චීනය සහ අප්‍රිකාව
පරේෂ්ගේ තව කාටුනයක දැක්වෙන්නේ වරක් අප්‍රිකාවට චීනය විසින් ලබාදුන් ආයෝජනයක් ගැනය. අප්‍රිකාව (Africa) නමින් යුත් එළ ගවයෙක් කාටුනයේ දැක්වෙයි. ඌට කෑමට දී ඇති භාජනයේ ඇත්තේ කඩදාසි කොල කෑලිය. භාජනයේ "ඩොලර් බිලියන දොළහක ආයෝජනයක්" ($ 12 Billion Investment) යනුවෙන් ලියා ඇත. මේ අතර පුද්ගලයකු බොහොම සතුටින් කිරි ගවයාගෙන් කිරි විශාල භාජනයකට දොවා ගනිමින් සිටී. මේ දෙස ඇමෙරිකාවේ සංකේතය වන අංකල් සෑම් වික්ෂිප්ත වී බලා සිටී. චීනයේ මේ අප්‍රිකාව සමග ඇති ගනුදෙනුව ඔහුට නුරුස්සයි. චීනය අප්‍රිකාවට දුන් ආයෝජනයට වඩා වැඩි වාසිදායක ප්‍රතිඵලයක් ලබාගන්නා බව පරේෂ්ගේ මේ කාටුනයේ මුඛ්‍ය අදහසයි.