චීනය,තායිවානය සහ ට්‍රම්ප්
කලින් ලිපියේ සඳහන් කල පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ආසන්න වශයෙන් දශක හතරක කාලයකට පසුව තායිවාන රාජ්‍ය නායකයෙක් සමග දුරකතනයෙන් සංවාදයේ යෙදුණ පළමු ඇමෙරිකානු ජනපතිවරයාය.මෙම සිද්ධිය නිසා චීනය දැඩි කනස්සල්ලට පත්ව තිබේ.තායිවානය යනු ලොව 22 වන විශාලතම ආර්ථිකය හිමි රාජ්‍යයයි.මෙම මතභේදකාරී දුරකතන ඇමතුම චීනය මෙතරම් රිදවීමට කාරණයක් වූයේ ඇයි?ඒ සඳහා වසර ගණනක් අතීතයට ගමන් කලයුතුය.තායිවානය නැගෙනහිර ආසියාවේ තිබෙන දියුණු රාජ්‍යයක් සේම ලෝක වෙළඳපොළේ ඇති නෝට්බුක් පරිගණකවලින් 80% නිපදවා තිබෙන්නේ මෙරටේය.නමුත් තවමත් මෙම දූපත් රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ලෝකයේ අනෙක් රටවල් අසමත්ය.
මෙම ආරවුලේ ඉතිහාසය 1940 දශකය තරම් ඈතට දිව යයි.තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නේ චීන ප්‍රධාන භූමියේ බලය ජාතිකවාදීන්ගෙන් මාවෝසේතුන් ප්රමුඛ සමාජවාදීන්ගේ අතට පත්වීමත් සමගයි.දෙපිරිස අතර ඇතිවූ සිවිල් යුද්ධයෙන් මාවෝ සේතුන්ගේ පාර්ශ්වය ජයගන්නා(ක්‍රි.ව.1949) අතර මිලියන 2ක් පමණ ජාතිකවාදීන් තායිවානය නම් දූපතට පලාවිත් එහි රජයක් පිහිටුවා ගනියි.මාවෝ සේතුන්ගේ පාලනය යටතේ චීනයේ ප්‍රධාන භූමිය මහජන චීන සමූහාණ්ඩුව ලෙසද ජාතිකවාදීන්ගේ පාලනය යටතේ තායිවානය චීන සමූහාණ්ඩුව ලෙසද හැදින්වීමට පටන් ගැනිණි.ආරම්භයේ පටන් ලෝකයේ රටවල් චීන ප්‍රධාන භූමියේ පිහිටුවා තිබූ සමාජවාදී රජය පිළිගැනීමට අකැමැතිවිය.නමුත් ක්‍රමයෙන් කාලය ගතවද්දී ලෝකයට මේ දැවැන්ත චීනය තවදුරටත් ප්‍රතික්ෂේප කර තායිවානයට පිටුවහල් කල රජය චීනය ලෙස පිළිගැනීම අපහසුවිය.
1977 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තායිවානයේ රජය වෙනුවට කොමියුනිස්ට් චීනය හෙවත් මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගැනීමට එකඟත්වය පළකරන ලදි.ඊට එක් හේතුවක් වූයේ එක්සත් ජනපදය චීනය සමග සබදතා වර්ධනය කරගැනීමට යොමුවීමත් 1979 වර්ෂයේ පටන් තායිවානය සමග තිබූ රාජ්‍යතාන්ත්‍රික සබදතා මෙන්ම දෙරටේ ජනපතිවරුන් අතර සෘජු දුරකතන සංවාදද නැවැත්වීමට පියවර ගැනීමයි.පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැන හෝ නොදැන බිඳ දමන ලද්දේ එම ප්‍රොටෝකෝලයයි.
කෙසේවෙතත් මේ සියල්ල නොසලකා හැර තායිවානය ලෝකයේ අනෙකුත් රටවල් සමග සබදතා ඇතිකරගැනීමටද 1980 දශකයේ පටන් ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණවලට යොමුවීමටද පියවර ගන්නා ලදි.පසුකාලීනව චීන ප්‍රධාන භූමියට අයිතිවාසිකම් කීමෙන් වැළකී සිටීමටද තායිවානය පියවර ගත් අතර දූපත ස්වාධීන රාජ්‍යයක් යන ස්ථාවරයේ පසුවන්නට විය.චීනයත් තායිවානයත් අතර එකඟනොවීම තිබෙන්නේ චීනය සම්බන්ධව අයිතිය තායිවානයට තිබේද සහ තායිවානයේ අයිතිය චීනයට තිබේද යන්න සම්බන්ධවයි.චීනය තර්ක කරන්නේ තායිවානය චීනයේ පළාතක් බවයි.නමුත් තායිවානයට අවශ්‍ය සිය රට ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමක් ලබාගැනීමටයි.
පිළිනොගත් රාජ්‍යයක් ලෙස සහ චීනය සතුරෙක් ලෙස සිටියදී තායිවානය ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමග උපායශීලීව ගනුදෙනු කිරීමට දක්ෂ වී තිබේ.එක් උදාහරණයක් වන්නේ තායිවානය බොහෝ ජාත්‍යන්තර සංවිධානවලට සහභාගී වන්නේ චීන තායිපේ යන නමින්ය(උදා:ලෝක වෙළඳ සංවිධානය).එසේම ඔලිම්පික් වැනි ක්‍රීඩා තරඟාවලි සඳහාද සහභාගී වන්නේ එම නමින්ය.තායිවානය සිය පළමු ඔලිම්පික් පදක්කම ලබාගත්තේ 2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන්ය.2016 බ්‍රසීලයේ පැවැති ඔලිම්පික් උළෙලේදී එරට වෙනුවෙන් දෙවන රන් පදක්කම දිනා දුන්නේ බර ඉසිලීමේ ක්‍රීඩක සු ෂු-චින්ග්ය.තායිවානය වෙනුවට තායිපේ යන නම භාවිතා කිරීම ඔස්සේ ලෝකය සමග එකතුවීමටත් චීනයේ ප්‍රබල විරෝධයට ලක්නොවීමටත් තායිවානයට හැකිව තිබේ.
අවසන් වශයෙන් තායිවානය සිය ශක්තිමත් ආර්ථිකයද මෙවලමක් සේ යොදාගන්නා බව පෙනේ.තායිවානය කැරිබියන් දූපත් වැනි රාජ්‍යවලට ආර්ථික වශයෙන් ආධාර ලබාදෙයි.ඒ හරහා ඔවුන්ට ලෝක මට්ටමින් රාජ්‍යයක් යන පිලිගැනීම යම් ආකාරයකින් ලැබෙන බව පැහැදිලිය.මේ ආකාරයෙන් විවිධ උපායන් හරහා තමන්ට නැතිව ගිය ලෝක මට්ටමේ පිලිගැනීම අත්පත් කරගන්නට තායිවානය කටයුතු කරමින් සිටියි.ඔවුන්ගේ නවතම උපාය සාර්ථක වී ඇතිබවට එක් උදාහරණයක් වන්නේ ට්‍රම්ප්ට ලබා දුන් දුරකතන ඇමතුමෙන් පසුව ලොව විශාලතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය වන ගූගල් හරහා වැඩි පිරිසකගේ සෙවීමට ලක්ව තිබෙන්නේ "තායිවානය රටක්ද" යන්න වීමයි.
යම් භූමියක් වෙනම රාජ්‍යයක්ද යන්න විනිශ්චය කිරීම ක්‍රම දෙකක් ඔස්සේ සිදුකල හැකිය.පලමුව එම භූමිය රාජ්‍යයක් ලෙස දිස්වේදැයි බැලිය යුතුය.එනම් එහි වෙනම රජයක් ක්‍රියාත්මක වේද?පැහැදිලි භූමි ප්‍රදේශයක්ද? සහ ජනතාව විසින් එම රජය පිළිගනීද?මෙම නිර්නායක වලට අනුව නම් තායිවානය යනු අනිවාර්යෙන්ම රාජ්‍යයකි.නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ රාජ්‍යයක් ලෙස අනෙකුන් පිළිගනීද යන්නයි.එම පිළිගැනීම හිමිවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාය.දැනට ලෝකයේ තිබෙන ලාබාලතම රාජ්‍යය ලෙස 2011 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වූ දකුණු සුඩානය හඳුන්වන්නේ එම නිසාය.මන්ද එය වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව තිබේ.ජගත් සංවිධානයේ සාමාජිකයන්ගෙන් අතිබහුතරයක් තායිවානය පිළිනොගන්නා නිසා එය රාජ්‍යයක් නොවේ.
ට්‍රම්ප්ගේ දුරකතන ඇමතුම මෙතරම් වැදගත් කාරණයක් වන්නේ මේ නිසාය.ඇමෙරිකා-තායිවාන ආර්ථික සහ අර්ධ-උපචාර දේශපාලනික සම්බන්ධකම් ඉතා ශක්තිමත්ය.උදා:තායිවානය යනු ඇමෙරිකාවේ 10වන විශාලතම වෙළඳ සහකරුවාය.තවද ඇමෙරිකාව තායිවානයට යුදෝපකරණ සපයයි.නමුත් ලෝකයේ අනෙක් රටවල් මෙන් ඇමෙරිකාවද තායිවාන රජය පිළිගන්නේ නැත.හේතුව චීනය සමග තිබෙන සබදතා ඊට වඩා ඉතා වැදගත් වීමයි.නමුත් මෙම සම්ප්රදාය ට්‍රම්ප් විසින් දුරකතන ඇමතුමකින් බිද දැමුවේ ඇයි?චීනය සතුටට පත් කලේ ඇයි?දකුණු චීන මුහුද සම්බන්ධව චීනයේ මුරණ්ඩු ක්‍රියාකලාපයට එරෙහිව ට්‍රම්ප්ගේ ප්‍රතිචාරයක් ලෙසද?
මෙය යුද්ධයක් ඇතිවීම දක්වා දුරදිග යයිද?පෙනෙන හැටියට පිළිතුර නැත යන්නයි.මෙය තායිවානය සිය ස්වාධීනත්වය ලෝකයට ගෙනයාමට අවස්ථාවක් ලෙස පාවිච්චි කරනවා සේම ඔවුන් චීනයේ ප්‍රතිචාරයද විමසා බැලීමට අවස්ථාවක්ද කරගනිවි.තායිවාන රාජ්‍ය නායකත්වය පසුගිය කාලය පුරා අනුගමනය කලේ: ස්වාධීනත්වයක් නැත,ඒකාබද්ධවීමක් නැත(චීනය සමග) සහ බලය පාවිච්චි කරන්නේ නැත යන ප්රතිපත්තියයි.මේ හරහා තායිවානයට ලෝකයේ අනෙකුත් රටවල් සමග මෙන්ම චීනය සමගත් සාර්ථකව සබදතා පවත්වාගෙන යෑමට හැකිවිය.
නමුත් ට්‍රම්ප්ගේ ඇමතුම ඔස්සේ චීනය කලබලයට පත්වූයේ ඒ හරහා ඇමෙරිකාව තායිවාන රජය වක්‍රාකාරව පිළිගැනීමට ලක්වීමත්,තායිවානය සම්බන්ධව චීනයට ඇති අයිතියද අභියෝගයට ලක්වීමත් යන කරුණු නිසා යැයි සිතිය හැකිය.මෙම ඇමතුමේ ප්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුල ඉස්මතුවේවි.නමුත් අර්බුදයක් මතුවුව හොත් ඇමෙරිකාව කාගේ පැත්තේ සිටගනිද යන්න කලින් කිව නොහැකිය.දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් උත්සන්න වීම ඇමෙරිකාව ඉවසන්නේ නැතිබව පැහැදිලිය.ඇමෙරිකානු නාවික හමුදාව චීන ආසන්නයේ කරක් ගැසීමද චීනය ඉවසන්නේ නැතිබව පසුගියදා පිලිපීනය ආසන්න මුහුදේදී චීන නාවික හමුදාව ඇමෙරිකානු ඩ්‍රෝන් යාත්‍රාවක් අත් අඩංගුවට ගැනීම ඔස්සේ ප්‍රකාශ විය.චීනය විරුද්ධ වූ පමණින් ඇමෙරිකා-තායිවාන සබදතාවලට තිත තබන්නටද ඔවුන් සූදානම් නැතිබව පැහැදිලිවූයේ 2015 වර්ෂයේදී සිදුකලා යැයි කියන ඇමෙරිකා-තායිවාන යුදෝපකරණ ගනුදෙනුවයි.එහිදී ඇ.ඩො.බිලියන 1.83ක් වටිනා අවි තායිවානයට ලබාදී තිබේ.ඒවා අතර ඔලිවර් හසාර්ඩ් පෙරි පන්තියේ මිසයිල නෞකා,උභයචර ප්‍රහාරක රථ සහ ගුවන් යානා සහ නෞකා නාශක මිසයිල පද්ධතිද තිබිණි.
චීනය තුන්වරක් තායිවානය සමග ගැටුම් ඇතිකර ගැනීම උත්සාහ කර තිබේ.1954-1955 සමයේදී තායිවාන සමුද්‍ර සන්ධියේ පිහිටි තායිවානයට අයත් දූපත් කිහිපයක් අල්ලාගෙන ගැටුමක් ඇතිකර ගැනීමට ප්රයත්න දැරුවද එය ලේ වැගිරීමකින් තොරව අවසන් විය.එම අවස්ථාවේදී ඇමෙරිකාව තායිවානයේ සහාය ඉදිරිපත් විය.දෙවන සිද්ධිය 1958 වර්ෂයේදී සිදුවිය.එහිදී තායිවානයට අයත් දූපත් කිහිපයකට චීන හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.දෙපාර්ශ්වය අතර සටන්වලින් 1000කට වැඩි පිරිසක් මරණයට පත්විය.මෙවරද ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානයේ සහායට පැමිණියේය.1995-1996 සමයේ චීනය තායිවානය ආශ්රිත මුහුදේ මිසයිල අත්හදා බැලීම් සිදුකිරීමට යාමෙන් තුන්වන වරටත් අර්බුදයක් නිර්මාණය විය.එවර ඇමෙරිකා එක්සත් ජනපදය සිය නාවුක බලය තරම චීනයට පෙන්වා දෙමින් ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් ඇතුලුව විශාල නාවුක බලඇණියක් තායිවාන සමුද්‍ර සන්ධියට එවීමට ක්‍රියා කලේය.
Source:sbs.com.au
-HarshaLulzSec-

ලොව විශාලතම නෝට්බුක් පරිගණ නිෂ්පාදකයා - තායිවානයේ Quanta සමාගමයි
චීනයට තායිවාන සමග තිබෙන ආරවුල කුමක්ද?
මෙම ආරවුලේ ඉතිහාසය 1940 දශකය තරම් ඈතට දිව යයි.තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නේ චීන ප්‍රධාන භූමියේ බලය ජාතිකවාදීන්ගෙන් මාවෝසේතුන් ප්රමුඛ සමාජවාදීන්ගේ අතට පත්වීමත් සමගයි.දෙපිරිස අතර ඇතිවූ සිවිල් යුද්ධයෙන් මාවෝ සේතුන්ගේ පාර්ශ්වය ජයගන්නා(ක්‍රි.ව.1949) අතර මිලියන 2ක් පමණ ජාතිකවාදීන් තායිවානය නම් දූපතට පලාවිත් එහි රජයක් පිහිටුවා ගනියි.මාවෝ සේතුන්ගේ පාලනය යටතේ චීනයේ ප්‍රධාන භූමිය මහජන චීන සමූහාණ්ඩුව ලෙසද ජාතිකවාදීන්ගේ පාලනය යටතේ තායිවානය චීන සමූහාණ්ඩුව ලෙසද හැදින්වීමට පටන් ගැනිණි.ආරම්භයේ පටන් ලෝකයේ රටවල් චීන ප්‍රධාන භූමියේ පිහිටුවා තිබූ සමාජවාදී රජය පිළිගැනීමට අකැමැතිවිය.නමුත් ක්‍රමයෙන් කාලය ගතවද්දී ලෝකයට මේ දැවැන්ත චීනය තවදුරටත් ප්‍රතික්ෂේප කර තායිවානයට පිටුවහල් කල රජය චීනය ලෙස පිළිගැනීම අපහසුවිය.
මාවෝ සේතුං සහ චියාන් කායි ෂෙක්ගේ(තායිවානයේ පළමු ජනපති) අවසන් හමුව,1945.
1977 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තායිවානයේ රජය වෙනුවට කොමියුනිස්ට් චීනය හෙවත් මහජන චීන සමූහාණ්ඩුව නිල වශයෙන් පිළිගැනීමට එකඟත්වය පළකරන ලදි.ඊට එක් හේතුවක් වූයේ එක්සත් ජනපදය චීනය සමග සබදතා වර්ධනය කරගැනීමට යොමුවීමත් 1979 වර්ෂයේ පටන් තායිවානය සමග තිබූ රාජ්‍යතාන්ත්‍රික සබදතා මෙන්ම දෙරටේ ජනපතිවරුන් අතර සෘජු දුරකතන සංවාදද නැවැත්වීමට පියවර ගැනීමයි.පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැන හෝ නොදැන බිඳ දමන ලද්දේ එම ප්‍රොටෝකෝලයයි.
කෙසේවෙතත් මේ සියල්ල නොසලකා හැර තායිවානය ලෝකයේ අනෙකුත් රටවල් සමග සබදතා ඇතිකරගැනීමටද 1980 දශකයේ පටන් ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණවලට යොමුවීමටද පියවර ගන්නා ලදි.පසුකාලීනව චීන ප්‍රධාන භූමියට අයිතිවාසිකම් කීමෙන් වැළකී සිටීමටද තායිවානය පියවර ගත් අතර දූපත ස්වාධීන රාජ්‍යයක් යන ස්ථාවරයේ පසුවන්නට විය.චීනයත් තායිවානයත් අතර එකඟනොවීම තිබෙන්නේ චීනය සම්බන්ධව අයිතිය තායිවානයට තිබේද සහ තායිවානයේ අයිතිය චීනයට තිබේද යන්න සම්බන්ධවයි.චීනය තර්ක කරන්නේ තායිවානය චීනයේ පළාතක් බවයි.නමුත් තායිවානයට අවශ්‍ය සිය රට ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමක් ලබාගැනීමටයි.
වරක් මෙම ආරවුල යුද්ධයක් දක්වා දුරදිග යන්නට තරම් ආසන්න විය.2000 වර්ෂයේදී තායිවානය ආක්‍රමණය කරන බවට චීනය අනතුරු ඇඟවීමක් කලේය.එහිදී චීනයේ අදහස වූයේ තායිවානයේ අනාගත චීන ප්‍රධාන භූමිය සමග ඒකාබද්ධ වීම හැර වෙනත් විකල්පයක් නොමැතිබවයි.
අසමසම උපාය කෞෂල්‍යය
පිළිනොගත් රාජ්‍යයක් ලෙස සහ චීනය සතුරෙක් ලෙස සිටියදී තායිවානය ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමග උපායශීලීව ගනුදෙනු කිරීමට දක්ෂ වී තිබේ.එක් උදාහරණයක් වන්නේ තායිවානය බොහෝ ජාත්‍යන්තර සංවිධානවලට සහභාගී වන්නේ චීන තායිපේ යන නමින්ය(උදා:ලෝක වෙළඳ සංවිධානය).එසේම ඔලිම්පික් වැනි ක්‍රීඩා තරඟාවලි සඳහාද සහභාගී වන්නේ එම නමින්ය.තායිවානය සිය පළමු ඔලිම්පික් පදක්කම ලබාගත්තේ 2004 ඇතැන්ස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන්ය.2016 බ්‍රසීලයේ පැවැති ඔලිම්පික් උළෙලේදී එරට වෙනුවෙන් දෙවන රන් පදක්කම දිනා දුන්නේ බර ඉසිලීමේ ක්‍රීඩක සු ෂු-චින්ග්ය.තායිවානය වෙනුවට තායිපේ යන නම භාවිතා කිරීම ඔස්සේ ලෝකය සමග එකතුවීමටත් චීනයේ ප්‍රබල විරෝධයට ලක්නොවීමටත් තායිවානයට හැකිව තිබේ.
2016 බ්‍රසීලයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ චීන තායිපේ කණ්ඩායම
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග සබදතා ඇතිකර ගැනීමට කලින් කල පත්වූ තායිවාන රජයන්ගේ අනුබලය ලැබී තිබේ.රාජ්‍ය නොවන සංවිධාන සමග තායිවානය කටයුතු කරන්නේ ඒ හරහා ලෝකය පිලිගත් රාජ්‍යයක් ලෙස පෙනීසිටීමට නොව චීනයට රිදවීමටයි.තායිවාන ජනපතිනිය ඩොනල්ඩ් ට්‍රම්ප් හට දුරකතන ඇමතුමක් දීම හරහා ඔවුන් අපේක්ෂා කල අරමුණ දැන් ඉටුව තිබෙන බව පෙනේ.
අවසන් වශයෙන් තායිවානය සිය ශක්තිමත් ආර්ථිකයද මෙවලමක් සේ යොදාගන්නා බව පෙනේ.තායිවානය කැරිබියන් දූපත් වැනි රාජ්‍යවලට ආර්ථික වශයෙන් ආධාර ලබාදෙයි.ඒ හරහා ඔවුන්ට ලෝක මට්ටමින් රාජ්‍යයක් යන පිලිගැනීම යම් ආකාරයකින් ලැබෙන බව පැහැදිලිය.මේ ආකාරයෙන් විවිධ උපායන් හරහා තමන්ට නැතිව ගිය ලෝක මට්ටමේ පිලිගැනීම අත්පත් කරගන්නට තායිවානය කටයුතු කරමින් සිටියි.ඔවුන්ගේ නවතම උපාය සාර්ථක වී ඇතිබවට එක් උදාහරණයක් වන්නේ ට්‍රම්ප්ට ලබා දුන් දුරකතන ඇමතුමෙන් පසුව ලොව විශාලතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය වන ගූගල් හරහා වැඩි පිරිසකගේ සෙවීමට ලක්ව තිබෙන්නේ "තායිවානය රටක්ද" යන්න වීමයි.
තායිවානය රාජ්‍යයක්ද?
යම් භූමියක් වෙනම රාජ්‍යයක්ද යන්න විනිශ්චය කිරීම ක්‍රම දෙකක් ඔස්සේ සිදුකල හැකිය.පලමුව එම භූමිය රාජ්‍යයක් ලෙස දිස්වේදැයි බැලිය යුතුය.එනම් එහි වෙනම රජයක් ක්‍රියාත්මක වේද?පැහැදිලි භූමි ප්‍රදේශයක්ද? සහ ජනතාව විසින් එම රජය පිළිගනීද?මෙම නිර්නායක වලට අනුව නම් තායිවානය යනු අනිවාර්යෙන්ම රාජ්‍යයකි.නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ රාජ්‍යයක් ලෙස අනෙකුන් පිළිගනීද යන්නයි.එම පිළිගැනීම හිමිවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාය.දැනට ලෝකයේ තිබෙන ලාබාලතම රාජ්‍යය ලෙස 2011 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වූ දකුණු සුඩානය හඳුන්වන්නේ එම නිසාය.මන්ද එය වෙනම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව තිබේ.ජගත් සංවිධානයේ සාමාජිකයන්ගෙන් අතිබහුතරයක් තායිවානය පිළිනොගන්නා නිසා එය රාජ්‍යයක් නොවේ.
ට්‍රම්ප්ගේ ඇමතුම යුද්ධයක් නිර්මාණය කරයිද?
ට්‍රම්ප්ගේ දුරකතන ඇමතුම මෙතරම් වැදගත් කාරණයක් වන්නේ මේ නිසාය.ඇමෙරිකා-තායිවාන ආර්ථික සහ අර්ධ-උපචාර දේශපාලනික සම්බන්ධකම් ඉතා ශක්තිමත්ය.උදා:තායිවානය යනු ඇමෙරිකාවේ 10වන විශාලතම වෙළඳ සහකරුවාය.තවද ඇමෙරිකාව තායිවානයට යුදෝපකරණ සපයයි.නමුත් ලෝකයේ අනෙක් රටවල් මෙන් ඇමෙරිකාවද තායිවාන රජය පිළිගන්නේ නැත.හේතුව චීනය සමග තිබෙන සබදතා ඊට වඩා ඉතා වැදගත් වීමයි.නමුත් මෙම සම්ප්රදාය ට්‍රම්ප් විසින් දුරකතන ඇමතුමකින් බිද දැමුවේ ඇයි?චීනය සතුටට පත් කලේ ඇයි?දකුණු චීන මුහුද සම්බන්ධව චීනයේ මුරණ්ඩු ක්‍රියාකලාපයට එරෙහිව ට්‍රම්ප්ගේ ප්‍රතිචාරයක් ලෙසද?
හිටපු තායිවාන ජනපති මා යින්ග් ජෝව් චීන ජනපති හමුවූ මොහොත
මෙය යුද්ධයක් ඇතිවීම දක්වා දුරදිග යයිද?පෙනෙන හැටියට පිළිතුර නැත යන්නයි.මෙය තායිවානය සිය ස්වාධීනත්වය ලෝකයට ගෙනයාමට අවස්ථාවක් ලෙස පාවිච්චි කරනවා සේම ඔවුන් චීනයේ ප්‍රතිචාරයද විමසා බැලීමට අවස්ථාවක්ද කරගනිවි.තායිවාන රාජ්‍ය නායකත්වය පසුගිය කාලය පුරා අනුගමනය කලේ: ස්වාධීනත්වයක් නැත,ඒකාබද්ධවීමක් නැත(චීනය සමග) සහ බලය පාවිච්චි කරන්නේ නැත යන ප්රතිපත්තියයි.මේ හරහා තායිවානයට ලෝකයේ අනෙකුත් රටවල් සමග මෙන්ම චීනය සමගත් සාර්ථකව සබදතා පවත්වාගෙන යෑමට හැකිවිය.
තායිවානයට ලබාදුන් ඇමෙරිකාවේ නිෂ්පාදිත M60A3 යුද ටැංකි
නමුත් ට්‍රම්ප්ගේ ඇමතුම ඔස්සේ චීනය කලබලයට පත්වූයේ ඒ හරහා ඇමෙරිකාව තායිවාන රජය වක්‍රාකාරව පිළිගැනීමට ලක්වීමත්,තායිවානය සම්බන්ධව චීනයට ඇති අයිතියද අභියෝගයට ලක්වීමත් යන කරුණු නිසා යැයි සිතිය හැකිය.මෙම ඇමතුමේ ප්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුල ඉස්මතුවේවි.නමුත් අර්බුදයක් මතුවුව හොත් ඇමෙරිකාව කාගේ පැත්තේ සිටගනිද යන්න කලින් කිව නොහැකිය.දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් උත්සන්න වීම ඇමෙරිකාව ඉවසන්නේ නැතිබව පැහැදිලිය.ඇමෙරිකානු නාවික හමුදාව චීන ආසන්නයේ කරක් ගැසීමද චීනය ඉවසන්නේ නැතිබව පසුගියදා පිලිපීනය ආසන්න මුහුදේදී චීන නාවික හමුදාව ඇමෙරිකානු ඩ්‍රෝන් යාත්‍රාවක් අත් අඩංගුවට ගැනීම ඔස්සේ ප්‍රකාශ විය.චීනය විරුද්ධ වූ පමණින් ඇමෙරිකා-තායිවාන සබදතාවලට තිත තබන්නටද ඔවුන් සූදානම් නැතිබව පැහැදිලිවූයේ 2015 වර්ෂයේදී සිදුකලා යැයි කියන ඇමෙරිකා-තායිවාන යුදෝපකරණ ගනුදෙනුවයි.එහිදී ඇ.ඩො.බිලියන 1.83ක් වටිනා අවි තායිවානයට ලබාදී තිබේ.ඒවා අතර ඔලිවර් හසාර්ඩ් පෙරි පන්තියේ මිසයිල නෞකා,උභයචර ප්‍රහාරක රථ සහ ගුවන් යානා සහ නෞකා නාශක මිසයිල පද්ධතිද තිබිණි.
තායිවාන සමුද්‍ර සන්ධිය මුල් කරගෙන ඇතිවූ තුන්වන අර්බුදයේදී කලාපයට ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් එවන්නට ඇමෙරිකාව ක්‍රියාකලේය
චීනය තුන්වරක් තායිවානය සමග ගැටුම් ඇතිකර ගැනීම උත්සාහ කර තිබේ.1954-1955 සමයේදී තායිවාන සමුද්‍ර සන්ධියේ පිහිටි තායිවානයට අයත් දූපත් කිහිපයක් අල්ලාගෙන ගැටුමක් ඇතිකර ගැනීමට ප්රයත්න දැරුවද එය ලේ වැගිරීමකින් තොරව අවසන් විය.එම අවස්ථාවේදී ඇමෙරිකාව තායිවානයේ සහාය ඉදිරිපත් විය.දෙවන සිද්ධිය 1958 වර්ෂයේදී සිදුවිය.එහිදී තායිවානයට අයත් දූපත් කිහිපයකට චීන හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.දෙපාර්ශ්වය අතර සටන්වලින් 1000කට වැඩි පිරිසක් මරණයට පත්විය.මෙවරද ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානයේ සහායට පැමිණියේය.1995-1996 සමයේ චීනය තායිවානය ආශ්රිත මුහුදේ මිසයිල අත්හදා බැලීම් සිදුකිරීමට යාමෙන් තුන්වන වරටත් අර්බුදයක් නිර්මාණය විය.එවර ඇමෙරිකා එක්සත් ජනපදය සිය නාවුක බලය තරම චීනයට පෙන්වා දෙමින් ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් ඇතුලුව විශාල නාවුක බලඇණියක් තායිවාන සමුද්‍ර සන්ධියට එවීමට ක්‍රියා කලේය.
චීනයට තායිවානය ආක්‍රමණය කිරීමට නොහැකිව තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රිකව සබදතා සීමා කර තිබුණද යුදමය අවස්ථාවකදී තායිවානයේ පක්ෂය ගන්නා නිසා බව පැහැදිලිය.
ට්‍රම්ප්ගේ දුරකතන ඇමතුම මුල් කරගෙන නිර්මාණය කල වීඩියෝවක්
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන ජනපතිනය අතර දුරකතන සංවාදය කාටූන් ශිල්පීන් දුටු අයුරු
Source:sbs.com.au
-HarshaLulzSec-
Last edited: