දැනටමත් චීනය තමන්ගේ තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා. අපි ඒ අයගේ ද්විපාර්ශවීය ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන්. මේ අවුරුද්දේ විතරක් තියෙනවා ඩොලර් මිලියන 920 ක් ගෙවන්න චීනයට. දැන් ඒක ගෙවන්නේ නැති වීම ගැන තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා’ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජය විසින් අත්‍යාවශ්‍යයෙන් සිදු කළ යුතු ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් ඊට තම සහාය ලබාදීමට සූදානම් බවය.
“අපට නැවත තව දශකයකටවත් අන්තර්ජාතික වෙළඳපොලෙන් ණය ලබාගන්න අපහසුයි. මුළු රටේ සෑම ක්ෂේත්රයක්ම අද එක්තරා ආකාරයකට සම්පූර්ණයෙන්ම බංකොලොත් කරලා දාලා ඉවරයි පසුගිය කාලයේ සිදු කරපු මූල්‍ය කළමනාකරණයේ වරද නිසා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා කෙරෙහි යම් බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා සමාජයේ. එතුමා මෙවැනි තත්ත්වයක් යටතේ 2001 දී මේ විදිහේ තත්ත්වයක් යටතේ විදුලිය නැවත ලබා දුන්නා කරු ජයසූරිය මහත්තයත් එක්ක. ඒ වගේම විදේශ රටවල සහ ඒ විශේෂයෙන් බටහිර ලෝකයේ රටවල සහය එතුමාට ලැබෙයි. ජපානයේ සහය ලැබෙයි. ආදී වශයෙන් යම් බලාපොරොත්තුවක් සමාජයේ ඇතිවෙලා තියෙනවා. නමුත් අපි යථාර්ථවාදීව බැලුවොත් එතුමාට ඒ විදිහට බටහිර ලෝකයෙන් හෝ ජපානයෙන් හෝ වෙනත් තැනකින් දේශපාලන කොන්දේසිවලින් තොරව එතුමාගේ පුද්ගලික සබඳතා කරලා යම් ණයක් ගන්න පුළුවන් නම් මේ වෙලාවේ රටට ඒක ඉතාම වටිනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ගැටලුව අපි ද්වීපාර්ශවීය වශයෙන් තිබෙන සියලුම ණය මේ වෙනකොට අප්‍රේල් 12 වෙනිදායින් පස්සේ අපි ගෙවන්නේ නැහැ කියලා තියෙනවා. මේ රටවල් වලට අපි ඒගොල්ලන්ගේ ගත්ත ණයත් ගෙවන්නේ නැතුව අලුත් ණයක් ලබා ගැනීම ඉතාම අපහසුයි. දැනටමත් චීනය තමන්ගේ තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා. අපි ඒ අයගේ ද්විපාර්ශවීය ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන්. මේ අවුරුද්දේ විතරක් තියෙනවා ඩොලර් මිලියන 920 ක් ගෙවන්න චීනයට. දැන් ඒක ගෙවන්නේ නැති වීම ගැන තදබල විරුද්ධත්වය පල කරලා තියෙනවා. ජපානය හෝ ඉන්දියාවෙන් සමහරවිට තව පොඩ්ඩක් ලැබෙයි. ඉන්දියාවෙන් යම් යම් සහන ලැබෙමින් තියෙනවා. නමුත් ඒවා එක්ක දේශපාලන කොන්දේසිත් තියෙනවා අපිට පේනවා. යම් ආර්ථික කොන්දේසි තියෙනවා අපිට පේනවා. ඒ නිසා අපි හිතන තරම් ඉක්මනට දැවැන්ත ධනයක් ඇවිල්ලා ඩොලර් බිලියන 3-4 ක් ඇවිල්ලා තෙල් පෝලිං, ගෑස් පෝලිං, ආහාර පෝලිං, ඖෂධ හිඟය, නතර වෙන පාටක් නම් නැහැ.
අපට ඇත්තේ එක් පුංචි අවස්ථාවක් පමණය. ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් අපේ රටට ලබාදී තිබෙන ව්‍යාපෘතිවල සඳහා ඩොලර් මිලියන 1900 ක් බැංකුවල ඉතිරිව පවතී. එම මුදල් යොදවා ඇත්තේ සංවර්ධන කටයුතු සඳහා වන අතර ඒ වෙනුවට තෙල්, ගෑස්, ඖෂධ, සහ ආහාර මිල දී ගැනීම සඳහා එම මුදල් යොදවා ගත හැකි නම් දුෂ්කරතා මධ්‍යයේ වුවද මේ වසර ගෙවා ගත හැකි බව රණවක මහතා පෙන්වා දෙයි.
“දැනට ලෝක බැංකුව පමණක් අපට ඩොලර් මිලියන 400 ක් විතර ඒ විදියට කරන්නම් කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒකෙන් කොටසක් බෙහෙත් ගන්න. කොටසක් අපිට පුළුවන් වෙයි ආහාර වලට යොදාගන්න. ළදරු කිරිපිටි වලට යොදාගන්න. තෙල් හා ගෑස් වලට එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ නැවත මේ තාවකාලිකව මේ දේවල් වෙනස් කරත් මේවා අනිවාර්යයෙන්ම ලබන ජූනි මැදදි මහා අර්බුධයන් හැටියට කරළියට එනවා. ඉතින් අද වෙනකොට මේ ප්‍රශ්නයෙන් මුළු රටම වෙලිලා ගිහිල්ලා ඉවරයි. රටේ සෑම ක්ෂේත්රයක්ම අනුක්රමයෙන් අකර්මණ්‍ය වෙමින් යන තත්වයක් තමයි අපිට පේන්නේ. තැන් තැන් වලින් ඩොලර් මිලියන 10-15 එකතු කරගෙන තෙල් නැවක් ගෙන්න ගැනීමෙන් හෝ රටකින් ඩොලර් මිලියන 100-200 අරගෙන මාසෙකින් අර්බුදය කල් දමා ගැනීමෙන් හෝ මේකට විසඳුමක් නැහැ දැන්.
දැන් අපි මේකට ස්ථාවර විසඳුමක් ඇති කර ගන්නවා නම් හොඳ ස්ථාවරත්වයක් මුලින් ඇති කරගත යුතුයි. ඒකට සර්වපාක්ෂික නියෝජනයක් අවශ්‍යයි. දැන් අපිට පේනවා ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන අපි බලාපොරොත්තු තැබුවත් තාමත් මේ ආණ්ඩුව විශාල කුට්ටිය පාර්ලිමේන්තුවේ හසුරුවන්නේ රාජපක්ෂලා නිසා. අපි හිතුවා මැයි 9 වෙනිදා සිදුවීම් වලින් ඒගොල්ලෝ පාඩම් ඉගෙනගෙන ඇතියි කියලා. එහෙම නැහැ. තාමත් ඒ පිටිපස්සේ හිටිය ජාවාරම් කල්ලිත්, ඒ අයත් තාමත් මේක මෙහෙයවන්න උත්සාහ කරනවා. ඇමති මණ්ඩලය මෙහෙයවන්න උත්සාහ කරන බව අපට පේනවා. ඉතින් ඒ තත්ත්වය තුළ අග්‍රාමාත්‍යවරයා ගේ පොරොන්දු බොහෝ දුරට එතුමාට ඉටු කරගන්න බැරි තත්වයක් අපි දැක්කා නියෝජ් ය කතානායක තරඟයේදීත්.
19 වෙනි සංශෝධනයට සමාන සංශෝධනයක් ඉදිරිපත් කොට අනුමත කරගැනීමට දැවැන්ත බාධාවක් රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත් වීම නිසා එය සම්මත කර ගැනීම ද දැන් ගැටළුවක් වෙමින් පවතී. ඒ හේතුවෙන් චමල් රාජපක්ෂ කියන විදියට අත්හරින්න පුරුද්දක් නැත්නම්, අත්හැරලා යන්නේ නැත්නම්, ඒ අය අකර්මණ්‍ය කිරීමට කටයුතු කළ යුත්තේ රජයයි. එය නොකෙරෙන තාක් රට ඉදිරියට යන්නේ නැත.
“ඒ අය ආවත් එකයි. ඒ අයගේ නියෝජිතයන් ආවත් එකයි. ඉතින් ඒක නිසා අපි අවධාරණය කරනවා මේ දේශපාලන ස්ථාවරත්වය හා සාමූහික පාලනයකින් තොරව පුද්ගලයෙක් දෙන්නෙක්ට ගිහිල්ලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි අමාත්‍ය ධුර භාර ගැනීමේ අදහසක් නෑ. නමුත් අත්‍යවශ්‍ය අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුළ රජය විසින් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සුබවාදී නම් ඒවට අපේ විවෘත සහයෝගය ලැබෙනවා. ආර්ථිකමය ප්‍රතිසංස්කරණ කිරීමට අපේ සහයෝගය ලැබෙනවා. අර්බුදයෙන් ගැලවීමට නම් මිත්‍ර රාජ්‍යයන් කියන ඒවා අපට උදව් කරන්නේ නැත්නම් ආධාර සමුළු වලින් අපිට ආධාර ගලා එන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් අතමාරුව අපිට තවදුරටත් ලැබෙන්නේ නැත්නම්, අපට කරන්න තියෙන එකම දෙයයි.
අපි වර්ධනය අමතක කරලා ආර්ථිකය හැකිතාක් දුරට සංකෝචනය කරගෙන, මගේ යෝජනාව 25% කින් අපේ ආර්ථික පරිභෝජන අවශ්‍යතා සංකෝචනය කරගෙන මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරන්න. ඒ සඳහා විවෘතව ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේ රටේ ගෑස් පරිභෝජනය ගත් කල, වාර්තා වෙන විදිහට රටේ ගෘහස්ථ පරිභෝගිකයන්ගෙන් 30% අතර ප්‍රමාණයක් තනිකරම ගෑස් මත තමයි යැපෙන්නේ. ඒ කොළඹ හා මේ අවට ප්‍රදේශ හා රට පුරා නාගරික ප්‍රදේශවල ඉන්නේ.
ගෑස් ලබාදීමේ යම් ක්‍රියාවලියක් අනුගමනය කරන්න ඕන දැන්. නැත්නම් මිනිස්සු පෝලිම් වල දවස් ගණන් පෝලිම් ගස්සවා ගැනීමේ තේරුමක් නැහැ. ලිට් රෝ සමාගමට සම්පූර්ණ සැපයුම දෙන්න විදිහක් නැහැ. ගෑස් ටැංකි හතළිස් ලක්ෂයක්, හතළිස් ලක්ෂයක් හිස් ටැංකි අද ලංකාව පුරා තියෙනවා. ඉතින් දවසකට පනස්දාහක් පාරට දාලා කිසිම වැඩක් නැහැ. මොකද හතළිස් ලක්ෂයක් බලාගෙන ඉන්නවා ගෑස් පුරවන්න. ඒවා නිකම්ම වාෂ්ප වෙලා යනවා. ඒක නිසා අපි ගෑස් දෙන්න පුළුවන් මෙන්න මේගොල්ලන්ට විතරයි. මෙන්න මේ දවසේ තමයි ඒක දෙන්නේ. මෙන්න මේ වෙලාවට අසුවල් තැනට යන්න කියලවත් වැඩපිළිවෙලක් අඩුගානේ දැන් හදාගන්න ඕනේ මිනිස්සු පාරවල් වල රස්තියාදු කරන්නේ නැතුව.
තෙල් ප්‍රශ්නෙ ගත්තත් එහෙමයි. පෙට්‍රල් නැවක් ආවයි කියලා, එහෙම නැත්නම් ඩීසල් නැවක් ආවයි කියලා, මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ගල් අඟුරුත්, මේ ජූනි මාසෙන් පස්සේ ඉවරයි. මොකද, වාරකන් කාලය ඇවිල්ලා මේ ගෑස් නැවට පොම්පේ හයි කරගන්න බැරි නම්, ගල් අඟුරු කොහොමවත් ගොඩබාන්න බැහැ. ගල් අඟුරු නැහැ කියන්නේ දැනටමත් මෙගාවොට් 300 ක් ගහලා ගිහිල්ලා තියෙනවා. ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ගල් අඟුරු නැතිවෙච්ච හැටියේ. ජූනි වලින් පස්සේ අපිට. ඒ නිසා මේ විදුලිය ලබාදීම ඒ වගේම තෙල් ලබාදීමේදී ප්‍රමුඛතාවය දෙන්න ඕන පොදු ප්‍රවාහනයට. දුම්රියට. දුම්රියට යන්නේ 1% යි. තෙල් වලින්. හැබැයි මගීන්ගෙන් 5% ක් ප්‍රවාහනය කරනවා. අපේ බස් ඇණියට යන්නේ තෙල් 10% යි. මුළු තෙල් වලින්. හැබැයි මගීන්ගෙන් 48% ක් ප්‍රවාහනය කරනවා. කරනවා. දුම්රියට, බස් එකට, ලොරි පද්ධතියට, ඒ වගේම කෘෂිකාර්මික උපකරණ වලට මේවා ලබාදෙන්න ඕනේ.