ටජිකිස්තානය යනු මධ්‍යම ආසියානු රටකි. එය චීනය,ඇෆ්ගනිස්තානය ,කිරිගිස්තානය හා උස්බෙකිස්තානයෙන් වටවී ඇති ඛණිජ සම්පත්වලින් පොහොසත් වුවද දියුණුවෙමින් පවතින රටකි.
එමෙන්ම ණය බරින් මිරිකී සිටින රටකි.මේ වන විට චීන ණය හමුවේ ,ඒවා පියවාගත නොහැකිව තම භුමියෙන් වර්ග කිලෝමීටර් 1000 ක පමණ ප්‍රමාණයක් චීනයට සින්නක්කරව ලබාදීමට සිදුවී තිබේ. කතාව මෙසේය.
2011 වසරේදී රටේ අගනුවර මෙගා වොට් 400 ක තාප ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුමකට එලබිණි.මෙය 2016 වසරේදී ඩොලර් මිලියන 349ක වියදමකින් අවසන් වූ අතර ගිවිසුමට අනුව රත්‍රන් කැණීම සදහා චීනයට නොමිලේ බලපත්‍රයක් ලබාදෙන ලදී.
ගිවිසුමට අනුව සිය ණය ප්‍රමාණය ගෙවා නිම වන තුරුම රත්‍රන් කැණීමට චීන සමාගමට අවසර හිමිවිය. මොවුන් 2016 වසරෙදී ගෙවිය යුතු සම්පූර්ණ ණය ඩොලර් බිලියන 2.9 ක් වූ අතර ඉන් ඩොලර් බිලියන 1.2ක්ම චීන ණය විය. මේ අතර කාලයේ චීනයෙන් වෙනත් ණය මුදල්ද ලබාගෙන ඇති අතර බොහෝ විට මොවුන් මෙම ණය මුදල් යොදවා ඇත්තෙ සංදර්ශණාත්මක ව්‍යාපෘතිවලට වන අතර ඩොලර් මිලියන 230ක් වැය කොට පාර්ලිමේන්තු සංකීර්ණයක්ද නිර්මාණය කොට ඇත.
මොවුන් ලබාගත් ණය මුදල් නිසි පරිදි ආදායම් ලැබෙන ආයෝජන සදහා භාවිත නොකල අතර දේශපාලන ඒකාධිකාරයේ පෞද්ගලික වාසි ප්‍රයෝජන වෙනුවෙන් ආයෝජනය කරන ලදී.
මේ නිසා ලබාගත් ණයවල වාරික ගෙවීම සදහා තවදුරටත් විදේශ ණය ගැනීමට සිදුවිය. පසුව තවදුරටත් ණය ගෙවා ගැනීමට නොහැකි වූ තැන එරට පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කරවාගෙන වර්ගකිලෝමීටර් 1000ක පමණ රත්‍රන් ආදී ඛණිජ සම්පත්වලින් පොහොසත් භූමි ප්‍රමාණයක් සින්නක්කරවම චීනයට ලබා දෙන ලදී.
ඉතින් අපේ රටේ තත්වයයි ,ටජිකිස්තානය පත්වෙලා තියෙන තත්වයෙයි බොහෝ සමානකම් පවතිනවා.ජාත්‍යන්තර ආර්තික විශ්ලේෂකයින්ි චීන ණය උගුල යන සංකල්පය විස්තර කිරීමේදි ආසන්නතම උදාහරණය ලෙස ගන්නෙත් ශ්‍රී ලංකාවයි. ඉතින් තත්වය මේ ලෙසටම පැවතුනහොත් තවත් වසර කිහිපයකින් ටජිකිස්තානයට අත්වූ ඉරණමම ලංකාවටත් අත්වනු ඇති.
පෙර පලකල ලිපිය - මොරිෂස් දූපත් ආසන්නයේ සිදුවූ ලොව විශාලතම තෙල් ප්‍රවාහණ නෞකා අනතුර / කියවීම සදහා පහත link එක click කරන්න.