොන කපලා එයට මිශ්‍රණය දාලා ට්‍රේ එකට වත් කරන්න පුළුවන්. ඉන්පසු පැය 12ක් විතර අධි ශීතකරණයේ තියලා සුප් කැට ට්‍රේ එක එලියට ගන්න අවශ්‍ය වෙනවා. දැන් ඔබට ලස්සන සුප් කැට ටිකක් ලැබිලා ඇති. මේ සියල්ල වෙන වෙනම ෆොයිල් වල ඔතන පුළුවන්. එතකොට කඩෙන් ගන්නවා වගේම සුප් කැට ඔබට ලැබේවි. මේ විදියට හදාගත්ත සුප් කැට ශීතකරණයේ තියලා මාසයක් එකහමාරක් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. කෘතිම රසකාරක අඩංගු නොවන නිසා සෞඛ්‍යයට හිතකරයි. ඒ වගේම එළවළු මස් මාළු රස කරන්න මේ ගෙදර හදාගත්තු සුප් කැට යොදා යොදා ගන්න පුළුවන්. කැමති කෙනෙකුට චිකන් සුප් කැට වෙනුවට එළවළු සුප් කැටත් මේ විදියට හදාගන්න පුළුවන්.

    https://aayubo.com/si/Recipes/aybnN29642n
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Chicken Lol GIF by Endemol Beyond
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සර 'නෝ චිකන් කියුබ්" ආපු කාලෙ මරු ඇඩ් එකක් ගියා... ඒකෙන් තමයි ඕක මාකට් වුනෙත්...
    දැන්නං යන්නෙ, මස් රසට බෝංචි උයනව වගේ මරිමෝල් ඇඩ්නෙ...

    ඕන්න ගිණිමැළයක් උඩින් යකඩ කූරෙ ගහපු කකුලෙක් කැරකෙනව... කුකුල ලස්සනට පාට එන්න රෝස්ට් වෙලා තියෙන්නෙ...
    කුකුළ වටයක් කැරකිලා එනකොට බඩ පැත්තෙන් හරියටම ලස්සනට කියුබ් එකක් කපල අයින් කරල... ඒක තමයි "නෝ චිකන් කියුබ්" එක...

    "මැගී" සුප් කැටේ "නෝ චිකන් කියුබ්" එකට කලින් ආවෙ... ඒක මාකට් කරේ, සුප් කැටයක් උණුවතුර කෝප්පෙට දාල සුප් එකක් විදිහට බොන්න පුලුවන් කියල...😃
    ඒකෙන් තමයි, චිකන් කියුබ් වලට "සුප් කැට" කියල කියන්න පටන් ගත්තෙ...
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉස්සර 'නෝ චිකන් කියුබ්" ආපු කාලෙ මරු ඇඩ් එකක් ගියා... ඒකෙන් තමයි ඕක මාකට් වුනෙත්...
    දැන්නං යන්නෙ, මස් රසට බෝංචි උයනව වගේ මරිමෝල් ඇඩ්නෙ...

    ඕන්න ගිණිමැළයක් උඩින් යකඩ කූරෙ ගහපු කකුලෙක් කැරකෙනව... කුකුල ලස්සනට පාට එන්න රෝස් වෙලා තියෙන්නෙ...
    කුකුළ වටයක් කැරකිලා එනකොට බඩ පැත්තෙන් හරියටම ලස්සනට කියුබ් එකක් කපල අයින් කරල... ඒක තමයි "නෝ චිකන් කියුබ්" එක...

    "මැගී" සුප් කැටේ "නෝ චිකන් කියුබ්" එකට කලින් ආවෙ... ඒක මාකට් කරේ, සුප් කැටයක් උණුවතුර කෝප්පෙට දාල සුප් එකක් විදිහට බොන්න පුලුවන් කියල...😃
    ඒකෙන් තමයි, චිකන් කියුබ් වලට "සුප් කැට" කියල කියන්න පටන් ගත්තෙ...
    :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඉස්සර 'නෝ චිකන් කියුබ්" ආපු කාලෙ මරු ඇඩ් එකක් ගියා... ඒකෙන් තමයි ඕක මාකට් වුනෙත්...
    දැන්නං යන්නෙ, මස් රසට බෝංචි උයනව වගේ මරිමෝල් ඇඩ්නෙ...

    ඕන්න ගිණිමැළයක් උඩින් යකඩ කූරෙ ගහපු කකුලෙක් කැරකෙනව... කුකුල ලස්සනට පාට එන්න රෝස්ට් වෙලා තියෙන්නෙ...
    කුකුළ වටයක් කැරකිලා එනකොට බඩ පැත්තෙන් හරියටම ලස්සනට කියුබ් එකක් කපල අයින් කරල... ඒක තමයි "නෝ චිකන් කියුබ්" එක...

    "මැගී" සුප් කැටේ "නෝ චිකන් කියුබ්" එකට කලින් ආවෙ... ඒක මාකට් කරේ, සුප් කැටයක් උණුවතුර කෝප්පෙට දාල සුප් එකක් විදිහට බොන්න පුලුවන් කියල...😃
    ඒකෙන් තමයි, චිකන් කියුබ් වලට "සුප් කැට" කියල කියන්න පටන් ගත්තෙ...
    Mn issara biwwa Maggie eka
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    TFS සහෝ. 🙂👍 මං නම් හැබැයි ඔය කෑමවලට සුප්කැට දාලා ඉව්වම එන රහට කැමති නෑ.😐😑
    මාත් කැමති නෑ :yes: ... කඩේ තියෙන ඒවා කාල ගොඩක් අය අසනීප වෙනවනේ...ඒකයි දැම්මේ:D