චිත්තක්ෂනය හැමෝගෙම සමානද?

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    චිත්තක්ෂනය හැමෝගෙම සමානද?

    මචන්, චිත්තක්ෂනය කියන කාලය හැම සත්වයාටම පොදු කාල සීමාවක්ද? උදාහරනෙකට ගත්තොත් මගෙ චිත්තක්ෂනයයි වෙන ඕනෙම කෙනෙකුගේ චිත්තක්ෂනයටයි ගතවන කාලය සමානයිද?

    උදාහරනෙකට මෙහෙම හිතමු. මගෙ චිත්තක්ශනයකට ගතවෙන කාලය තත්පරෙන් කෝටියෙන් පන්ගුවයි කියල හිතමු. එතකොට දෙවියෙකුගෙ චිත්තක්ශනයත් තත්පරෙන් කෝටියෙන් පන්ගුවමද?

    ඕක සමානයිනම් මෙහෙම ගැටලුවක් තියෙනව.. ඒ කියන්නෙ දෙවියන්ගෙ තප්පරයක් අපිට ආසන්න වශයෙන් පැය 10 වගේ.. ඒ කියන්නෙ දෙවියෝ පට්ටම ස්ලෝ ජාතියක්.. දෙවියෙකිට වචනයක් කියන්න තත්පර 2ක් යනවනම් අපිට දවසක්ම බලාගෙන ඉන්න වෙනව එක වචනයක් අහගන්න..

    අනිත් එක එහෙම හැමෝටම එකම කාලයක් පැවතෙන චිත්තක්ශනයක් තියනව කියල කොහෙහරි දේශන කරල තියෙනවද? එහෙම තියනවනම් ඒ කියන්නෙ කාලය කියල එකකුත් තියෙන්න ඕනෙ. ? මේක ගැන කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද?

    මම හිතන්නෙනම් අපි එකිනෙකාගෙ චිත්තක්ශන කාලය කියල එකකින් කොන්ට්‍රොල් කරලෙ නෑ. ඒව එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්. හේතු ඵල දර්මයට කාලය බාදාවකුත් නෙමෙයි. උදාහරනෙකට කෙනෙක් නිරෝද සමාපත්තියට සම වැදිල දවස් 7 කට පස්සෙ නැගිටිනකොට නිරෝද සමාපත්තියට සමවදින අන්තිම සිත් නිරෝද සමාපත්තියෙන් නැගිටින කොට ඇතිවන සිතට අනන්තර/ සමන්තර/අස්ති යන ආකර වලට ප්‍රත්ය වෙනව. ඒකට කාලයෙන් බාදවක් නෑලු.

    උබලගේ අදහස් බලාපොරොත්තු වෙමි...
    :eek::rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චිත්ත, චයිතසික, රුප, නිබ්බාන හතර පරමාර්ථ දර්ම

    ඒ දර්ම සත්වයෝ පුද්ගලයෝ කියලා වෙනස් වෙන්නේ නැ සමානයි
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    චිත්ත, චයිතසික, රුප, නිබ්බාන හතර පරමාර්ථ දර්ම

    ඒ දර්ම සත්වයෝ පුද්ගලයෝ කියලා වෙනස් වෙන්නේ නැ සමානයි

    Good point.. Something to think about:D:):cool:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    So,it is notsame? But he don't know anything about the abidarmaya...

    Ithin oya kiyanne ban samanay kiyala.time kiyanne illusion ekakne.eka eka ekenage experiance ekata anuwa wenas.but time kiyanne illusion ekak hinda oya chithkashanaya hemotama podui.api deyyo diha baluwoth apita hitenne deyyo slow kiyala.eth deyyota ehema ne.
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මම හිතන්නේ චිත්තක්ෂනය දෙවියන්ටත් මිනිස්සුන්ටත් සමානයි. ඒත් එකෙන් කියන්නේ නැහැ දිව්‍යලෝකේ දවසක් අපේ දවසකට වඩා දිග උනාට දෙවියෝ අපිට වඩා ස්ලෝ කියල. දිවය ලෝකේ එක දවසක් ගතවෙන්න යන කාලය අපේ මනුස්ස ලෝකේ දවසක් ගතවෙන්න යන කාලයට වඩා වැඩියි කියල විතරයි කියන්නේ.
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    චිත්තක්ෂණයක කාලය මජ්ජිම සහශ්‍රි ලෝක ධාතුවේ ඕනම කෙනෙකුට සමානයි කියලා නේද කියලා තියන්නේ.

    https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ

    මේ විඩියෝ එකේ 1:00:44 ඉදන් අහලා බලන්න
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    බුදුරජාණන්වහන්සේ කෙනෙකුන් ජීවමාන කාලයේදී වදාරන්නා වූ පරම ගම්භීර වූ ධර්මය "අභිධර්මයයි"
    අභිධර්මයේ මූලිකමවම බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් දේශනා කෙරෙන්නේ මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම පවතින්නා වු බුද්ධ ඥාණයට පමණක් ගෝචරවන්නා වූ, දෙව් මිනිසුන්ට අවශ්‍ය වන්නා වූ කරුණු 82ක් පමණකි. පරමාර්ථ ධර්මයන් ඊට වඩා බොහොමයක් තිබුණත් සාමාන්‍ය දෙවි මිනිසුන්ට නිර්වාණය පිණිස අවශ්‍ය කරුණු පමණක් බුදුකෙනෙකුන් අභිධර්මයේ විස්තරවේ.

    පරමාර්ථ ධර්මයන්ගේ මූලිකම සිද්ධාන්තය චිත්තක්ෂණයක් වශයෙන් බුදුරජාණන්වහන්සේ වදාළා..

    " සො පන ඛණො අච්ඡාරාසoඝාත ඛණස්ස අක්ඛිනීම්මීලන- ඛණස්ස ච අනෙකකෝටි සතසහස්ස භගෝ දට්ඨබ්බො"

    හැබැයි චිත්තක්ෂණයත් නැවතන් "ක්ෂණ" 3කට බෙදනවා..- උත්පාද ක්ෂණය- ඨිති ක්ෂණය - භoග ක්ෂණය යනුවෙන්..

    ක්ෂණයක් හා චිත්ත්ක්ෂණය පරමාර්ථ ධර්මයක් බැවින් එය අවීචීයේ පටන් අකණිටා බඹලොව දක්වාම සමානයි.. කිසිදු වෙනසක් වන්නෙ නෑ..
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    චිත්තක්ෂණයක කාලය මජ්ජිම සහශ්‍රි ලෝක ධාතුවේ ඕනම කෙනෙකුට සමානයි කියලා නේද කියලා තියන්නේ.

    https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ

    මේ විඩියෝ එකේ 1:00:44 ඉදන් අහලා බලන්න

    එල.. තෑන්ක්ස් මචන් ප්‍රශ්නෙ විසදුවට... බොහොම පින්..

    :yes::yes::D