චෙන්නායි තියෙන්නේ ලිබියාවේ- විමල්

Mar 16, 2012
310
132
0
චෙන්නායි තියෙන්නේ ලිබියාවේ- විමල්

විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ ලංකාදීප පුවත්පතේ ලිපියකට පවසා තිබෙන්නේ ලිබියාවේ චෙන්නායි නුවරක් ඇති බවය.

"මොකක්ද ආණ්ඩුවට තියන රුදාව බලහත්කාරයෙන් තර්ජන ගෙන්වාගන්න. අපට පුළුවන් නම් මෙහේ බඩු මිල වැඩිවෙනකොට ඔබාමට කතා කරලා කියන්න ඔයා යෝජනාවක් ගේන්න ඒක පාවිච්චි කරලා අපි මේ ප්‍රශ්න යට ගහන්නම් කියලා ඒක හරිම ෂෝක්. එහෙම නම් අපි ගඩාපි ගෙන්වාගත්තෙත් එහෙම කතා කරලා වෙන්නැති.

මම දැක්කා ටිල්වින් මහත්තයා කියලා තිබුණා මහින්ද රාජපක්ෂගේ නම නෑ මේ යෝජනාවේ කියලා. ඇයි දෙයියනේ ගඩාපිට ගහනවා කියලා ආරක්ෂක මණ්ඩලය අනුමත කරපු යෝජනාවේ තිබුණද? ඒකේ තිබුනේ චෙන්නායි නුවර කොටුවී සිටින ජනයාට මානුෂිකවාදී සහන සැලසීම කියලා."

එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැටලීම සඳහ විමල් වීරවංශ අමාත්‍යවරයා භාවිතා කළ බැනර් වලද අකුරු වරදවාගත් සිද්ධි කීපයක් පසුගිය කාලයේ වාර්තා වුනා. එක් අවස්ථාවක Libiya ලෙස ද තවත් අවස්ථාවක Condem ලෙසයි ඒවායේ සඳහන්ව තිබුනේ.

ඊට පෙර "මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි සාහිත්‍ය උත්සවයකදී පැවසීමෙන්ද වරද්දා ගනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරන වේදිකාවේ විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බවයි.

Chennayi%2Bwimal-Gossiop9.jpg
 

rabuton

Banned
Feb 8, 2012
372
66
0
විමල්ගේ ඇට දෙකේ තමයි චෙන්නයි තියෙන්නේ.