චීනයේ මහා වේල්ල කාලගුණය වෙනස්කරන හැටි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ත්‍රි ජෝර්ජර්ස් වේල්ල

    මෙම වේල්ල 2003 වසරේ ආරම්භ වෙන්නේ

    සෙමින් සෙමින් ලෝකයේ ගොඩක් දේවල් මේ මහා වේල්ල නිසා වෙනස්වෙමින් තිබෙනවා

    හරි වෙනස් නේද කාලගුණේ
    වහින්නේ නැති කාලෙට දැන් වහිනවා
    සිතල නැති කාලෙට සීතලයි
    රස්නේ .....

    1919 දී තමයි මේ සංකල්පය මුලින්ම සන් යට් යෙන් යෝජනා කරන්නේ.

    යකඩ කුළුණු යොදාගෙන හදල තියෙන මෙම වේල්ල අඩි 7661ක් දිගයි අඩි 600ක් උසයි, ටොන් 510,000ක් යකඩ පාවිච්චි කරලා තියෙනවා, අවුරුදු 10ක් හදන්න ගිහින් තියෙනවා
    හම්මේ ඉතින්

    යන්ග්ට්සි ගංගාව තමයි මේකේ ප්‍රධාන ජල ප්‍රවාහය
    මේ ගඟට වසරකට අපද්‍රව්‍ය ගැලුන් මිලියන 265ක් එකතු වෙනවා, මේ වේල්ල ජල ප්‍රවාහ වගේම මුළු පරිසර පද්දතියම අපවිත්‍ර කරන්න දායක වෙලා තියෙනවා.

    මිනිස්සු මිලියන 1.2ක් මේ වේල්ල හදන්න ඉවත් කරලා තියෙනවා

    යන්ග්ට්සි ගඟ තමයි ලෝකයේ තුන්වැනි දිගම ගඟ වෙලා තියෙන්නේ, කිලෝමීටර 6347ක් විතර ආසියාව පුරාම මේ ගඟ විහිදිලා තියෙනවා

    මෙගා වොට් 22,500ක් මේ ජලාශයේ ඇති ටර්බයින මගින් විදුලිබලයට එක් කරනවා

    මේක හදන්න ඩොලර් බිලියන 37ක් ගිහින් තියෙනවා හප්පේ

    ජලය ගැලුන් බිලියන 42ක් මේ වේල්ල මගින් රඳවලා තියන්න පුළුවන්

    දැන් තමයි තත්වේ දරුණු වෙන්නේ

    ලෝකයේ භ්‍රමණය මේ වේල්ල මගින් මිලිසේකන්ඩ්ස් 0.06කින් අඩු කරලා තියෙනවා
    මේකට කියන්නේ “the moment of inertia” කියල භ්‍රමණ වේගය අඩුකිරීම
    කක්ෂය අලකිරිම සහ ඒ භ්‍රමණ ආතතිය මේ මහා ජලකඳ හින්ද ටිකක් අවම වෙලා තියෙන්නේ (Angula Motion of Axis)

    හරියට හිමමත ක්‍රීඩාකරන අර නර්තන කරන අය එක තැන කැරකෙන්නේ, ඒ කැරකෙන වේගය වැඩිවෙන්න වැඩිවෙන්න අත් දෙක ඇඟට තද කරගන්න වෙනවා වගේ දෙයක් අපේ පෘතුවියට වෙලා තියෙන්නේ.

    කිලෝ ට්‍රිලියන 39ක් මුහුදු මට්ටමේ සිට මීටර 175ක් උඩින් රඳවා තබාගෙන ඉන්න එකත් පෘතුවි භ්‍රමණ ශක්තිය අඩු කිරීම සිදු කරනවා

    නසා ආයතනය මගින් ගණන් බලා ඇති ආකාරයට අනුව දවසක ඇති කාලය 0.06 microseconds වලින් වැඩි වෙලා තියෙනවා.

    ඒ වගේම පෘතුවි කක්ෂය ශිෆ්ට් වෙලා තියෙනවා සෙන්ටිමීටර 2කින් වෙනස් වෙලා තියෙනවා

    මේ මහා ජලස්කන්ධය අවට වාතයේ රස්නය උරාගන්නවා මේ හන්ද අවට රටවලට වෙනස්ම දේශගුණික බලපෑමක් ඇති කරලා තියෙනවා.

    මේ හන්ද වැඩි රස්නයක් තියෙන දවස් ගාන සියයට 32කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සිතල දින ගණන සියයට 21කින් අඩු වෙලා තියෙනවා. කොහොමද බලපෑම?

    ලෝකයේ දේශගුණ බලපෑමට මේ ආකාරයෙන් කරලා තියෙන බලපෑම සුළුවට තකන්න බැහැ


    three_gorges_dam_AQq2ZFL.jpg

    yangtze_oli_2020182_th.jpg
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    වැඩ බැරි කුහක සුද්දො කථා හදයි දැන් ඕකටත් අරකට හොඳ නෑ මේකට හොඳ නෑ කියලා..උන් හැදුවොත් තමා ඔක්කොටම හොඳ.🤣🤣🤣.ඒ කාලේ ලෝකෙට බලේ පෙන්නන්න හඳත් පුපුරවන්න ගිය අැමරිකන් කාරයෝ මේවට කියන කථා දැක්කහම පට්ට අාතල්.🤣🤣
     
    • Like
    Reactions: vali aththa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පින්තූරෙනම් බැලු බැල්මට එච්චර ලොකුවට පේන්නේ නෑනේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පින්තූරෙනම් බැලු බැල්මට එච්චර ලොකුවට පේන්නේ නෑනේ
    පින්තුර බලල තමයි ස ගෙනාවෙත් කට්ටිය
    අන්තිමට ස ගියේ කාන්තාරයක් කරලා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පින්තුර බලල තමයි ස ගෙනාවෙත් කට්ටිය
    අන්තිමට ස ගියේ කාන්තාරයක් කරලා
    ස විතරක් නෙමේ මෙච්චර කල් ගෙනාපු හැමෝම ගෙනාවේ එහෙම තමයි. ස වනම් අඩුම ගානේ එළවගන්න පුලුවන් වුනා. අනිත් උන් එලවන්නවත් බෑ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වැඩ බැරි කුහක සුද්දො කථා හදයි දැන් ඕකටත් අරකට හොඳ නෑ මේකට හොඳ නෑ කියලා..උන් හැදුවොත් තමා ඔක්කොටම හොඳ.🤣🤣🤣.ඒ කාලේ ලෝකෙට බලේ පෙන්නන්න හඳත් පුපුරවන්න ගිය අැමරිකන් කාරයෝ මේවට කියන කථා දැක්කහම පට්ට අාතල්.🤣🤣

    handa pupuramu ha da ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    වැඩ බැරි කුහක සුද්දො කථා හදයි දැන් ඕකටත් අරකට හොඳ නෑ මේකට හොඳ නෑ කියලා..උන් හැදුවොත් තමා ඔක්කොටම හොඳ.🤣🤣🤣.ඒ කාලේ ලෝකෙට බලේ පෙන්නන්න හඳත් පුපුරවන්න ගිය අැමරිකන් කාරයෝ මේවට කියන කථා දැක්කහම පට්ට අාතල්.🤣🤣
    මේ හදන්න මුලින්ම දීල තිබ්බේ ඇමරිකන් එවුන්ට තමයි 1957 දී
    ඇදිල ඇදිල ඇවිත් දිගටම
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    // යන්ග්ට්සි ගංගාව තමයි මේකේ ප්‍රධාන ජල ප්‍රවාහය
    මේ ගඟට වසරකට අපද්‍රව්‍ය ගැලුන් මිලියන 265ක් එකතු වෙනවා, මේ වේල්ල ජල ප්‍රවාහ වගේම මුළු පරිසර පද්දතියම අපවිත්‍ර කරන්න දායක වෙලා තියෙනවා. //

    me case eka mokakda...