චීනාගේ_බොරු_හඳ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
චීනාගේ_බොරු_හඳ

චීන්නු තවත් හඳක් අහසට අරින්න ලෑස්ති.
චීනය ව්‍යාජ සඳක් ගුවනට නැංවීමට යයි

5141966-6288037-image-a-45-1539809346591.jpg


ව්‍යාජ සඳක් ගුවනෙහි රැඳවීමේ අදහසක් ඇති බව චීනයේ චෙන්ග්ඩුහි අභ්‍යාවකාශ සමාගමක් පවසයි.
සමාගමේ බලාපොරොත්තුව "ප්‍රදීපන චන්ද්‍රිකාවක්" හැටියට මේ ව්‍යාජ සඳ අභ්‍යවකාශයෙහි රැඳවීමයි. රාත්‍රී කාලයේදී වීදී ආලෝකවත් කර ගැනීම සඳහා ව්‍යාජ සඳේ එළිය ලබාගැනීමට හැකි වනු ඇතැයි කියා පැවසේ. මෙසේ ස්ථාපනය කෙරෙන ව්‍යාජ සඳෙන් එළිය ලැබෙනු ඇත්තේ චෙන්ග්ඩු නගරයට පමණි. නගරය තුළ දැනට භාවිතයට ගැනෙන වීදී පහන් එවිට ඉවත් කිරීමට හැකිවනු ඇති බවට අනාවැකි පළ වේ.

ව්‍යාජ සඳ ගුවනට නැංවීමට කටයුතු කරන්නේ චෙන්ග්ඩු ඒරොස්පේස් සයන්ස් ඉන්ස්ටිටියුට් මයික්‍රෝඉලෙක්ට්‍රොනික්ස් සිස්ටම් රිසර්ච් ඉන්ස්ටිටියුට් කම්පැනි ලිමිටඩ් (Chengdu Aerospace Science Institute Microelectronics System Research Institute Co, Ltd) නැමැති ආයතනයකි. එහි සභාපති වූ චුන්ෆෙන්ග් පවසන්නේ මේ තාක්ෂණය වසර ගණනක් පුරා අත්හදා බලා ඇති බවකි. අවශ්‍ය වන්නේ ව්‍යාජ සඳ අහසේ ස්ථාපනය කිරීම පමණකැයි කියා ද හෙතෙම කියා සිටී.

ව්‍යාජ සඳ, කෘත්‍රිම සඳක් හෙවත් දර්පනයක් ලෙස ක්‍රියා කරනු ඇත. සූර්යයාලෝකය පරාවර්තනය කර පෘථිවියට ලබාදීමට එයට හැකියාවක් තිබේ. මේ කෘත්‍රිම සඳ පෘථිවියට කිලෝමීටර 500ක් එහායින් භ්‍රමණය වන අන්දමට ස්ථාපනය කෙරෙනු ඇත. චන්ද්‍රයා භ්‍රමණය වන්නේ පෘථිවියට කිලෝමීටර 380,000ක් ඉහළිනි. ව්‍යාජ හඳෙන් පෘථිවියේ කිලෝමීටර 10ත් කිලෝමීටර 80ත් අතර පෙදෙසක් වෙත සූර්යයාලෝකය පරාවර්තනය කෙරේ. පෘථිවියට අයත් චන්ද්‍රයාගෙන් ලැබෙන ආලෝකයේ දීප්තිය මෙන් අට ගුණයක දීප්තියක් සහිත ආලෝකය ව්‍යාජ සඳෙන් ලැබෙනු ඇති බව වූගේ අදහසයි. 2020 වනවිට ව්‍යාජ සඳ අහසට නංවා ප්‍රදීපන කාර්යය අත්හදා බැලිය හැකි බවට විශ්වාසයක් ඇත.
වර්ග කිලෝමීටර 50ක පමණ ප්‍රදේශයක් ආලෝකවත් කිරීමට විදුලි බලය සඳහා පමණක් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 173කට ආසන්න මුදලක් වැය වන බව පැවසේ. ව්‍යාජ හඳ මේ වියදම අඩු කර ගැනීමට මඟක් වනු ඇත.

භූ කම්පන ආදී ස්වභාවික විපත් නිසා විපතට පත්වන, එහෙත් අඳුරු ප්‍රදේශවල ජීවත් වන්නන්ට සහන සැලසීමට මෙවැනි ව්‍යාජ හඳකින් ලබන එළිය විශාල ප්‍රයෝජනයක් වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.

LNW
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ලන්කාවෙනුත් මොකක්ද් හදට යැවුවා නෙ කො එක :oo:

ඒ මොකක්ද? ක්‍රෙඩිට් කාඩ් හඳේ දාලා ආපු එකද? අඟහරුගේද මන්ද
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
යකො උබ ලන්කාවේද ඉන්න මොකෙක්ද් පුතෙක් හදට යන්න ගියෙ ඔයි අමතකද් ඇ

සුප්‍රීම් සැට් එක ගැන උබ කියන්නේ. හඳට යැව්ව එකක් කිව්ව නිසා මට නිච්චි නැති උනේ.
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මේක හදන්නේ මොනවාගෙන්ද බන්

ආලෝකය පරාවර්තනය වෙන කන්නාඩි වගේ දෙයකින්ද දන්නේ නෑ. බලපන්කො ලෝකේ තාක්‍ෂණය ඉහල යන විදිය. අපේ ගොබ්බයො තමයි තාම බකන්නිලන් ඉන්නේ කේන්දර බල බල
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඔහොම කලාම ඒක තියෙන්නෙ ගොඩක් උඩිං නිසා වැඩි ආලෝකයක් නිශ්පාදනය කරන්න වෙනවනෙ එලිය දෙන්න. පාරෙ ලයිට් බල්බ් ගැහුව නං පාත නිසා එච්චර එලියක් ඕනෙ වෙන්නෑ.

    අනික ඔච්චර උඩ තියෙන එකක් අලුත් වැඩියා කරන්න යන විදයමත් වැඩියිනෙ.

    ඕක වෙන එකක් නෙමේ. ඕං බලපං.