වෙනත් පැණි රස ආහාර තරම් ගැටලු ඇති කිරීමේ ප‍්‍රවණතාවක් චොකලට් වලට නොමැතිය. පෙම්වතුන්ගේ ආහාරයක් ලෙස සැලකුවද චොකලට් සතු බොහෝ සෞඛ්‍යමය ගුණ හිමි බව වෛද්‍ය පර්යේෂණ සනාථ කර ඇත. හෘදයට ගුණ, පිළිකා වළකන ප‍්‍රතිශක්තිය (රෝග මර්දන හැකියාව) ට අතදෙන පලතුරු - එළවළු තරම්ම පෝෂ්‍යදායී ආදී වශයෙන් පසුගිය කාලය තුළ සහතික රාශියක්ම චොකලට් වලට ලැබිණි.චොකලට් සතු ප‍්‍රති - ඔක්සිකාරක ගුණය පිළිබඳව සැක නොමැති තරම්ය. කොකෝවා කියොබ්‍රෝම් කැකඕ Theobroma Cacao යන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන ගසේ ඵලයේ ඇටවලින් තැනෙන නිසාම චොකලට් සලකනු ලබන්නේ ශාකමය ආහාරයක් ලෙසට.
එනිසාම වෙනත් ශාක ආහාර වලින් ලැබෙන සෞඛ්‍යයට හිතකර ආහාර ඛණ්ඩ එතුළින් බහුලය. සුලබය.ශරීර සෞඛ්‍යයට හිතකර ප‍්‍රති - ඔක්සිකාරක ගුණ පිරුණු ෆ්ලෙවනොයිඩ්ස් ගණනාවක් ෆ්ලැවනෝල්ස් නමින් කොකෝවා ඇට තුළ වෙයි. මේ ෆ්ලැවුනෝල්ස් අතර පේරාසයින් ඩීන්ස්, එපිකැටෙඩින්ස් සහ කැටෙස්න්ස් අයත්ය. විද්‍යාඥ කැරල්ඩ් එමිටිස් පවසන්නේ මේ ෆ්ලෙවනොයිමින් තම ලේ තුළ ඉහළ මට්ටමකින් තිබෙන අයට හෘදය රෝග පෙනහලු පිළිකා, පුරස්ථි ග‍්‍රන්ථි පිළිකා, ඇදුම සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම පහළ බසින බවය.
පෙන් ජනපද සරසවියේ පෙනී කි‍්‍රස් එතර්ටන් නමැති විද්‍යාඥයා ද කොකෝවා පිටි වල මෙන්ම චොකලට් වල ගුණද සිය පර්යේෂණ මඟින් ගනණය කරගෙන ඇත්තේ ලේ තුළ නරක (එල්. ඩී. එල්.) කොලෙස්ටරෝල් මට්ටම අඩුකළ හැකි හොද (එච්. ඩී. එල්.) කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට මෙන්ම ලේ තුළ ප‍්‍රති – ඔක්සිකාරක ගුණය ඉහළ නැංවීමට සමත් ලෙසටය.චොකලට් තුළ මේදය තිබේ නම් ඒ නිසා එය හොඳද? මේ පැනය සාධාරණය. කතාව ඇත්තය. කොකෝවා මේදය රසායනිකව සතෘප්ත මේදය වුව ද එහි වැඩිපුර ඇත්තේ ස්ටියරක් අම්ලය නිසා කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීම දායකත්වයක් නොදෙයි.චොකලට් පිළිබඳ කළ තවත් පර්යේෂණයක දී හෙළි කර ගෙන ඇත්තේ රුධිරය කැටිගැසීමේ හැකියාව ඒ සතු බවය.
ධමනි නාළ තුළ ඝනවීම් පාලනයට සමත් බවද වාර්තා වෙයි. එනිසාම එය ආඝාත (අංශභාග) සහ හෘදයාබාධ තර්ජනය ගැන බියෙන් සිටින අයට සුභාරංචියක්ද වෙයි. මෙම කාර්යයේදී ඇස්පි‍්‍රන් ඉටුකරන මෙහෙයට සමත් මෙහෙයක් ඉටු කිරීමට කොලෙස්ටරෝල් සමත් බව විද්‍යාඥයන්ගේ අදහසයි. පසුගියදා ඇමරිකානු වෛද්‍ය සඟරාවේ පළවූ ජර්මන් විද්‍යාඥ කණ්ඩායම් දෙකක පර්යේෂකයින් මගින් රුධිර පීඩනය අඩුකිරීමේ හැකියාවද චොකලට් සතු බවට ඉඟි ලැබී තිබිණි.වෙනත් පැණිරස ආහාර මෙන් දත් දිරායාම හෝ දන්ත ව්‍යසනය ඇති කිරීමට චොකලට් සමත්වන බවට පවතින මතය බිඳ වැටෙමින් පවතී. දත මත රැඳුනද ඉක්මනින් දතින් ඉවත්වයෑමට ඒ සතු හැකියාවත්. දන්ත පථ මත බැක්ටිරියානු වර්ධනය අධෛ¸මත් කරන රසායනික තිබීමත් නිසා චොකලට් මෙම චෝදනාවෙන් යම් තරමකට නිදහස්ව තිබේ. චොකලට් නිෂ්පාදනයේදී එයට එක් කරන ඇලෙන සුළු සීනි මිශිත ද්‍රව්‍ය නිසා චොකලට් වලට පූර්ණ නිදසුනක් මෙම චෝදනාවෙන් ලැබීම උගහටය.
මේ අතර කොකෝවා ඇට තුළ ඇති සමහර ෆ්ලවනොයිඩ රසායනිකවලට රුධිර නාළ නම්‍යශීලි භාවය ඉහළ දැමීමට ඇති හැකියාවද සෞඛ්‍යමය වශයෙන් ඉතා හිතකර වූවකි. එමගින් රුධිර නාළ තුළ මේද තැන්පත් වීම පහත හෙළීමටත් එහි ප‍්‍රතිඵලය ලෙස හෘදයාබාධ හා අංශභාගය මෙන් ම රුධිර නාළ ගත වෙනත් රෝග තත්ත්වයන් ඇතිවීම අඩු කිරීමටත් එය සමත් බව පෙනෙයි.චොකලට් කෑම නිසා යෞවන යෞවනියන්ගේ මුහුණ මත කුරුලෑ ඒම වැඩිවන බවට පැවති අදහස නිකම්ම නිකම් මිථ්‍යාවක්ව ඇත. එසේම චොකලට් කෙනෙක්ව ඇබ්බැහි කර ගන්නා ආහාරයක් බවට පළවන මතභේද සත්‍යයක් හෙළිදරව් වී නොමැත. චොකලට් වල රසයට ඇල්මක් මිස එහි ඇති රසායනික වලට වහල්වීමක් නොවන බව විද්‍යාඥයන්ගේ අදහස යි.එසේ වුවද චොකලට් බෙදාගෙන යනවා මිස බදා ගෙන කෑම නම් නොකළ යුතුය. අප ආහාරයට ගන්නා චොකලට් වලට කිරි, සීනි පොල් ආදිය එක්කර ඇත.එනිසාම එය ශක්තියෙන් අධිකය. මේදය අධිකය. වැඩි වැඩියෙන් චොකලට් කෑවොත් ඇග මහත්වී තරබාරුවට මඟ කපනු ඇත. එහෙත් චොකලට් කෑල්ලක් - දෙකක් කෑම එවැනි අනතුරකින් තොරව ගුණයෙන් අපට උපකාරී වන බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
තුසිත මලලසේකර

