චීන ආනයනවලට අමෙරිකාවෙන් සියයට 104ක තීරු බද්දක්..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,297
    47,172
    113
    චීන ආනයනවලට අමෙරිකාවෙන් සියයට 104ක තීරු බද්දක්

    චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

    එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත.

    එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට පැනවූ තීරු බදු ලොව පුරා දැඩි අවධානයට ලක්විය.

    එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තේය.

    මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය 07 වනදා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.

    මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.

    එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.

    🇺🇸Elon Musk calls Trump trade adviser Navarro an 'idiot'

    There are reports that Musk and Trump are in serious conflict over trade tariffs.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,297
    47,172
    113
    මේ පාර නම් මු හොදම පිස්සුවක් කෙළල යන්නේ

    ගිය පාර ලෝකෙටම කෙලවපු කොරෝනා වෙෙරස් ඵකත් මුගේම ගේමක්ද කොහෙද..මූ හැමදේම කරන්නේ චීනව වට්ටන්න..මූ ඒ කාලේ චීනේ විතරක් වෙෙරස් ඵක පැතිරෙනකොට උඩ පැන පැන හිටියේ චීන්නු ඉවරයි කියලා.. 😅
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    චීනෙට මාස 6යි අල්ලාගෙන ඉන්න පුළුවන් ඇමරිකාවට ඊට වඩා පුළුවන්. අපනයන ආර්ථිකයක් දවසෙන් නැති වෙනවා කියන්නේ.... සොරිම තමයි.
    ඇමරිකාව ඩොලර් කොළ තහනම් කලොත්....ඕකුන්ගේ ඩොලර් සංචිත නිකන් කඩදාසි
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    චීනෙට මාස 6යි අල්ලාගෙන ඉන්න පුළුවන් ඇමරිකාවට ඊට වඩා පුළුවන්. අපනයන ආර්ථිකයක් දවසෙන් නැති වෙනවා කියන්නේ.... සොරිම තමයි.
    ඇමරිකාව ඩොලර් කොළ තහනම් කලොත්....ඕකුන්ගේ ඩොලර් සංචිත නිකන් කඩදාසි

    Tahanam karot kiuwe
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    චීනයේ හදන දේවල් ඇමරිකන් බඩු වලට වඩා ගණන් අඩුයි ..
    උන්ට කොහොමත් ඕව විකුණගන්න පුළුවන් වෙයි ..
    ඇමරිකාවට තමයි බඩු පැකට් වෙන්නේ ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,297
    47,172
    113
    චීනයේ හදන දේවල් ඇමරිකන් බඩු වලට වඩා ගණන් අඩුයි ..
    උන්ට කොහොමත් ඕව විකුණගන්න පුළුවන් වෙයි ..
    ඇමරිකාවට තමයි බඩු පැකට් වෙන්නේ ..

    දැන් ඵතකොට චීනේ තියෙන tesla, JBL වගේ factory වලට මොකෝ බං වෙන්නේ...ලංකාවට ඒවා ගන්න තිබ්බනම් මරු.

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    දැන් ඵතකොට චීනේ තියෙන tesla, JBL වගේ factory වලට මොකෝ බං වෙන්නේ...ලංකාවට ඒවා ගන්න තිබ්බනම් මරු.


    එක නම් මටත් හිතාගන්න බෑ .. BYD එහෙම tesla වලට වඩා හිට් උනේ high tech , low price හින්දා නේ . චීන්නු ඕවා plastic වලින් හරි හදලා අපි වගේ රටවල් වලට විකුණලා survive වෙයි .. අපිට තමයි ලෙල්ලටම කෙල වෙන්නේ .. අපේ ඇදුම් නැතුව වෙන දෙයක් විකුනන්න නෑ නේ ..
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    දැන් ඵතකොට චීනේ තියෙන tesla, JBL වගේ factory වලට මොකෝ බං වෙන්නේ...ලංකාවට ඒවා ගන්න තිබ්බනම් මරු.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දවල් වෙලා බන්, නැගිටපන්.
    Factory එකක් යම් රටක ස්ථානගත කරන්නේ සෑහෙන කාරණා ගණනක් දිහා බලල බන්. ව්‍යවසායකයන් කියන්නේ අහිකුන්ටකයෝ නෙමෙයි බන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැන් ඵතකොට චීනේ තියෙන tesla, JBL වගේ factory වලට මොකෝ බං වෙන්නේ...ලංකාවට ඒවා ගන්න තිබ්බනම් මරු.



    ලංකාවට ආවොත් එත් 44% වැටෙනවනේ
    ඉන්දියාවට 10%
    උන් ඉන්දියාවට යයි
    එලෝන් කාරයා කිව්වා මෙක්සිකෝ වගේ සව්ත් ඇමරිකන් රටවල් වලින් පාර්ට්ස් සෝස් කරන්න බලනවා කියල
    එහෙම උනම උන්ට ෂිපින් කෝස්ට් එකත් ඉතුරුයි

    අනාගතේ තීරණය වෙන්නේ ඇමරිකන් කරයන්ට කොච්චර කාලයක් චීන බඩු නැතුව උන්ගේ බඩු වැඩි මිලට අරං ඉන්න පුලුවන් වෙයිද කියන එක මත
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    දැන් අපි 88% tax එකක් american imports වලට ගහල තියනවනේ . එක චීන වලින් ලංකාවට එන american brands apply වෙනවද. ඒ කියන්නේ american product, made in china එන ඒවාට :confused::confused:
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    දැන් අපි 88% tax එකක් american imports වලට ගහල තියනවනේ . එක චීන වලින් ලංකාවට එන american brands apply වෙනවද. ඒ කියන්නේ american product, made in china එන ඒවාට :confused::confused:
    ගොනෝ , 88% ටැක්ස් එකක් නෑ බොල , නොදන්නා වාහෙලා කියන එකම ඔහේ කියවන්න එපා බන් . . හරියට තේරුම් අරන් හිටහන් මොකක්ද ඔය 88% කියන්නේ කියල . trade deficit කියන්නේ මොකක්ද කියල හොයල බලහන් .
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    චීනෙට මාස 6යි අල්ලාගෙන ඉන්න පුළුවන් ඇමරිකාවට ඊට වඩා පුළුවන්. අපනයන ආර්ථිකයක් දවසෙන් නැති වෙනවා කියන්නේ.... සොරිම තමයි.
    ඇමරිකාව ඩොලර් කොළ තහනම් කලොත්....ඕකුන්ගේ ඩොලර් සංචිත නිකන් කඩදාසි
    චීනෙ වැටුනොත් ඩොලර් එක බිමට සමතලා වෙන්නෙ. චීනෙ ඇමරිකාවෙ ලොකුම ණය හිමියෙක් (බිලියන 900කට ආසන්න) . චීනෙ වැටෙන්න ගියොත් චීනෙට පුලුවන් ඇමරිකාවෙ ණය ටික විකුණන්න. ඩොලර් එක හොම්බෙන් යන්නෙ. ඩොලර් සංචිත විලින් නෙමෙයි බං බොන්ඩ් සහ ඩෙබ්ට්.. ඩොලර් එක නැති කරාට ඒක නැතිවෙන්නෙ නෑ
    චීනෙට ඔ්න තරං කල් අල්ලං ඉන්න පුලුවන්. උන් තමා මුලු ලෝකෙන්ම ලොකුම එක්ස්පෝර්ටර්. අනික මිනිස්සු කැරලි ගහන රටක් නෙමෙයි ඒක.
    ආර්ථිකෙ යම් ප්‍රමානෙකට හැකිලෙයි. ලොවෙත් වැටෙන්නෙ නැහැ. මේ පිස්සු ට්‍රේඩ් වෝර් එකෙන් වෙන්න ඇමරිකාවට තියන ලෝකෙට බලපෑම් කරන්න පුලුවන් මැතඩ්ස් ටික ආපහු තගරියට මාරු වෙන එක.

    ඔ්කෙන් ඇමරිකාවෙ ඇතුලෙ තියන බඩුවල ගණන් වැඩිවෙනවා. ිබ්බො ටික දැම්මම පාරට බැහැල නේද? මිඩ්ල් ග්‍රවූන්ඩ් බුවාලත් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට විරුද්ධ වෙයි බඩු වල ගනන් වැඩි උනොත් අනවශ්‍ය විදිහට

    Update
    @Brandy2020

    මං කිව්වෙ.. මේක තමා උන්ට තියන ලොකුම තුරුම්පුව



    මේ තියෙන්නෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට හම්බවෙන තෑගි. මේක පට්ට දරුණු හිට් එකක්. ඇමරිකාවෙ අයගෙ පැන්ෂන් එක වගේ තියන 401(k) එකටත් මේකෙං ඉම්පැක්ට්. ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ සමහර උන්ගෙ වයිප් අවුට් වෙලා ඇති. අන්තිමට වෙන්නෙ රස්සා අඩුවීම, ලේ ඔ්ෆ් අනන් මනන්. වක්‍රව අපි වගේ රටේ අපනයන වලින් 25%ක් විතර ඇමරිකාවට අපනයනය කරන රටවලට බලපානවා සැරටම.‌ බනනා රිපබ්ලික් උනාම ලෝකෙ වෙන හැම මගුලෙන්ම තැලෙනවා
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,738
    113
    East Blue (Goa Kingdom)
    චීනේ ඉංදියාව ඇමරිකාව හැම රටකටම රටේ මිනිස්සුන්ට ඇති වෙන්න කෑම වවන්න ඉඩ තියෙනවා ලංකාවේ නැහැ ,
    ලංකාවේ රක්ෂිත කපල වැව්වොත් වතුර නැති වෙනවා


    btw චීනේ තමයි ලෝකේ හැම දේම වගේ හදන්නේ ,
    වෙන රට වලට චීනේ level එකට එන්න අඩුම අවුරුදු 10ක් වත් යනවා .
    චීනේ ඕන idea එකක් product එකක් විදිහට ඉකමනට හදන්න ඕන සේරම දේවල් තියෙනවා අනිත් රට වලට සාපේකෂව .
     

    Similar threads