චීන හමුදාව උතුරු කොරියාවට උදව් කරයි
යුද්දයකදී උතුරු කොරියාවට සහාය දීමට චීන හමුදා ස්ථානගත කෙරේ
දකුණු කොරියාවට හා ඇමරිකාවට පහර දෙන බවට උතුරු කොරියාව තර්ජනය කිරීමත් සමඟ චීන හමුදා කොරියානු අරධද්වීපය වටා සංචාරය කිරීම අරඹා ඇත. ඇමරිකානු නිලධාරීන් කියන පරිදි මාර්තු මැද ආරම්භ කල මෙම හමුදා ස්ථාපිත කිරීමේ වැඩ පිලිවෙල අනුව චීන මහජන හමුදාව දැඩි සූදානමකින් සිටින බව පෙනෙයි.
උතුරු කොරියාව හා චීනය වෙන් කරන යාලූ ගංගාව අසල යුධ ටැංකි, හමුදා භටයන්, ප‍්‍රවාහන ටැංකි ආදිය යොදවා ඇති අතර අනෙකුත් මායිම් ගුවන් යානා මගින් ආවරණය කර ඇත. කහ මුහුදේදී ජීව උණ්ඩ යොදාගෙන චීනය සිදුකල හමුදා අභ්‍යසය උතුරු කොරියාවට සහය පල කරන්නක් බව බොහෝ දෙනා කියති.
චන්ද්‍රිකා ඡයාරූප අනුව උතුරු කොරියාව කෙටි හා මධ්‍යම දුර මිසයිල ඒකක ස්ථානගත කරමින් සිටින බව පෙනෙයි. උතුරු කොරියාව හා චීනය අතර පවතින දිගු කාලීන ආරක්ෂක එකඟතාව අනුව සටනකදී චීන සහය ඔවුන්ට ලැබිය හැකිය.
අර්බුද නිසා චීනය හා උතුරු කොරියාව අතර වෙලඳ හා වාණිජ සබඳතා වලට හානිවන බව පෙනුනත් ඉදිරියේදී දෙරට අතර ආර්ථික බැඳීම් වැඩි කරන සැලසුම් රැසක් ඇතිකරගෙන තිබේ. නමුත් චීනයේ බොහෝ අංශ උතුරු කොරියාවේ ක‍්‍රියා පිලිවෙත ගැන නොසතුට පලකර ඇත.
මේ අතර ඇතැම් චීන වෙබ් හා බ්ලොග් අඩවි උතුරු කොරියානු නායක කිම් ජොං උන් ට ප‍්‍රසිද්ධියේ චෝදනා කරනු දැකිය හැක. කොරියානු අර්ධද්වීපයේ තත්වය ගැන චීනය කරදර වීම පිලිබඳව මත රැසක් පලවී තිබේ.
http://lankacnews.com/sinhala/main-news/92646/
One spark away from World War 3: China mobilizes troops and jets, U.S. parks Navy destroyer off Korean coast
ලෝකෙට හොද කාලයක් එයිද බන්
???
ps :
උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර යුද ගිනි ඇවිලූණහොත් දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ ආරක්ෂාව හා ඔවුන් ආපසු ගෙන්වා ගැනීම පිළිබඳ ව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හදිසි සාකච්ඡ කිහිපයක් පවත්වා තිබේ.
එවැනි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ශ‍්‍රී ලාංකිකයන් ආපසු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහය ලබාගැනීම සඳහා එකඟතාවයකට පැමිණි බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා පැවැසීය.
http://lankacnews.com/sinhala/news/92641/

Last edited: