චෙස් ලෝකය කැළඹූ ඉන්දීය සහෝදර යුවළ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    The-Indian-brother-couple-who-shook-the-world-of-chess


    රමේෂ්බාබු ප්‍රඥානන්දා හා ඔහුගේ සොයුරිය වෛශාලි චෙස් ක්‍රීඩාවෙන් දස්කම් දක්වා ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබේ.
    පසුගිය දශකය තුළ චෙස් ඉන්දියාවේ රමේෂ්බාබු ප්‍රඥානන්දාට සමාන පිරිසක් ලෙස සිටියේ ඉතා ස්වල්ප දෙනෙකි. රමේෂ්බාබු මින් ඉහත ළාබාලතම ජාත්‍යන්තර මාස්ටර් බවට පත්වන විට ඔහුට වයස අවුරුදු 10 කි.
    ඔහු 2018 දී දෙවන ලාබාලතම ග්‍රෑන්ඩ්මාස්ටර් බවට පත් වූ අතර, පස් වතාවක් ලෝක ශූරයා වූ මැග්නස් කාල්සන්ව ඔන්ලයින් ක්‍රීඩා වලදී පිට පිට තුන් වතාවක් පරාජය කර තිබුණි.
    විශ්වනාදන් ආනන්ද්ගෙන් පසුව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවන ඉන්දියානුවා මොහු වේ .
    මේ සියල්ල සිදු වන අතරතුර, ඔහුගේම පවුලේ තවත් චෙස් ක්‍රීඩා කරන සාමාජිකාවක තම වාරය එනතුරු උනන්දුවෙන් බලා සිට ඇත. ඒ ඔහුට වඩා අවුරුදු හතරකින් වැඩිමහල් ප්‍රඥානන්දාගේ සහෝදරිය වන වෛශාලිය.

    පවුලේ මුලින්ම චෙස් ක්‍රීඩාවට යොමු වූ වෛශාලිගේ දක්‍ෂතාවය සහ වෙහෙස මහන්සි වීම ගැන කිසිදා සැකයක් නොතිබුණි. ඇය දැන් ඉන්දියාවේ වසර 12කින් පසු කොනේරු හම්පි සහ හරිකා ද්‍රෝනවල්ලිගෙන් පසුව තුන්වන කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටාර් බවට පත් විය.

    මේ අනුව රමේෂ්බාබු වෛශාලි දෙදෙනා ඉතිහාසයේ පළමු ග්‍රෑන්ඩ්මාස්ටර් සහෝදර සහෝදරියන් බවට පත් වෙයි.

    නොවැම්බර් මාසයේදී 22 හැවිරිදි වෛශාලි හිටපු කාන්තා ලෝක ශූරියන් තිදෙනෙකු පරාජය කරමින් කාන්තා ග්‍රෑන්ඩ් ස්විස් තරඟාවලිය ජයග්‍රහණය කරනු ලැබුවාය.

    එය චෙස් ක්‍රීඩාවේ කැපී පෙනෙන සාර්ථක ඥාති සබඳතාවකි. නමුත් මෙහිදී සහෝදර සහෝදරියන්ගේ එදිරිවාදිකම්වල කාර්යභාරය කිසිසේත්ම නොසලකා හැරිය නොහැක.

    "මගේ මල්ලී ලාබාලතම ජාත්‍යන්තර මාස්ටර් බවට පත් වූ වීමත් සමග ඔහු පළමු වරට මගේ ශ්‍රේණිගත කිරීම ඉක්මවා ගියා. ඒත් එක්කම නිවසේදී, දෙමාපියන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම ඔහු වෙත යොමු වුණා. එය මාව කලබලයට පත් කළා. මම හිතන්නේ නැහැ මම ඒ හැඟීම් හොඳින් කළමනාකරණය කළා කියලා. මගේ දෙමව්පියෝ මාත් එක්ක මල්ලිගෙ ජයග්‍රහණය ගැන ටික දවසක් කතා කරද්දී හිතේ තියෙන නොපහන් ගතිය නැති වෙලා යනවා. ඒත් එයාට ලොකු ප්‍රතිඵලයක් ලැබුණු හැම වෙලාවෙම, අම්මලාගෙ අවධානය එයා දිහාවට යොමු වෙද්දි මම ටිකක් දුක් වෙනවා. ඒකට මට හුරු වෙන්න ටිකක් වෙලා ගියා. පස්සෙ ඒ හැඟීම් ජයගෙන මල්ලී සුවිශේෂී බව මම පිළිගත්තා.මගේ කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර් (WGM) කිරුළ සම්පූර්ණ කළ පසු මට මා ගැන හොඳ හැඟීමක් ඇති වුණා .පසුගිය වසර කිහිපය තුළ මල්ලීගේ ජයග්‍රහණ ගැන මම ආඩම්බර වුණා, මොකද එයා වෙහෙස මහන්සි වී වැඩ කරන විදිහ මම දැක්කා ." යැයි වෛශාලි පැවසුවාය.

    නමුත් ප්‍රඥානන්දා සහ වෛශාලිගේ සම්බන්ධය වසංගත අවධියේ දී සමීප කළේය. අද ඔවුන් එකිනෙකාගේ සමීපතම විශ්වාසවන්තයින් ය.

    "වසංගතය අතරතුර, අපි මීට පෙර කවදාවත් නොකළ සියලු ආකාරයේ දේවල් ගැන ඇත්තටම කතා කළා. ඔහුට විශාල විශ්වාසයක් සහ පැහැදිලි බවක් තියෙනවා. සමහර විට මට නැති වූ හෝ අවිනිශ්චිත බවක් දැනෙන විට, මම ඔහුගෙන් උපදෙස් ගත්තා. ඔහුට බොහෝ ඒ සම්බන්ධව පිළිතුරු තිබුණා" යනුවෙන් වෛශාලි පවසයි.

    ඔක්තෝම්බර් මාසයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ, කාන්තා ඉසව්වේදී ඇයගේ සෙසු ඉන්දීය සගයන් ඔවුන්ගේ තරග සමව අවසන් කර තිබුණද, ඇයට චීනයේ ටැන් ෂොන්ග්යි හමුවේ පරාජය වීමට සිදු විය.

    මේ නිසා ඇය හැ බලාපොරොත්තු සුන්වීම පිළිබදව සිතමින් ,කටාර් මාස්ටර්ස් ක්‍රීඩා නොකිරීමට තීරණය කළාය. නමුත් ප්‍රඥානන්ද ඇයව එම තීරණයෙන් ඉවත් කිරීමට සමත් විය. ප්‍රඥානන්දගේ දැඩි ඉල්ලීම මත ඇය කටාර් මාස්ටර්ස් තරගයට සහභාගී වූ අතර, එහිදී හොඳම කාන්තා ක්‍රීඩිකාවක් ලෙස තරඟාවලිය අවසන් කරමින් , ඇයගේ අවසාන ග්‍රෑන්ඩ්මාස්ටර් සම්මානය ලබා ගත්තාය.

    ප්‍රඥානානන්ද යනු විනෝදකාමී සහ සාමූහික ගති ඇති අයෙකි. එහෙත් වෛශාලි නිශ්ශබ්ද, සහ ඕනෑවට වඩා සිතීමට නැඹුරු වී සිටින අයෙකි.

    ප්‍රඥානානන්ද චෙස් කීඩාව තුළ ඇදහිය නොහැකි කුසලතා මට්ටම් පෙන්වමින් ක්‍රීඩා කර ඇත. වෛශාලි යනු චෙස් කීඩාව තුළ උපායශීලී සංකීර්ණතා ජාලයක් නිර්මාණය කිරීමට සහ ප්‍රතිවාදියා මැඩීමට හැකි දැඩි ප්‍රහාරිකාවකි.

    එකම පවුලකින් ඉන්දියාවේ සිටින වඩාත්ම බලාපොරොත්තු සහගත පිරිමි සහ කාන්තා චෙස් ක්‍රීඩිකාවන් බියි වීම ඉතා කැපී පෙනෙන දසුනකි.

    ඔවුන්ගේ පියා වන රමේෂ්බාබු ලොජිස්ටික් සහ සංචාරක සැලසුම් හසුරුවන අතර මව නාගලක්ෂ්මි දරුවන් සමග ඔවුන්ගේ තරග සදහා සහභාගී වීමට යයි.

    2012 දී වෛශාලි සහ ප්‍රඥානානන්ද ජාතික ශූරතාව දිනාගත් අතර , ශ්‍රී ලංකාවේ හික්කඩුවේදී පැවති ආසියානු යොවුන් ශූරතාවලියට සුදුසුකම් ලැබූහ. එකල පවුලේ මූලික සැලකිල්ල වූයේ තිදෙනෙකුගේ ගමන් වියදම් සඳහා මුදල් එකතු කිරීමයි. ඔවුන් අරමුදල් සපයා ගැනීමට සමත් වූ අතර , අවුරුදු 12 න් පහළ බාලිකා වෛශාලි ජයගහණය කළ අතර, අවුරුදු 8 න් පහළ බාලක ප්‍රඥානන්ද ජයග්‍රහණය කළේය.
    6.webp

    ekatath ekka ape adu kule parayo "amuku dumuku amal dumal"", dam rajina, kaha rajina kiyagena bus passen gon atha digena innawa
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    • Like
    Reactions: NRTG and SLK_sri