චිලීට ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
රක්ෂිත බන්ධාගාරව සිටින චිලී නොහොත් තිලංක විදූෂ වෙනුවෙන් අද දින ඇප අයදුමක් ඉදිරිපත් කල ද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ විසින් අද එය ප්‍රතික්ෂේප කෙරුණා.
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමෙන් පසුව මෙම මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශ කලේ පරීක්ෂණ කටයුතු තවමත් සිදුකරගෙන යන බැවින් ඇප ලබා දිය නොහැකි බවයි. ලබන 25වෙනිදාට නැවතත් ඇප අයදුම් කරන මෙන් මහේස්ත්‍රාත් වරයා මෙහිදී නියෝග කර සිටියා.
අදාල සිද්ධියට මුහුණපෑ පුද්ගලයා සිද්ධියෙන් තුවාල ලැබූ අතර ඔහු විසින් තලංගම පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව කරන ලද විමර්ශනයකින් පසුව සැකකාර මෙම ගායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.