
මේකේ තියෙන සමහර දේවල් A/L කොමස් වලට ඒකාලේ (2003) උගන්වපු දේවල්. පස්සේ කාලෙක ඇත්තටම චෙක් පාවිච්චිකරන්න ගත්තම සමහර දේවල් එහෙම්මම කරන්න ඕනේ නැහැ කියල මට තේරුනා.
උදා:- වැල් අකුරින් චෙක් ලියන එක සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් අඩුවෙන් (මම ඇතුළුව) මට හම්බවෙන චෙක් වලින් ගොඩක් ඒවා සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු වලින් ලියන්නේ.
අනික ක්‍රොස් කරන එක මමනම් කරන්නේ චෙක් එක චෙක් පොතෙන් කඩන්න කලින් චෙක් පොතේ ඉතුරු වෙන කොටසත් එක්ක අල්ලලා චෙක් එකේ ඉහල වම් කෙලවරට සෙට් වෙන විදිහට ඉරි කෑලි දෙකක් ගහල දෙනවා. එතකොට පස්සේ වුනත් චෙක් පොතේ ඉතුරු වෙන කොටස බැලුවම පේනවා මම දීල තියෙන්නේ ක්‍රොස් කරලද කියල.
ඉඳල හිටලා ලොකු කම්පැනි වලට දෙනකොට A/C payee only සීල් එක ගහල යවනවා.
අනික චෙක් එක නැවුව කියල බැංකුවෙන් ලොකු අවුලක් නැහැ, රිටන් කරලත් නැහැ. ඒක බලපාන්නේ බැංකුව එක්ක තියෙන සම්බන්ධතාවය අනුව තමා
මම අවුරුද්දට කලින් චෙක් පොත ඕඩර් කරලා තිබුන මම මේ දවස් වල වැඩිය ගනුදෙනු නොකරන බැංකුවක කරන්ට් එකවුන්ට් එහෙක. ඕඩර් ෆෝම් එකේ සීල් එක ගහන්න අමතක වෙලා යවල තියෙන්නේ. ඒ බැංකුවේ එකෙක් මට කියල තිබුන 25000 එකවුන්ට් දෙකක් ඕපන් කරන්න දෙන්නෙක් හොයල දෙන්න කියල උට ටාර්ගට් එකක් කවර කරන්න. මට ඕක අමතක වෙලා තිබුනේ, එක නිසා ඌ මාත් එක්ක පොඩ්ඩක් අවුල්. කොහොම හරි මුන් අර ඕඩර් ෆෝම් එක ප්‍රොසෙස් කරලා නැහැ සීල් එක නැහැ කියල, උන්ට ඕන නම් කරන්න තිබුන. අවුරුද්ද කටේ මට චෙක් එකක් මාරු කරගන්න ඕනේ වුනා මගේ එකවුන්ට් එකෙන්ම. මම කලේ මගේ පරණ ලියල දිනත් දාල ක්රොසුත් කරලා තිබුන එකම එක චෙක් කොලයක් තිබිල ඒකේ දිනෙයි ගාන ඉලක්කමෙන් ලියල තිබුන එකයි අකුරෙන් ලියල තිබුන එකයි ඔක්කොම කපල ආයෙත් මට ඕන ගානයි දිනෙයි ලියල ක්‍රොසින් එකත් කැන්සල් කරලා කපල හදපු හැම තැනටම වෙන වෙනම සයින් කරලා ක්‍රොසින් කැන්සල් කරපු තැනටත් සයින් කරලා යැවුවා වෙන එකෙක් අතේ බැංකුවට (අර බ්‍රාන්ච් එකටත් නෙවෙයි වෙන එකකට). චෙක් එක දැක්කම හිනා යන සයිස්. පොඩි එකෙක්ගේ බලිකුරුටු පොතක් වගේ. එත් උන් මාරු කරලා දුන්න.
තව එකක් චෙක් පොත ඉවර වුනොත් අදාළ එකවුන්ට් එක තියෙන බැංකුවට ගිහින් කවුන්ටර් චෙක් එකක් අරං ලියල දීල තමන්ගේ කරන්ට් එකවුන්ට් එකෙන් සල්ලි ගන්නත් පුළුවන්.
මතක් වෙන ටික තමා ලිවුවේ තව මතක් වුනොත් දාන්නම්.
තව දෙයක් මතක් වුනා.
අපිට හම්බ වුන චෙක් එකක් (ක්‍රොස් කරපු නැති cash චෙක් එකක් හෝ නමට තියෙන චෙක් එකක් ) බැංකු කවුන්ටරෙන් මාරු කරන්න යන කොට චෙක් එක පිටිපස්සේ තියෙනවා පිටසන් (endorse) කරන්න කොටසක්. අන්න එතන තමන්ගේ ID එකේ තියෙන සම්පුර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය (දුරකථන අංකය ලියන්න කියනවා සමහර බැංකු වල) ලියල ඊට යටින් දෙපාරක් සයින් කරලා තමන්ගේ ජාතික හැඳුනුම්පත සමග කවුන්ටරේට දෙන්න ඕනේ.
හැබැයි ඒ අදාළ බැංකුවේ තමන්ගේ කරන්ට් එකවුන්ට් එකක් තියෙනවනම් චෙක් එක පිටිපස්සේ අන්න ඒ කරන්ට් එකවුන්ට් නම්බර් එක ලියල දෙපාරක් සයින් කරලා දුන්නම ඇති ජාතික හැඳුනුම්පත ඕනෙත් නැහැ.