චීනය විසින් සාර්ථකව තවත් ගවේෂණ යානයක් සඳ මත ගොඩබස්සවා තිබේ.
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන චේන්ජ් -5 යානාව මීට සුළු මොහොතකට පෙර සඳට ළඟා වූ බව විදෙස් මාධ්‍ය පැවසීය.
සඳ මත ඇති පාෂාණ සහ පස් කොටස් පෘථිවිය වෙත එමගින් රැගෙන ඒමට නියමිතය.
මීට වසර 44කට පෙර සෝවියට් සඳ තරණයේ යෙදුණු යානාවක් සඳෙන් පස් ගෙනවිත් තිබුණු අතර ඒ ග්‍රෑම් 200ක් පමණි.
නමුත් චීන යානය කිලෝ 2ක් පමණ ගෙන ඒමට නියමිතය.
adaderana