චීනයෙන් පිටතට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ජපාන සහ ඇමරිකානු රාජ්‍යයන් යෝජනාකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න.
    ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන අයට යෙන් බිලියන 23.5 ක් ( රුපියල් බිලියන 42 ක්) සෘජුණයක් විදියට දෙන්න තීරණය කරලා.

    ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ ලැරී කුඩ්ලෝ කිව්ව චීනයෙන් පිටතට යාමට අවශ්‍ය සෑම ඇමරිකානු සමාගමකටම “තැන් වෙනස්කිරීම සඳහා යන පිරිවැය ගෙවිය යුතු” බව.
    මේ මුදල කර්මාන්තශාලා අලුත් තැනකට ගෙනියන්න වන වියදම් පියවන්න.

    මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ආසියානු රටවල් පෙලගැහෙනවා දැනටම. ලංකාවෙත් අති විශාල ආන්දෝලනයක් තියනවා නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව මේ දවස්වල, වාලච්චේන ඉඳන් ගෙවතු වගාව දක්වාම.

    යම් නිෂ්පාදනයක් සාර්ථක ආර්ථික ඉලක්ක කරා යාමේදී සැලකියයුතු කරුණු බොහොමයක්. ගෝලීය කර්මාන්ත නිෂ්පාදනයට එක් පෑන් ඉරක්වත් ඇදීමට පෙරම එහි ආර්ථික වටිනාකම, සාර්ථකත්වය පිලිබඳ අවධානය දෙනවා.

    ගෝලීය නිෂ්පාදනය දැන් පවතින්නේ අපි හිඟුරාන සීනි, කැළණි ටයර්, උපාලි මැස්දා, වාලච්චේන කඩදාසි පැවතිච්ච කාලේ නෙමෙයි. ඒක වෙනම කතාවක්. නමුත් තවමත් අප වැඩිපුර කරන්නේ වංසෙ කබල් ගෑම. එමෙන්ම ගෙවතු වගාව වැනි දේවලින් රටක ආර්ථිකයට වෙන දායකත්වය සැලකිය නොහැකි තරම්.

    දේශපාලකයන්ට බැන්නට විතරක් වැඩක් නැහැ රට පරිහානියට යාමට. අපේ රටට නිෂ්පාදන ආර්ථිකයකින් දියුණුවෙන්න අමාරු හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා.

    මේ ඉන් කිහිපයක්. විසඳුම් දීම සහ මේ තියන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම රජයේ වගකීමක්.
    මේ කතාකරන්නේ රටේ පරිභෝජනයට අවශ්‍ය දේ නිෂ්පාදනය නොවෙයි, ඇපල්, පැනසොනික්, ටොයෝටා, ගූගල්, මයික්‍රොසොෆ්ට්, ටෙස්ලා, වැනි ගෝලීය නිෂ්පාදන ගැන.

    # දූෂණය, දේශපාලනීකරණය සහ නිලධාරීවාදය.
    # රටේ පවතින ව්‍යාපාර විරෝධී ඇතැම් කම්කරු නීති
    # පවතින අධික ප්‍රසිද්ධ නිවාඩු, 365 න් 116 ක්.
    # ඵලදායීතාවට සහ කාර්යක්ෂමතාවට වඩා සේවාකාලයට සහ පැමිණීමට මුල්තැන දීම
    # බලශක්ති හිඟය, ජනනය සුනිත්‍ය නොවීම
    # මුලික අධ්‍යාපන ක්‍රම සහ තාක්ෂනික අධ්‍යාපනය යල්පැනගිය ඒවා වීම
    # තාක්ෂණික අධ්‍යාපනයට වඩා ස්වයන්ව්‍යාපර වලට දරුවන් උනන්දු කරවීම. (ත්‍රී වීල්, බස්, ලොරි, සිල්ලර සහ ජංගම වෙළඳාම ආදීන් ඇතුළුව)
    # ඉංග්‍රීසි භාෂාව කොළඹට පමණක් සීමා වීම
    # පොදු ප්‍රවාහනය අතිශයින් දුර්වලවීම
    # වර්ගවාදය සහ ආගම්වාදය. බෙදීම සහ වෙන්කිරීම
    # බහුතරය තුල විද්‍යාවට වඩා මිත්‍යාවට ඇති නැඹුරුව

    එකවර නොහැකිවුවත් මේ සියල්ලට අවශ්‍යය පදනම වසරක් තුල දැමිය හැකි බවයි මගේ අනුමානය. පටන්ගන්නත් කොරෝනා හොඳ අවස්ථාවක්. කොරෝනා ඉවරවෙනකන් හිටියොත් පරක්කු වැඩිවෙයි, බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් වුවත් අපට වඩා බොහෝ ඉදිරියෙන් නිසා. ඉන්දියාවත් ජාති ආගම් උගුලේ හිරවෙලා හිටියට සම්පත් වැඩියි.

    මේ ස්වර්ණමය අවස්ථාවක්. පෝට් සිටි, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ජාලය, විදුලි දුම්රිය ව්‍යාපෘතිය හා සමාන දේ මේ ඉලක්කයේ අනිවාර්ය අමුද්‍රව්‍ය වෙයි.
    - Sujeeva Premaratne from FB

    අඩුම තරමේ හම්බන්තොටට ෆැක්ටරි 2ක් ගෙන්වා ගත්තොත්
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    our labour cost is very high. so i dont think those companies will consider us(btw i dont want anyone in this world to have a life of a chinese factory worker.)

    you have hit the nail on the head with this statement
    ඵලදායීතාවට සහ කාර්යක්ෂමතාවට වඩා සේවාකාලයට සහ පැමිණීමට මුල්තැන දීම

    පවතින අධික ප්‍රසිද්ධ නිවාඩු, 365 න් 116 ක්- i dont think this is correct(this is more than 2 holidays per week). when considering workers' quality of life having adequate number of holidays is a must. no one is born in this world to slave his life away so someone else have a luxurious life. whats more important is improving the efficiency.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    52 x 2 + 12 poya days = 116 :lol:
    Sujeeva is a simple guy ... Be like Sujeewa :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගන්‍න ඵපා..:yes:

    Ganna epa newe. Godak dewal minissunta ganna puluwan gaanata path une China hinda.. Duplicate wewa Originals wewa its all made in China. They made the things affordable.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    India walata wasi wei

    ඉන්දියාවට වාසි වෙලා ඉන්දියාවත් චීනේ වගේම දියුණු උනහම ඇමරිකන් කාරයා උන්ටත් ගේමක් දෙයි..එතකොට තමා අපිට පොඩ්ඩක් වාසි වෙන්නේ.:lol:.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    අලුතෙන් නෙවෙයි, තියෙන ටිකවත් හරියට දුවන්නේ නැනේ බන්.
    පේනවනේ මේ ටිකේ කොච්චර අලුත් වැඩ එලියට දැම්මද අපේ උන්. උන්ට සහන දීල කොච්චර ඒවා කරන්න පුලුවන්ද....
    එත් එකක් තියා මේ වගා වැඩෙවත් මේ ජරමර ඉවර උනාට පස්සේ කරන්නේ නෑ ... අපහු මුහුදට දත ලියවාගෙන ඉදියි.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    our labour cost is very high. so i dont think those companies will consider us(btw i dont want anyone in this world to have a life of a chinese factory worker.)

    you have hit the nail on the head with this statement
    ඵලදායීතාවට සහ කාර්යක්ෂමතාවට වඩා සේවාකාලයට සහ පැමිණීමට මුල්තැන දීම

    පවතින අධික ප්‍රසිද්ධ නිවාඩු, 365 න් 116 ක්- i dont think this is correct(this is more than 2 holidays per week). when considering workers' quality of life having adequate number of holidays is a must. no one is born in this world to slave his life away so someone else have a luxurious life. whats more important is improving the efficiency.

    නිවාඩු ප්‍රමානය අඩු කරල.ඒකට හිලව් වෙන්න වැඩ කරන පැය ගනන අඩු කරන්න පුලුවන්.. ;)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉන්දියාවට වාසි වෙලා ඉන්දියාවත් චීනේ වගේම දියුණු උනහම ඇමරිකන් කාරයා උන්ටත් ගේමක් දෙයි..එතකොට තමා අපිට පොඩ්ඩක් වාසි වෙන්නේ.:lol:.

    :lol::lol::yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Ape efficiency eka aduyi.
    Labour cost wadi.
    Negative factors godak thiyanawa.
    Apita ratak widihata hoda Agriculture diyunu karana eka. ethanin patan gamu.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අඩුම තරමේ හම්බන්තොටට ෆැක්ටරි 2ක් ගෙන්වා ගත්තොත්
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Cheennu goda giye hema deyakma copy karala unge rate hadala. Apith eeheman kala nam hari. Den icu bed heduwata oke patent eka atte wena ratakatane. Anna ewage ona magulak wenna kiyala hema dema. Copy karala mehe hadanna thiyenne
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Uba kamathida හම්බන්තොටට wage paththaka job ekak karanna? rate wena pathi walata wada

    වරාය හා එයාපෝට් එකයි තියෙන එකේ වාසිය ගන්න පුළුවන් එහෙම වුනොත් එන කම්පැනි වුණත් බලයි උන්ට ලෝකෙටම export කරන්න පහසුකම තියෙන එක. අනිත් එක ලොකු industrial zone එකක් දීල තියෙනවනෙ. හොඳ කම්පැනි ආවොත් කට්ටිය ඉඳියි එහෙට යන්න කැමති.
     
    Last edited: