ත්‍රෙඩ් එකේ මාතෘකාවේ අවුලක් තියෙනවා.
මෙයා කියල තියන දේවල් ගොඩක් හරි. නමුත් චීනයේ අවසානය අත ළඟයි කියල දෙයක් ලිපියෙන් ගම්‍ය වෙන්නේ නැහැ.
චීනය, රුසියාව සහ ඇමෙරිකාව ලෝක දේශපාලනයේදී කරපු වැරදි නොකර ඉන්න තරමක් පරිස්සම් වෙලා තියෙනවා. චීනේ ඇති සමාජවාදයක් නැහැ, ධනවාදයක් තියෙන්නේ. ඒ වගේම ඉතාම සැලසුම් සහගතව වැඩ කරන්නේ (හොඳ සහ නරක දෙවිදිහටම)
ලීසිං කම්පනි වලින් ණය දෙනවා වගේ ණය දීලා රටවල් අල්ලගෙන තමන්ගේ ගමන යනවා. මානව හිමිකම් කියල දෙයක් අදාළ කරගන්නේ නැහැ. ඒ නිසා ඉස්සරහට ගැටලු ඇති වෙනවා. නමුත් රට කඩාගෙන වැටෙන්නේ නැති වෙන්න අනිවාර්යෙන් වැඩ කරනවා. ඔය එන අබියෝග විශ්ලේෂණය කරල තමා උන් දේවල් කරන්නේ.
කොවිඩ් වලිනුත් සුපිරි හම්බ කිරිල්ලක් කරගෙන තියෙන්නේ.
චීනයේ ඊළඟ පිම්ම ඇමෙරිකාව අල කරපු මැදපෙරදිග කලාපයෙන් පටන් ගනියි. අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන උන් ගේමක් ගහනවා. වැටෙන තත්වෙට යන්නේ නැහැ.