චීනයේ අලුත් කොවිඩ් පොකුරක්

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    චීනයේ අලුත් කොවිඩ් පොකුරක්

    චීනයේ අලුත් කොවිඩ් පොකුරක්​

    June 6, 2021 11:38 am


    නව කොවිඩ් පොකුරක් පැතිර යමින් ඇති චීනයේ ග්වැන්ජෝ නගරයේ මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    ඉකුත් මැයි 21 වනදා සිට නව කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ දකුණුදිග ග්වැන්ජෝ නගරයේ කලාප 11 දීම මහපරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙයි.
    නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 73 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් 12 දෙනෙකුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයකි.
    වෛරසය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා ඇතැම් ප්‍රදේශවලට නව සංචරණ සීමා පනවා තිබේ.
    මේ අතර බ්‍රිතාන්‍යයෙන් මුල් වරට හඳුනාගත් ඇල්ෆා වෛරස ප්‍රභේදය තම රට තුළදී ආසාදනයට ලක්වූ පුද්ගලයෙක් හඳුනාගත් බව හොංකොං සෞඛ්‍ය බලධාරීන් පවසයි.
    ආසාදිතයා මෑතකදී විදෙස් රටක සංචාරය නොකළ 17 හැවිරිදි සිසුවෙකි.
    ඇල්ෆා වෛරස ප්‍රභේදය දේශීයව සම්ප්‍රේශණය වූ පළමු අවස්ථාව මෙය බවද හොංකොං සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
    ඉහළ සම්ප්‍රේශණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ තර්ජනාත්මක අයුරින් පැතිර යමින් ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
    මේ තත්ත්වය පාලනයට නම් මහපරිමාණයෙන් කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකළ යුතු බව ඔවුන්ගේ අදහසය.
    එමෙන්ම ඇතැම් කොවිඩ් පාලන සීමා තවදුරටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
    මේ අතර කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා සංචරණ සීමා ලිහිල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබේ.
    එන්නත ලබාගත් පුද්ගලයන්ට මේ මස මුල් භාගයේ සිට ක්‍රීඩා ඉසව්, සංදර්ශන හා වෙනත් ජනතාව රැස්වන අවස්ථා සඳහා සහභාගීවීමට ඉඩ සලසා ඇති බව එරට වාර්තාවල සඳහන්ය.
    ගෝලීය වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද 17 කෝටි 37 ලක්ෂය ඉක්මවා ගියේය.
    වසංගතයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 37 ලක්ෂ 35,000 අධිකය.
     

    Attachments

    • 1623032302331.png
      1623032302331.png
      692.7 KB · Views: 51