චීනය සසල කල ඒකාධිපතිනිය Wu Zetian

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    චීනය සසල කල ඒකාධිපතිනිය Wu Zetian

    මේ දිනවල ඒකාධිපතියන් ගැන, හිට්ලර් ගැන කාලයකට පසු කතාබහ අලුත්වී ඇත. ඉපදී නැති හිට්ලර්ලා ගැන කතාකරන්නට පෙර ඉපිද මියගිය එවැනි පරපුරේ අය ගැන දැනගැනීම වඩාත් උචිතය. එවිට ඒ පෙරමග ලකුණු අවබෝධකරගත හැකිවුණු ඇත.

    ලෝකයේ ඒකාධිපතියන්ගැන කොතරම් විස්තර අසා ඇතත් ඒකාධිපතිනියන් සම්බන්ධයෙන් අපේ දැනුම මෙන්ම අවබෝධයද ඉතා පටුය. එහෙත් ක්‍රි.ව 6 වැනි සියවස කාලයේදී චීනයේ රජකල Wu Zetian නම් රැජින චීනය පාලනය කල එක රාජිනිය මෙන්ම චීනයේ පමණක් නොව ලෝකයේම බිහිවූ දරුණුතම කාන්තා පාලකයා බවට ඉතිහාසය සාක්ෂි දරයි.

    චීන ඓතිහාසික සාධක වලට අනුව ක්‍රි.ව 624 දී උපත ලබන Wu Zetian තවමත් චීනය තුල සැලකෙන්නේ බලය පිළිබඳ පිපාසාවකින් සහ දරුණු තීරණයන් සහිතව රට පාලනය කල යක්ෂණියක් බඳු රාජ්‍ය නායිකාවක් ලෙසය.

    Wu Zetian උපත ලබන්නේ ඉතාම පොහොසත් ව්‍යාපාරික පවුලකය. ඇයගේ පියා Wu Shihuo ධනවත් දැව ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහු තමන්ගේ දියණිය අධ්‍යාපනයෙන් ඉදිරියට යනවාට බෙහෙවින් කැමතිවූ නිසා නිතරම ඇයව ඒ දෙසට යොමුකෙරීය. Wu Zetian ද සාම්ප්‍රදායික චීන දැරියන් මෙන් මැහුම් ගෙතුම්වලට කාලය වැයකරනවා වෙනුවට තමාගේ පැටි අවදිය සම්පූර්ණයෙන්ම වැය කලේ හැකිතාක් අධ්‍යාපානය ලැබීමයට. නමුත් ඇයගේ විශේෂත්වය වූයේ දේශපාලනය සහ පරිපාලනය සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීමට තිබූ කැමැත්තය. පසුකාලීනව ඇය රාජ්‍ය නායිකාවක් බවට පත්වීමටද ඇය සතු ඒ දැනුම විශාල රුකුලක් විය.

    වයස අවුරුදු 14 දී රූමත් Wu Zetian එකල චීන පාලකයා වූ Taizong of Tang ගේ රිදී දෝලියක් (පරිවාර බිසවක) ලෙස තෝරාපත්කරගත් නිසා රජ සැපසම්පත් සේම තවදුරටත් අධ්‍යාපනය ලැබීමටද ඇයට හැකිවිය. ඉතාම සමාජශීලී තරුණියක් වීම නිසා කෙටිකලකින් රජ මාලිගය තුල ප්‍රකට චරිතයක් වීමට Wu Zetian කුමරියට හැකියාව ලැබිණි.

    රජු සමග ලිංගික සබඳතා පැවතියද Wu Zetian ට රජු එතරම් කැමැත්තක් දැක්වූ චරිතයක් වී නැත. ඒ නිසාම රජුගේ ප්‍රධාන බිසවගේ වැඩිමහල් පුතු Li Zhi සමග Wu Zetian සබඳතාවක් ඇතිකරගත් අතර ක්‍රි.ව 649 දී රජු මියගිය පසු එම පදවියට පත්වන්නේ Li Zhi ය. රජුගේ මරණයෙන් පසු බෞද්ධ ආරාමයක සම්ප්‍රදාය අනුව යමින් ආගමික ජීවිතයක් ආරම්භකිරිිමට Wu Zetian ට සිදුවුණත් නව රජු විසින් ඇයව නැවතත් මාලිගාවට කැඳවාගෙන යාම නිසා Wu Zetian සිතේ කාලයක් තිස්සේ පැලපදියම්ව තිබූ රාජ්‍ය පාලනය පිළිබඳ සිහිනය නැවතත් ඇයව ප්‍රබෝධමත් කරන ලදි.

    ඇයට රාජිනිය වීම සඳහා රජ මැදුර තුල අරගල මෙන්ම කුමන්ත්‍රණද කරන්නට විය. රජකමට උරුමකම් කියූ බොහොමයක් දෙනෙක් සමග අරගල කිරීම සහ ඝාතනය කිරීම් මැදින් Wu Zetian ට තමන්ගේ අරමුණු වෙත යාමට අවස්ථාව උදාවිය. කුඩා අවධියේම මියගිය Wu Zetianගේ දියණියගේ මරණය ඝාතනයක් බව රජුට සැලකරමින් ඒ සඳහා අගබිසව සැකබව පවසමින් රජු නොමග යැවීම හමුවේ අත්දැකීම් අඩු තරුණ රජු විසින් අග බිසව සිරගත කර Wu Zetian අගබිසව බවට පත්කරන ලදි.

    රජ මාලිගය තුල සිදුවන කුමන්ත්‍රණයකින් රජු බලයෙන් පහකෙරෙන අතර රජු ඝාතනයටද ලක්වේ. එයින් පසුප බලයට පත්වන්නේ Wu Zetian වන අතර අදාල කුමන්ත්‍රණය ඇයගේම නිර්මාණයක් බවට පසුව හෙලිවිය. චීනය තුල කාන්තාවකට පාලකයා වීමට සිතීමවත් නොහැකි කාලයක Wu Zetian චීන පාලිකාව බවට පත්වේ. ඉන් පසුව ඇරඹෙන්නේ දරදඬු සහ නොහික්මුණු පාලනයකි.

    ඇයගේ කුමන්ත්‍රණ සහ ඇතැම් දුර්ගුණ සම්බන්ධයෙන් විවේචනය කරන සියල්ලම බරපතල දඬුවම් වලට ලක්වූ අතර, ඇයගේ පාලන කාලය තුල විවේචනයට සහ ජන සන්නිවේදනයට ඇති ඉඩකඩ බෙහෙවින් සීමා සහිත විය. ඇයගේ ගුණවයන සාහිත්‍යකරුවන්ට වරදාන වරප්‍රසාද ලැබුණු අතර ඇයව විවේචනය කරන සාහිත්‍යකරුවන්ට සිදුවූයේ සිරගතවීමට හෝ මියයාමටය. ඒ අතර ශ්‍රේෂ්ට චීන කවියෙක්වූ Luo Bingwang ද වේ. මේ නිසාම චීනය තුල දැඩි අරාජික තත්වයක් මෙන්ම පාලනය පිළීබඳ අසහනකාරී තත්වයක් ජනතාව අතර නිර්මාණය විය.

    ඒ සියලු දේ අතරේ Wu Zetian ට එරෙහිව රටතුල කැරලි නිර්මාණයවූවද ඉතාම කෲර ආකාරයෙන් ඒ්වා මැඩලීමට ඇය කටයුතු කරන ලදි. රටේ ප්‍රබල රණකාමීන් ගණනාවක්ම Wu Zetianගේ පෙම්වතුන් ලෙස ජීවත්වූ අතර ඇයගේ මාලිගය තුල නිරතුරුවම ඔවුන්ට ඉඩකඩ වෙන්විය. සිය පාලන කාලය පුරාම කාම්සැප විඳීම මොහොතකටවත් නතර නොකල Wu Zetian ඒ අතරම තමන්ට පෙර රජකල පරපුරේ අලුත් පුරුක් රාජ්‍යත්වයෙන් ඈත්කර තැබීමට කුමන්ත්‍රණ සහ උසිගැන්වීම්ද නිර්මාණය කරන ලදි.

    ඇයගේ රාජ්‍ය පාලනයේ අවසන් භාගය වන විට ඇය සම්පූර්ණයෙන්ම යක්ෂණියක් ලෙස රාජ්‍ය පාලනය කල නමුත් බුදුදහම චීනය තුල සංවර්ධනය උදෙසා ඇය විශේෂ මහන්සියක් ගත්බව පෙනේ. එයට හේතුව වන්නට ඇත්තේ ඇය කෙටි කාලයක් බෞද්ධ ආරාමයක වාසය කිරීම වන්නට ඇත. එසේම ඇය සියලු කුමන්ත්‍රණ හමුවේ ඇතිකරගත් සිත්පිඩා දුරුකරගත්තේ එක්පසෙකින් රති සුව සහ අනෙක් පැත්තෙන් බුදුදහම ඇසුරෙන් බව ඉතිහාසගත තොරතුරු කියා සිටියි.

    ක්‍රි.ව 704 දී දැඩිලෙස රෝගාතුර වන තෙක්ම තරුණ පෙම්වතුන් ගණනාවක්ම නිරතුරුවම ඇයව කම්සුවෙන් මුසපත් කිරීම උදෙසා දිවා රෑ ඇයගේ මාලිගය තුල සේවය කරන ලදි. ක්‍රි.ව 705 දී ඇය මියයන අතර ඇය වෙනුවෙන් රාජ ගෞරව සහිතව ස්මාරකයක්ද ඉදිකර ඇත. අදටත් එය චීනයේ Wu Zetian මාලිගය පැවති ස්ථානයේ ඉතිරිව ඇත.

    චීන ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේම බිහිවූ දරුණුම ඒකාධිපතිනියක් වන Wu Zetian පිළිබඳ අද බොහෝ දෙනෙක් නොදැන සිටියද ඇයගේ ජීවිතය සහ පාලනය තුලින් ජනතාවට මෙන්ම පාලකයන්ටද ඉගනගැනීමට බොහෝ දේ අදටත් ඉතිරිව ඇත.

    උපුටා ගැනීම - www.her.lk
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මේ චීන කතානම් ...ලකාවට නම් තද පාලකයෙක් නැතුව නම් සීහලු හදනව බොරු..තද පාලනයක් ඔනෙ නැ කියාවනම් දැන් නිවට සිරිසේනයගෙයි පොන්න රනිලගෙයි දියාරු පාලනයේදි රට හිටු කියල හැදෙන්ඩ ඔනෙ කෝ තිබ්බ ටිකත් නැති උන එක විතරමයි වෙන්නෙ..