චොක්ලට් සිහින දුටු ළමා කතා රජ්ජුරුවෝ
දුවලා පුතාලා ‘චාලි සහ චොක්ලට් කම්හල’ ළමා කතාව කියවලා තියනවද? එහෙම නැතිනම් දඟකාර ගැහැණු ළමයෙකුගේ අපූරු තොරතුරු ඇතුළත් ‘මැටිල්ඩා’ ළමා කතාව කියවලා තියනවද? ඔයාලා දන්නවද මේ පොත් දෙක ඇතුළු තව බොහෝ ආකර්ශනීය ළමා කතා රැසක් ලියූ ලෝ ප්‍රකට ලේඛක ‘රෝල් ඩාල් ගැන’? අද අපි ඔහුගේ ළමාවියට ළංවී බලමු.රෝල් ඩාල් උපන්නේ 1916 සැප්තැම්බර් 13 වන දින දකුණු වේල්සයේ කාර්ඩිෆ් හිදීය. ඔහුගේ දෙමව්පියෝ නෝර්වීජියානු ජාතිකයින් වූහ. පියා හැරල්ඩ් ඩාල් වූ අතර මව සොෆී මග්දලින් හෙසෙල්බර්ග් වූවාය. රෝල්ට සහෝදරියන් පස් දෙනෙකු සහ එක් සහෝදරයෙක් විය. රෝල්ට අවුරුදු හතරේදී ඔහුගේ වැඩිමහල් සොයුරිය ඇස්ටි්ර, ඇපන්ඩික්ස් රෝගය වැළඳීමෙන් මිය ගියාය. එය පවුලේ සියලු දෙනාට විශාල කණගාටුවක් ගෙන දුන් අතර රෝල්ගේ පියාට එය බෙහෙවින්ම දරාගත නොහැකි විය. ඔහුගේ ප්‍රියතම දියණිය වූ ඇස්ටි්රගේ මරණයෙන් සති තුනකට පසුව පියා ද මිය ගියේ රෝල්ගේ පවුලට විශාල කම්පනයක් ඇති කරමිනි. ඉන්පසු තනි වූ රෝල්ගේ මවට දරුවන් පස් දෙනෙකු රැක බලා ගැනීමට සිදු වූවාය. ධෛර්යවත් කාන්තාවක වූ ඇය සියලු ඉඩ කඩම් හා නිවසද විකුණා රෝල් ඇතුළු දරුවන් පස් දෙනාද සමග නෝර්වේ බලා පිටත් වූවාය. එය මවගේ උපන් බිම විය. එහිදී මවගේ මව (රෝල් හැඳින් වූයේ බෙස්ටෙ මමා), මවගේ පියා (බෙස්ටෙ පපා) සහ මවගේ අවිවාහක සොයුරියන් දෙදෙනා ද වූහ.ඔවුහු රෝල්ගේ මවට බෙහෙවින් උපකාර කළහ. රෝල්ගේ පියාගේ අරමුණ වී තිබුණේ රෝල් හා අනෙක් දරුවන් ඉංග්‍රීසි පාසල්වලට ඇතුළත් කර වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. මිය ගිය පියාගේ අරමුණ ඉෂ්ඨ කිරිමට සිතූ රෝල්ගේ මව වේල්සයේ සිට එංගලන්තය බලා පැමිණියාය. ආර්ථික අපහසුකම් ද තිබූ නිසා ඇය ලන්ඩන් හි කුඩා නිවසක් මිල දී ගෙන එහි පදිංචි වූවාය.රෝල් අවුරුදු හයේදී පළමුවරට බාලාංශ පංතියකට ඇතුළත් කරන ලදී. ඔහුගේ පළමු පාසල ‘එල්ම්ටී්ර හවුස්’ නම් විය.
රෝල්ට ‘එල්ම් ටී්ර’ පාසලේ ජීවිතය එතරම් ම මතකයේ නැත. නමුත් ඔහුට එක් සිදුවීමක් බොඳ වූ චිත්‍රයක් සේ මතකය. ඒ ඔහු දිනක් ‘එල්ම් ටී්ර’ පාසලේ පඩි පෙළක නැවතී ලිහුණු සපත්තු ලේස් පටියක් නැවත ගැට ගැසූ සැටියි. ඔහු මෙම පාසලට ගියේ රෝද තුනේ බයිසිකලයක් පැදගෙනය. ඔහු සමඟ එහි ගිය වැඩිමහල් සොයුරියට ද එවැනි ම බයිසිකලයක් විය. අවුරුදු 7 දී රෝල් ඔහුගේ නිවස අසල පිහිටි පිරිමි ළමයින්ගේ පාසලකට මව විසින් ඇතුළත් කරනු ලැබුවේය. එය ‘ලැන්ඩෆ් කැතඩ්‍රල් කොලේජ්’ නම් විය. නිවසට ඉතා ළඟින් පිහිටි නිසා ඔහු පයින්ම පාසලට ගමන් කළේය. මේ පාසලේ ඉගෙන ගත් අවුරුදු 12 ක පමණ සිසුවෙක් දිනපතාම බයිසිකලයකින් පාසලට පැමිණෙන අයුරු රෝල් බලා සිටියේ ආශාවෙනි. ඔහු බයිසිකලය පදිමින් විවිධ සර්කස් ද දැක්වූයේය. අත් දෙක අත්හැර වේගයෙන් කඳු පල්ලම් නගිමින් බහිමින් ඉතා විනෝදයෙන් මේ සිසුවා යන එන හැටි කුඩා රෝල් බලා සිටියේ මුව අයාගෙන ඇස් ලොකු කර ගෙනය. මේ සිසුවාගේ බයිසිකල් විජ්ජාවලට රෝල් කෙතරම් වශී වුණාද කිවහොත් ඒ දිනවලදී ඔහුගෙන් කිසියම් වැඩිහිටියෙක් ‘පුතා ඔයාගේ අනාගත බලපොරොත්තු මොකක්ද?’ කියා ඇසුවහොත් රෝල් දෙන පිළිතුර වන්නේ කුමක්දැයි ඔබට සිතා ගත හැකිද? “මගේ අනාගත බලාපොරොත්තුව දක්ෂ සංගීතඥයෙක් වීම, නැත. චිත්‍ර ශිල්පියෙක් වීම, නැත. වෛද්‍යවරයෙක් වීම, නැත. ලේඛකයෙක් වීම නැත. ඒ කිසිවක් නොවේ. ඔහුගේ එකම එක බලාපොරොත්තුව වී තිබුණේ වැඩිහිටි සිසුවා මෙන් හැඬලයෙන් අත්දෙක අත්හැර සිවුරුහම් බාමින් කඳු බෑවුම් අතර වේගයෙන් බයිසිකල් පැද යාමයි.මෙම පාසලේදී ඔහු යහළුවන් සමඟ එක් වී කළ දඟකාරකම් වලට දැඩි දඬුවම් දුන් ප්රැෂෙට් මහත්මිය පසු කලෙක ඔහු ලියූ ‘මැටිල්ඩා” කතාවේ ට්‍රන්ච්බුල් නමැති නපුරු ගුරුවරිය බවට පත් වූවාය.අවුරුදු 9 දී රෝල් නේවාසික පාසලකට ඇතුළත් කරන ලදී. එය ශාන්ත පීතර විද්‍යාලය විය. මේ පාසලේ දැඩි නීති රීති විය. සෑම ඉරු දිනකම දහවල් කාලය වෙන් වූයේ මෙම නේවාසික සිසුන්ට තම නිවසට ලියුම් ලිවීම සඳහායි. පාසලේ ප්‍රධාන ගුරුවරයා විසින් මේ සෑම ලියුමකම අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ අඩුපාඩු පිරික්සන ලදී.
වරක් රෝල් විසින් night (රාති‍්‍රය) යන්න ලියුවේ knight ලෙසිනි. එවිට එහි තේරුම වෙනස් වන නිසා ඔහුට ගුරුවරයාගෙන් බැණුම් අසන්නට සිදුවිය.වයස අවුරුදු 13 දී රෝල් රෙප්ටන් විදුහලට ඇතුළත් කරන ලදී. එහිදී ඔහුට ඉතා රසවත් අත්දැකීමක් ලැබුණි. ඒ රසම රස කැඩ්බරි චොක්ලට් වල රස පරීක්ෂා කිරීමට ලැබුණු අවස්ථාවයි. විවිධ හැඩයෙන් සහ රසයෙන් යුක්ත කැඩ්බරි චොක්ලට් පෙති 12 ක් අඩංගු චොක්ලට් පෙට්ටිය බැගින් රෙප්ටන් පාසලේ සිසුන් වෙත එම චොක්ලට් සමාගම විසින් එවන ලද්දේ ඔවුන්ගේ නව නිෂ්පාදනවල රස පරීක්ෂා කර බලා ගුණ දොස් දැන ගැනීමටයි. එම චොක්ලට් රසයෙන් රෝල් කෙතරම් මත්වූවාද කිවහොත් ඔහු චොක්ලට් ගැන සිහින මවන්නට විය. තමන් විශාල චොක්ලට් කම්හලක අයිතිකරුවෙක් ලෙස සිතන්නට ඔහු කැමති විය. චොක්ලට් පර්යේෂණාගාරයක් ඔහු චිත්‍රයට නැගුවේය. නව චොක්ලට් නිපැයුම් සඳහා පර්යේෂණ කරමින් අත්හදා බලමින් එතුළ ගැහැණු සහ පිරිමි වෙති. තමන් ද එතුළට වී චොක්ලට් ගැන අත්හදා බැලීම් කරමින් සිටියදී හදිසියේම ඉතා රසැති අලුත්ම චොක්ලට් වර්ගයක් නිපදවීමට හැකිවන අයුරුත් තමන් එම චොක්ලට් පෙත්ත රැගෙන ප්‍රීතියෙන් කෑගසමින් දිව යන අයුරුත් ඔහුගේ සිහින කල්පනා අතර මැවෙන්නට විය ඔහුගේ මෙම රසබර සිහින කල්පනා පසු කලෙකදී ‘චාලි සහ චොකලට් කම්හල’ නමින් අපූරු රසවත් ළමා කතන්දරයක් ලෙස නිර්මාණය විය. ඔහුගේ චොක්ලට් සිහිනයෙන් උපන් ‘චාලි සහ චොක්ලට් කම්හල’ 20 වන සියවසේ රචිත හොඳම ළමා ග්‍රන්ථය බවට ද පත් විය. 20 වන සියවසේ ළමා කතා රජ්ජුරුවන්ගේ ළමාවිය මෙවැනි රසබර සිදුවීම් මැද ගලා ගියේය