~~~~චීන මහා ප්‍රාකාරය~~~~

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ~~~~චීන මහා ප්‍රාකාරය~~~~

    Great_Wall_of_China.jpg




    චීන මහා ප්‍රාකාරය (මේ සඳහා යෙදෙන චීන නම් මගින් දිගු ප්‍රාකාර හෝ ලී ගේ 10000 සේ ප්‍රාකාරය යන අරුත් ගෙන දේ). යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

    චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි. කෙසේ නමුත් ප්‍රාකාරයේ සමස්ත දිග ප්‍රමාණය කි.මී. 6700 (සැතපුම් 4160 ) කට අධික වේ. ප්‍රාකාරයේ උච්චතම සමයේදී එය ආරක්ෂා කිරීම සඳහා මිලියනයකට අධික පිරිසක් යොදවා තිබුණි. තවද, ශත වර්ෂ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වුණු ප්‍රාකාරය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අතුරුඵලයක් ලෙස චීන ජාතිකයින් මිලියන 2 ත් 3 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ඇස්තමේන්තු කර ඇත.

    වඩාත් විවාදාත්මක ප්‍රශ්නයක් වනුයේ චීනමහා ප්‍රාකාරය පහත් පෘථිවි කක්ෂ්යේ සිට දෘශ්‍යමාන වේද යන බවය. උදාහරණයක් වශෆයන් උන්නතාංශය 160km (සැ.100) ක් තරම් කුඩා අගයක දී. නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ එය ඉතා මද වශයෙන් දිස්වන බවයි. ඒ සදහා විශිෂ්ඨ කාළගුණ තත්ව යටතේ දීයි. එය තවදුරටත් අනෙකුත් කෘතිම වස්තු වලට වඩා පැහැදිලි බවක් නොපෙන්වනු ඇත. තවත් තර්කයක්වන්නේ ඇසේ පවතින පෙනීමේ සීමාවන් හා දෘශ්ටි පටලය හා ප්‍රභාග්‍රාහකය අතර පවතින අවකාය නිසාද ප්‍රකෘති ඇසින් මෙය දැකගත නොහැකි බවයි. පහත පෘථිවි කක්ෂයේ සිට වුව ද ඒ සදහා 20/3 (සාමාන්‍ය අගය මෙන් 7.7 ක් වැසී) ක දාෂ්ඨික නිරවද්‍යතාවක් අවශ්‍ය වනු ඇත.

    ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..
     
    • Like
    Reactions: nadimal

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    නොදන්න දේවල් දැනගත්තා තෑන්ක්ස් බෙදාගත්තට :)
    11.gif

    You must spread some Reputation around before giving it to blacktulip again.:sorry::sorry: