චීන ජාතික කොඩිය යාපනේ ඔසවයි ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    China_Flag_AP.jpg


    යාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය ඔසවා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ සාමාන්‍ය තත්වයක් යටතේ එය නීතිවිරෝධී කටයුත්තක් බවත් මෙතෙක් තමන්ට එවන් සිදුවීමක් වාර්තා වී නැති බවත්ය.

    එමෙන්ම මේ ගැන සොයා බැලීම එම ඉදිකිරීම අයත් වන පළාත් පාලන ආයතනයෙන් වගකීමක් යයිද ඒ මහතා සඳහන් කර ඇත.

    කෙසේ නමුත් විශේෂ අවස්ථාවකදී තම මව් රටේ ජාතික ධජය එසවීම අවස්ථාව හිමි වන නමුත් ඊට අදාළ පළාත් පාලන ආයතනයේ අවසරය ලබා ගත යුතු යැයි ද විදේශ ඇමතිවරයා කියා සිටී.

    ඊට කිසියම් ගෙවීමක් කළ යුතු බවත් මෙහිදී එම ක්‍රියාපටිපාටිය නිසි ලෙස සිදු වී ඇත්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

    -lankacnews-
     
    • Haha
    Reactions: JokerFan

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන්වෙන දේවල් එක්ක ඔ්වත් ප්‍රශ්ණද?