චිත්‍රපට විචාරය - සැලියුට් හත

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එළකිරි වැසියෙන් මේ විත්‍රපටය ගැන නූලක් දාලා තිබ්බා. එතුමන්ට පින් සිද්ද වෙන්න මම මේක බෑවෙන්න දාලා තිබ්බා මාසෙ අන්තිමට ඩේටා ඉවරකොරගන්න ඕන හංදා.ඒ නිසාම තමයි මේක බලන්න පොට පෑදුනේ.

    සාමාන්‍යයෙන් මම විත්‍රපට විචාරය කොරන්නෙ නෑ. මෙතෙක් බලපුවාගෙනුත් බොක්කටම වැදුනෙ අතේ ඇඟිලි ගාණට අඩු කීපයක් විතරයි (ආමගැඩන් , සේවින් ප්‍රයිවට් රයන් ) , දරුණුවටම බොක්කටම වැදුනෙ මේක. චිත්‍රපට බලද්දි බොක්කටම වැදුනාම සමහරු අඩනවා, සමහරු ආයෙ ආයෙ බලනවා වගේ විකාර තියෙනවා නේ. මට වෙන්නෙ ෆිල්ම එක එක දිගට නොකඩ බලන්න බැරි වෙන එකයි. මේ ෆිල්ම් එක ඇතුලෙ ඒක දෙපාරක්ම වුණා. ඒ නිසාම තමයි මේ හෑල්ල කොටන්නේ. :D

    මේ ෆිල්ම් එකේ තේමාව සැලියුට් හත කියන එවකට සෝවියට් ගගණ වැඩසටහනෙන් පහල පෘතුවි කක්ෂයේ රඳවලා තිබුණ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් අක්‍රිය වීමත් , එය නැවත බේරාගැනීමට දියත් කොරපු හිතාගන්න බැරි ගගණ මෙහෙයුම වුණාට , මේකෙන් පෙන්නන ඇත්තම කතාව ඊට හාත්පසින් වෙනස්. බලපු කෙනෙක්ට ඒක බොක්කටම වදින්න දැනෙන්න ඉදිරිපත් කොරල තියෙනවා. මිනිස් බැඳීම් වලින් අති ප්‍රබලම බැඳීමක (ඒක මොකක්ද කියල අහන්නෙ නැතුව ෆිල්ම් එක බලපිය - පාඩු නෑ) තියෙන බලවත්කම තමයි මේ චිත්‍රපටියෙන් නොකියා පෙන්නන්නේ.

    සාමාන්‍යයෙන් රුසියන් චිත්‍රපට ගොඩක් ඔහොම තමයි, කොච්චර තාක්ෂණික දේවල් තිබ්බත් අන්තිමේදි පෙන්නන්නෙ මානව ගති ලක්ෂණයක තියෙන පුදුමාකාර බව තමයි ප්‍රදර්ශනය කොරන්නේ. ඇමෙරිකන් යුරෝපීය චිත්‍රපට වල තාක්ෂණික කෑලි වැඩියි. ඊට හාත් පසින් වෙනස් රුසියන් ඒවා. ආමගැඩන් ගත්තොත් ප්‍රධාන නළුවා මැරිලයි වීරයා වෙන්නෙ අන්තිමට , ලියනාඩෝ ඩි කැප්‍රියෝගෙ චිත්‍රපට ගොඩක් එහෙමයි. නමුත් රුසියන් චිත්‍රපට වල ගොඩක් තියෙන්නෙ මිනිස් භවය රැකගෙන වීරත්වයට පත් වීම් තමයි.

    මෙතෙන්දි මේ චිත්‍රපටයේ ගගණගාමීන් දෙන්නට තමන්ගේ මෙහෙයුම සාර්ථක කරගන්න දිරිය දෙන්නෙ අර මම කලින් කියපු ඉතා ප්‍රබලම මිනිස් බැඳීම් වලින් එකක්. ඉතාම තීවෘව සියුම් අන්දමින් ඒක ඉදිරිපත් කොරල පෙන්නනවා බොක්කටම වදින විදියට. ඒක පෙන්නන අවස්ථා දෙකකදි මට එක දිගට ෆිල්ම් එක බලාගෙන යන්න බැරුව pause කොරන්න වුණා. චිත්‍රපට අධ්‍යක්ෂණය හා තිර රචනය එච්චරටම දරුණුවටම ගැඹුරටම ක්‍රියාත්ම්ක වෙලා තියෙනවා.

    මේකෙ animation නම් පිස්සු හැදෙනවා. හිතාගන්න බැරි විදියට frames නිර්මාණය වෙලා තියෙනවා. සියුම් දේවල් ගැන අවධානය (attention to detail) අග්‍රගණ්යයි. ප්‍රේක්ෂක ඇහැ චිත්‍රපටයට පුදුම දනවන විදියට බැඳලා තියාගන්නවා. ඒ විදියට මීට කලින් තිබුණෙ මට නම් Jason Bourne චිත්‍රපට වල විතරයි.

    මේකේ රඟපෑමේ තාත්විකබව නම් අනභිභවනීයයි. කොටින්ම් පසුතලයේ රඟපෑම (background acting) වුණත් තාත්වික බවින් ඉතාම ඉහලයි. අහුවෙන්න රැඟිලි එකක් හොයාගන්න බෑ.

    අන්තිමට ඇමෙරිකාවට හීන් කින්ඩියකුත් දානවා, ඒ සීන් එක බොරුවක් නම් අනිවා ඩෙෆා එක කින්ඩියක්ම තමයි.

    පුදුම නොහිතෙන දේ තමයි - ඇයි මේකට මොකක් හරි සම්මානයක් තාම ලැබිලා නැත්තේ කියන එක. ඒකත් හරියට සිංහල වෙදකමට නොබෙල් තෑගි හම්බ වෙන්නෙ නෑ වගේ තමයි :D